BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පෝලන්තයේ හමුදා ශක්තිය වර්ධනය කෙරේ

T

The Leader Desk

November 6, 2025 • 2:58 PM

පෝලන්තයේ හමුදා ශක්තිය වර්ධනය කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෝලන්තය, මෙම මස නව හමුදා පුහුණු වැඩසටහනක් අරඹයි. එන වසරේ, හමුදා සෙබළුන් 400,000ක් පුහුණු කිරීම ඉලක්ක කර
  • සන්නද්ධ සෙබළුන්  216,000කින් යුත් යුද හමුදාවක් පෝලන්තය සතුය.
  • ඉදිරි දශකයේදී එම සංඛ්‍යාව 33%කින් ඉහළ නැංවීම පෝලන්තයේ අපේක්ෂාවයි.
  • "සූදානමේ පසුවේ" (At Readiness) යනුවෙන් නම් කර ඇති නව වැඩසටහන, එරට ඉතිහාසයේ මෙතෙක් ක්‍රියාත්මක සුවිසල්ම හමුදා පුහුණු වැඩසටහන වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දියත් කෙරෙන විශ්ෂ ව්‍යාපෘතියෙක පියවරක් ලෙස එය ක්‍රියාත්මකය.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම අබියස, වත්මන, පෝලන්තය එරට දල දේශීය නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් ආරක්ෂාව පිණිස ආයෝජනය කර සිටී.  

නැටෝ (NATO ) සාමාජික රටවල් අතරින් වැඩිම ආරක්ෂක පිරිවැයක් දරන රට එය වේ. සන්නද්ධ සෙබළුන්  216,000කින් යුත් යුද හමුදාවක් පෝලන්තය සතුය. නැටෝ සාමාජිකත්වයේ තෙවන විශාලතම හමුදාව ද එයයි. ඉදිරි දශකයේදී එම සංඛ්‍යාව 33%කින් ඉහළ නැංවීම පෝලන්තයේ අපේක්ෂාවයි.

"සූදානමේ පසුවේ" (At Readiness) යනුවෙන් නම් කර ඇති නව වැඩසටහන, එරට ඉතිහාසයේ මෙතෙක් ක්‍රියාත්මක සුවිසල්ම හමුදා පුහුණු වැඩසටහන වේ.  ඊට මූලික ආරක්ෂක පාඨමාලාවක්, වෛද්‍ය උපදේශන, දිවි ගලවා ගැනීමේ සහ සයිබර් සුරක්ෂා පුහුණුවක් ද ඇතුළත්ය. එය, පාසල් සිසුන්, වැඩකරන ජනතාව, සමාගම් සේවකයින්, සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැනි ඕනෑම තරාතිරමක පෝලන්ත ජාතිකයකුට ස්වේච්ඡාවෙන් සහභාගී විය හැකි පුහුණු වැඩසටහනකි.

ඒ අනුව, මෙම මස සහ දෙසැම්බරයේදී පමණක් ඒකල පුහුණුව යටතේ පුද්ගලයින් 20,00කට හමුදා පුහුණුව හිමිවේ. එම කාලය තුළ, සියලු මට්ටමේ පුහුණුවීම් සඳහා 100,000කට අධික පිරිසක් බඳවා ගැනේ.  

පුහුණු වැඩසටහනේ අනුසාංගික පාඨමාලාවක් වන "හමුදාව සමග අධ්‍යාපනය" විෂය යටතේ එන වසරේ, පුද්ගලයින් 400,000ක් වෙත කණ්ඩායම් වශයෙන් පුහුණුව හිමිවේ.

ස්වේච්ඡා හමුදා සේවය පෝලන්තයේ අනිවාර්ය කර තිබේ.

පෝලන්ත වැසියන්ගේ සහ ප්‍රජා කොටස්හි  ශක්‍යතා වර්ධනය සහ හමුදා සේවය පිණිස පූර්ණ සූදානම  පුහුණු පාඨමාලාවේ අපේක්ෂාවයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/06/2025


මුලාශ්‍රය :

Poland launches new military training programme, aims to train 400,000 in 2026


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...