BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

දිල්ලි ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ප්‍රමාද වේ

T

The Leader Desk

November 7, 2025 • 8:54 AM

දිල්ලි ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ප්‍රමාද වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ දිල්ලි ගුවන් තොටුපොළේ සියලු ගුවන් ගමන් අද (07) දැඩි ප්‍රමාදයට ලක්ව තිබේ.
  • ගැටලුව හේතුවෙන් සිය ගමන් වාර බොහෝ ප්‍රමාද වන බව ඉන්ඩිගෝ (IndiGo), එයාර් ඉන්ඩියා (Air India) සහ ස්පයිස් ජෙට් (Spicejet ) ගුවන් සේවා දන්වා සිටිති.
  • ගුවන් යානා පිටත්වීම් සහ ළඟාවීම්, පොරොත්තු කාලසටහන් ඉක්මවා යන බව ගුවන් ගමන් පාලනාධිකාරිය විසින් දැනුම් දී තිබේ.
  •   තාක්ෂණික දෝෂය හේතුවෙන් අද උදෑසන ගුවන් යානා 70ත් 80ත් අතර සංඛ්‍යාවක පිටත්වීම්  මිනිත්තු 30කට අධික කාලයකින් ප්‍රමාද විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගුවන් ගමන් පාලන පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇත.

ගැටලුව හේතුවෙන් සිය ගමන් වාර බොහෝ ප්‍රමාද වන බව ඉන්ඩිගෝ (IndiGo), එයාර් ඉන්ඩියා (Air India) සහ ස්පයිස් ජෙට් (Spicejet ) ගුවන් සේවා දන්වා සිටිති. ගුවන් යානා පිටත්වීම් සහ ළඟාවීම්, පොරොත්තු කාලසටහන් ඉක්මවා යන බව ගුවන් ගමන් පාලනාධිකාරිය විසින් දැනුම් දී තිබේ.

ගුවන් ගමන් පාලන දත්ත හා සහසම්බන්ධිත ස්වයංක්‍රීය පණිවුඩ හුවමාරු පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයක්, තාක්ෂණික දෝෂයට හේතුවයි.

 

air delhi
තාක්ෂණික දෝෂය හේතුවෙන් අද උදෑසන ගුවන් යානා 70ත් 80ත් අතර සංඛ්‍යාවක පිටත්වීම්  මිනිත්තු 30කට අධික කාලයකින් ප්‍රමාද විය. එහි සාමාන්‍යය මිනිත්තු 55 ද ඉක්මවා ඇතැයි, ෆ්ලයිට්රාඩාර් 24 ( Flightradar24) වෙබ් අඩවිය සඳහන් කරයි. ගැටලුව මත ඊයේ දිනයේද, ගුවන් යානා 25ක්  ප්‍රමාදයට ලක් විය.

දිල්ලි ගුවන් තොටුපොළ පැයකට ගුවන් ගමන් 60 - 70 අතර සංඛ්‍යාවක් මෙහෙයුම් කරයි.  

අද, දිල්ලි ගුවන් තොටුපොළේ සිට රෝමය බලා පියාසර කිරීමට නියමිත අයි.ටී.ඒ. ගුවන් සේවයට (ITA Airways)  අයත් ගුවන් යානයක් පැය 2කට අධික කාලයක් ප්‍රමාදයට ලක් විය. ලන්ඩන් බලා පියාසර කෙරුණු වර්ජින් ඇට්ලන්ටික් (Virgin Atlantic) ගුවන් යානයක් ද පැයකට අධික කාලයක් ප්‍රමාද විය. වැඩිම ප්‍රමාදයන්ට ලක්වූයේ එරට වේලාවෙන් පෙ.ව.6.00ත්, පෙ.ව.8.00ත් අතර පිටත්වීමට නියමිතව පැවති ගුවන් යානා බව වාර්තා වේ.

 

ඉකුත් වසරේ, දිල්ලි ගුවන් තොටුපොළ මගීන් මිලියන 78කට අධික සංඛ්‍යාවක් මෙහෙයවීය. එය ලොව 09 වන කාර්ය බහුලම ගුවන් තොටුපොළ වේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/07/2025

Flights delayed at Delhi airport after technical glitch

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...