BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඇෆ්ඝනිස්ථාන - පාකිස්ථාන සාම කතා බිඳ වැටේ

T

The Leader Desk

November 9, 2025 • 3:12 PM

ඇෆ්ඝනිස්ථාන - පාකිස්ථාන සාම කතා බිඳ වැටේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ඝනිස්ථානය සහ පාකිස්ථානය අතර සාම සාකච්ඡා බිඳ වැටේ. එසේ වුව, දෙරට අතර සටන් විරාමය තවදුරටත් ක්‍රියාත්මක ය.
  • පාකිස්ථානයේ ඉල්ලීම ඇෆ්ඝනිස්ථාන ශක්‍යතා සීමාවෙන් ඔබ්බෙහි පවතින්නක් බව, එරට රාජ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිඩ් (Zabihullah Mujahid)  කියයි.
  • එහි තිරසර බව පිලිබඳ විමසිල්ලෙන් පසුවන බව ද, හෙතෙම අවධාරණය කරයි.
  • සාම කතාබහ බිඳවැටුණු බව සිකුරාදා (07), පාකිස්ථාන  ආරක්ෂක අමාත්‍ය, ඛ්වාජා මුහම්මද් අසිෆ් (Khawaja Muhammad Asif ) නිල වශයෙන් දැනුම් දුනේය.
අකුරු ප්‍රමාණය (Font Size):


 පාකිස්ථානයේ අභ්‍යන්තර ආරක්ෂාව පළුදු  කිරීමේ වගකීම ඇෆ්ඝනිස්ථානය විසින් භාරගතයුතු බවට ඉස්ලාමාබාද් රජය අවධාරණය කිරීමත් සමග, සාම  සාකච්ඡා අවසන් කළ බව, ඇෆ්ඝනිස්ථානය පවසයි.

පාකිස්ථානයේ ඉල්ලීම ඇෆ්ඝනිස්ථාන ශක්‍යතා සීමාවෙන් ඔබ්බෙහි පවතින්නක් බව, එරට රාජ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිඩ් (Zabihullah Mujahid)  කියයි.  

කෙසේ වෙතත්, දෙරට අතර ක්‍රියාත්මක සටන් විරාමය, සිය පාර්ශ්වය විසින් මේ දක්වා උල්ලංඝනය කර නැතැයි, ඔහු වැඩි දුරටත් කියා සිටී. එහි තිරසර බව පිලිබඳ විමසිල්ලෙන් පසුවන බව ද, හෙතෙම අවධාරණය කරයි.

දෙරට දේශ සීමා ආසන්නයේ නව ගැටුම්  වළක්වාලනු  පිණිස එම සාම සාකච්ඡා ආරම්භ විය. සාම කතාබහ බිඳවැටුණු බව සිකුරාදා (07), පාකිස්ථාන  ආරක්ෂක අමාත්‍ය, ඛ්වාජා මුහම්මද් අසිෆ් (Khawaja Muhammad Asif ) නිල වශයෙන් දැනුම් දුනේය. එහෙත්, ඇෆ්ඝන් භූමියේ සිට නව ප්‍රහාර එල්ල නොවන තාක්, සටන් විරාමය සුරැකෙන බව ඔහු කියා සිටියේය.

ඉස්තාන්බුල් අගනුවර සාම සාකච්ඡා ඇරඹි බ්‍රහස්පතින්දා (06) දිනයේද, දෙරට දේශ සීමා අතර වෙඩි හුවමාරු සිදු විය.

ඊයේ (08) තුර්කි ජනපති, ටයීප් එර්ඩොගාන් (Tayyip Erdogan), බාකු නුවරදී පාකිස්ථාන අග්‍රාමාත්‍ය, ෂෙබාස් ෂරිෆ් (Shehbaz Sharif ) හමු විය. පාකිස්ථානය සහ ඇෆ්ඝනිස්තානය අතර තිරසර  ද්වීපාර්ශ්වීය සාමය  උදෙසා මැදහත්කරුවකු සේ කටයුතු කරන බව තුර්කි ජනපති එහිදී කියා සිටියේය.

ඉකුත් මස, පාකිස්ථාන - ඇෆ්ඝනිස්ථාන හමුදා අතර ඇවිළි ගැටුම්වලින් විශාල පිරිසක් මරු මුවට පත් වූහ. එය, 2021 වසරේ තලිබාන් රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙතෙක් හටගත් දරුණුතම භීෂණ සමය සේ සැලකේ.

පසු ගිය දෝහා නුවරදී දෙපාර්ශ්වය විසින් ම සටන් විරාම ගිවිසුමකට අත්සන් තැබිණි. එහෙත්, පාකිස්ථානයට තර්ජන එල්ල කරමින් ඇෆ්ඝනිස්ථානයේ සිට ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් පිලිබඳ එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙන් දෙවන වටයේ  සාම කතා බහට තිත තැබිණි.

දශක ගණනක් තිස්සේ, දෙරට උණුසුම් ද්වීපාර්ශ්වීය මිත්‍රත්වයේ පසු විය. එහෙත්, මෑත කාලීනව එම සබඳතා බිඳ වැටිණි. ඉකුත් මස ආරම්භයේදී, පාකිස්ථාන තලිබාන් නායකයා සොයා, පාකිස්ථාන ගුවන් හමුදාව ඇෆ්ඝන් දේශ සීමා උල්ලංඝනය කරමින් ප්‍රහාර එල්ල කිරීමත් සමග දෙරට අතර ගැටුම් උත්සන්න විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/09/2025

මුලාශ්‍රය :

Afghanistan-Pakistan peace talks collapse, ceasefire continues, Taliban says

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...