BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

දිල්ලියේ රතු බලකොටුව අසල පිපිරීමක් ! නමදෙනෙකු මියගිහින්

T

The Leader Desk

November 11, 2025 • 4:23 AM

දිල්ලියේ රතු බලකොටුව අසල පිපිරීමක් ! නමදෙනෙකු මියගිහින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෝටර් රථයක් පුපුරා යාමෙන් පසු ඒ අසල තිබූ තවත් වාහන කිහිපයක් ගිනිගෙන විනාශ විය
  • දිල්ලි ගිනි නිවීම් සේවය බීබීසී හින්දි සේවය වෙත ප්‍රකාශ කර ඇත්තේ එහි මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල මෙම පිපිරීම සිදුව ඇති බව ය.
  • රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල මෝටර් රථයක පිපිරීමක් සිදු වූ බවට දැනුම් දෙමින් එම ඇමතුම ලැබුණු බව ඔවුන් පවසා තිබේ.
  • පිපිරීමෙන් පසු, ආසන්න වශයෙන් වාහන හයක් ගිනිගෙන ඇති අතර, අසල තිබූ වාහනවලට ද හානි සිදුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දියාවේ දිල්ලි නුවර රතු බලකොටුව අසල මෝටර් රථයක පිපිරීමක් සිදුවී තිබේ. දිල්ලි ගිනි නිවීම් සේවය බීබීසී හින්දි සේවය වෙත ප්‍රකාශ කර ඇත්තේ එහි මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල මෙම පිපිරීම සිදුව ඇති බව ය.

දිල්ලි ගිනි නිවීම් සේවය බීබීසීයට තහවුරු කළේ, ඊයේ (10) සවස 6:55ට තමන් වෙත ඇමතුමක් ලැබුණු බව ය.

රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල මෝටර් රථයක පිපිරීමක් සිදු වූ බවට දැනුම් දෙමින් එම ඇමතුම ලැබුණු බව ඔවුන් පවසා තිබේ.

පිපිරීමෙන් පසු, ආසන්න වශයෙන් වාහන හයක් ගිනිගෙන ඇති අතර, අසල තිබූ වාහනවලට ද හානි සිදුව ඇත.

අනතුරුව එම ස්ථානය වෙත ගිනි නිවන රථ හතක් යැවූ බව දිල්ලි ගිනි නිවන සේවය පැවසීය.



india රාජ්ධර් පාණ්ඩේ නම් ප්‍රදේශවාසියෙකු පැවසුවේ ඉතා විශාල පිපුරුම් හඬක් තමාට ඇසුණු බව ය
පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් නම දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ය.

ඉන්දීය මාධ්‍යවලට අනුව, අගනුවර මෙන් ම මුම්බායි නගරයේ ද ආරක්ෂාව දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

රොයිටර්ස් පුවත් සේවයට අනුව, පිපිරීමට හේතුව පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් තහවුරු කර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රාජ්ධර් පාණ්ඩේ නමැති ප්‍රදේශවාසියෙකු ANI ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ, "අපි ගිනිදැල් නැගෙනවා දැක්කා... මගේ ටෙරස් එකට පෙනුනා," යනුවෙනි. ඊට පස්සේ මම පහළට ආවා මොකද වෙන්නේ කියලා බලන්න. විශාල ශබ්දයක් ඇහුණා. බිල්ඩින් එකේ ජනෙල් හෙළවුණා. මගේ ගෙදර තියෙන්නේ ගුරුද්වාරා ළඟ."


මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බලකාය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම පිපිරීමත් සමග මුම්බායි, කොල්කටා, බැංගලෝර්, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද් සහ උත්තර් ප්‍රදේශ් වල ආරක්ෂාව තර ඇති අතර ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපොළවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සැලවූ සැනින් තමන් මහත්සේ කම්පනයට පත්වූ බවය.

naren

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටා ඇති රතු බලකොටුව විශාල සංචාරක ආකර්ෂණයක් ඇති දිල්ලියේ ජනාකීර්ණම ස්ථානයක් ලෙස සැලකේ. දිනපතා ලක්ෂ 4ත් 6ත් අතර පිරිසක් මෙම ස්ථානය නැරඹීම සඳහා පැමිණෙන බව වාර්තා වේ.

මේ අතර නවදිල්ලි අගනුවර සිට කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි හර්යානාහි ෆරීදාබාද් ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,900ක් පසුගිය 9 වන දින සොයාගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.


(උපුටා ගැනීම් | බීබීසී සිංහල)


මුලාශ්‍රය :

India police exploring 'all possibilities' after Delhi explosion kills eight



whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දිල්ලියේ රතු බලකොටුව අසල පිපිරීමක් ! නමදෙනෙකු මියගිහින් | The Leader