BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පෙරු හිටපු අගමැතිනි බෙට්සිට රටින් පිටවීම තහනම්

T

The Leader Desk

November 8, 2025 • 5:03 AM

පෙරු හිටපු අගමැතිනි බෙට්සිට රටින් පිටවීම තහනම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරු දේශයේ හිටපු අග්‍රාමාත්‍යවරිය, බෙට්සි චාවේස් (Betssy Chavez) හට රටින් පලා යාමට ඉඩ නොදෙන බව රජය ඊයේ (07) නිවේදනය කළේය.
  • 2022 වසරේ, පෙරු  හිටපු ජනපති, පෙද්‍රෝ කැස්ටිලෝ (Pedro Castillo) හට එරට කොන්ග්‍රසය විසුරුවා හැරීමට සහාය දැක්වීම සම්බන්ධයෙන්, බෙට්සි අපරාධ චෝදනාවන්ට ලක්ව සිටින්නීය.
  •  2023 වසරේ සිට සිරදඬුවමට ලක්වූ බෙට්සි, විනිසුරුවකු විසින් ඉකුත් සැප්තැම්බරයේ ඇප පිට නිදහස් කෙරිණි.
  • ඊයේ මේ පිලිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කළ පෙරු විදේශ අමාත්‍යංශය බෙට්සි හට දේශපාලන රැකවරණ පිරිනැමීම සම්බන්ධයෙන් මෙක්සිකෝව දැඩි විවේචනයට ලක් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇයට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ හිමිව  තිබේ.

2022 වසරේ, පෙරු  හිටපු ජනපති, පෙද්‍රෝ කැස්ටිලෝ (Pedro Castillo) හට එරට කොන්ග්‍රසය විසුරුවා හැරීමට සහාය දැක්වීම සම්බන්ධයෙන්, බෙට්සි අපරාධ චෝදනාවන්ට ලක්ව සිටින්නීය.

ධුරයෙන් නෙරපා හැරුණු කැස්ටිලෝ, තවමත් අත්අඩංගුවේ පසුවේ.  2023 වසරේ සිට සිරදඬුවමට ලක්වූ බෙට්සි, විනිසුරුවකු විසින් ඉකුත් සැප්තැම්බරයේ ඇප පිට නිදහස් කෙරිණි.

 

pedroපෙද්‍රෝ කැස්ටිලෝ

අනතුරුව ඇය දේශපාලන රැකවරණ පතා එරට මෙක්සිකෝ තානාපති කාර්යාලය වෙත පලා ගියාය.

ඊයේ මේ පිලිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කළ පෙරු විදේශ අමාත්‍යංශය බෙට්සි හට දේශපාලන රැකවරණ පිරිනැමීම සම්බන්ධයෙන් මෙක්සිකෝව දැඩි විවේචනයට ලක් කළේය. මෙක්සිකෝව, අපරාධකරුවන්ට දේශපාලන රැකවරණ පිරිනැමීමට ගත් තීරණය, ජාත්‍යන්තර දේශපාලන රැකවරණ පැතීමේ සැබෑ අරුත විකෘති කිරීමකැයි, එහි සඳහන්ය.

ඉදිරියේ, එවන් අනර්ථයන් සිදු නොවන තැනට ඒ සම්බන්ධ ප්‍රඥප්තීන් වෙනස් කිරීමට  ඇමෙරිකානු රාජ්‍ය පිලිබඳ සංවිධානයට ( Organization of American States) බල කරන බව  පෙරු විදේශ අමාත්‍යංශ නිවේදනයේ දැක්වේ.

පෙරු දේශයේ කියුබානු තානාපති,  කර්ලොස් සැමෝරා (Carlos Zamora) ද සිය ධුරයේ කටයුතු අවසන් කොට රටින් පිටව ගොස් තිබේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/08/2025


මුලාශ්‍රය :

Peru denies ex-PM seeking asylum safe passage to Mexico

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...