BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

යුක්‍රේන-බ්‍රිතාන්‍ය මිග් යානා කුමන්ත්‍රණයක් !

T

The Leader Desk

November 11, 2025 • 9:47 AM

යුක්‍රේන-බ්‍රිතාන්‍ය මිග් යානා කුමන්ත්‍රණයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිග්-31 ජෙට් යානයක් සොරකම් කිරීමේ යුක්රේන-බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ බව රුසියාව පවසයි.
  • එසේ පැහැර ගත් යානය, රුමේනියාවේ, කොන්ස්ටැන්ටා (Constanta) හි පිහිටි නැටෝ (NATO) ගුවන් කඳවුරක් කරා පියාසර කරවා, අනතුරුව ගුවන් ආරක්ෂක පද්ධති මගින් වෙඩි තබා බිම හෙලීමට සැලසුම් කර තිබූ බව, එහිදී හෙළි  වී ඇත.
  • අදාළ පැහැර ගැනීම  සිදු කිරීම පිණිස, ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක මුදලට රුසියානු ගුවන් නියමුවන් බඳවා ගැනීමට යුක්‍රේන හමුදා බුධි අංශ සැලසුම් කර තිබූ බවට ද, කරුණු අනාවරණය කර තිබේ.
  • එය ශබ්ධයේ වේගය පරයා යන අධි වේගයකින් යුත්  අවියක් බව රුසියාව පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


යුක්‍රේන සහ බ්‍රිතාන්‍ය රහස් ඔත්තුකරුවන් එක්ව ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක මිලකට ශබ්ධය  පරයා ගමන් කළ හැකි කින්සාල් (Kinzhal) මිසයිලයකින් සන්නද්ධ මිග් - 31 (MiG-31) වර්ගයේ ජෙට් යානයක් පැහැර ගැනීමට කළ තැතක් ව්‍යර්ථ කළ බව රුසියානු රාජ්‍ය මාධ්‍ය අද (11) වාර්තා කළේය. රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) මගින් මේ බව අනාවරණය කර තිබේ.

එසේ පැහැර ගත් යානය, රුමේනියාවේ, කොන්ස්ටැන්ටා (Constanta) හි පිහිටි නැටෝ (NATO) ගුවන් කඳවුරක් කරා පියාසර කරවා, අනතුරුව ගුවන් ආරක්ෂක පද්ධති මගින් වෙඩි තබා බිම හෙලීමට සැලසුම් කර තිබූ බව, එහිදී හෙළි  වී ඇත.

ෆෙඩරල් ආරක්ෂක සේවය යනු සෝවියට් සමූහාණ්ඩු සමයේ පැවති කේ.ජී.බී. (KGB) රහස් ඔත්තු සේවයේ අනුප්‍රාප්තියයි. අදාළ පැහැර ගැනීම  සිදු කිරීම පිණිස, ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක මුදලට රුසියානු ගුවන් නියමුවන් බඳවා ගැනීමට යුක්‍රේන හමුදා බුධි අංශ සැලසුම් කර තිබූ බවට ද, කරුණු අනාවරණය කර තිබේ.

යුක්‍රේන - බ්‍රිතාන්‍ය බුද්ධි අංශ තැරැව්කරුවකු විසින් රුසියානු ගුවන් නියමුවකුට, යුරෝපය වෙත පියාසර කිරීමට මිග් යානයක් පැහැර ගැනීම පිණිස   මුදල් ලබා දීමට කටයුතු කරන පණිවුඩ අඩංගු රූපරාමු සහ හඬ පට රුසියානු රාජ්‍ය රූපවාහිනිය විකාශය කළේය. එම ගුවන් නියමුවා වෙත යුරෝපයේ පුරවැසි භාවය ද පිරිනමා තිබේ.

r3254
කින්සාල් යනු  ගුවනේදී මුදා හැරෙන, රුසියාවේ නිෂ්පාදිත බැලස්ටික් මිසයිලයකි. එය ශබ්ධයේ වේගය පරයා යන අධි වේගයකින් යුත්  අවියක් බව රුසියාව පවසයි. ගුවනේ ගමන් පථය, අභිලාශය පරිදි වෙනස්  කිරීමට ඊට හැකියාව පවතී. ඒ හේතුවෙන් එය, ගුවන් ආරක්ෂක පද්ධතීන් මග හැර අවශ්‍ය ඉලක්කය හඹාගොස් පහරදීමට සමත් අති  ප්‍රබල මිසයිලයකි.

සිය ප්‍රධාන සතුරා බ්‍රිතාන්‍යය බව රුසියාව පවසන්නේ බොහෝ කලකට පෙර සිටය. යුක්‍රේන යුද්ධය ඇවිලීම සම්බන්ධයෙන් මොස්කව් රජයේ ප්‍රබලම චෝදනා එල්ල වන්නේ  බ්‍රිතාන්‍යයටය. රුසියාව අභ්‍යන්තරයේ ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේන හමුදාවන්ට බුද්ධි තොරතුරු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ද  බ්‍රිතාන්‍යය, රුසියාවේ උදහසට ලක්ව සිටී.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම අධිරාජ්‍යවාදී භූමි ආක්‍රමණයක් බව, බ්‍රිතාන්‍යය පවසයි.  

(සටහන | Reuters   ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/11/2025

මුලාශ්‍රය :

Russia says it foiled Ukrainian-British plot to steal a MiG-31 jet, state media reports

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුක්‍රේන-බ්‍රිතාන්‍ය මිග් යානා කුමන්ත්‍රණයක් ! | The Leader