BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බටහිර ඉවුරේ පලස්තීන ගොවීන්ට ඊයෙත් පහර දීලා

T

The Leader Desk

November 12, 2025 • 7:26 AM

බටහිර ඉවුරේ පලස්තීන ගොවීන්ට ඊයෙත් පහර දීලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචිකරුවෝ, පලස්තීන ගොවීන් ඉලක්ක කර ඊයේ (11) යළි පහර දීම් සිදු කළහ.
  • ඊශ්‍රායලය, බටහිර ඉවුර බලෙන් අත්පත් කර සිටින බවට, පලස්තීනුවෝ චෝදනා කරති.
  • මුහුණු ආවරණ පැළඳි ඊශ්‍රායල පදිංචිකරුවන් රැසක් පලස්තීනුවන්ට පහරදී දේපළ ද ගිනි බත් කළ බවට දැනුවත් වූ සැණින්, බටහිර ඉවුරේ බෙයිට් ලිඩ් (Beit Lid) සහ දෙර් ෂරාෆ් ( Deir Sharaf) පෙදෙස් වෙත හමුදා පිටත්කර හැරි බව, ඊශ්‍රායලය පැවසීය.
  • තුවාළ ලත් පලස්තීනුවන් සිව් දෙනකුට ප්‍රතිකාර කළ බව ද, ඔවුහු කියා සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


වෙස් ලා ගත්  ඊශ්‍රායල ප්‍රහාරකයෝ, පලස්තීනුවන් වෙත ගල් මුල් දමා ගසමින් පැමිණ, ගොවීන් සතු කිරි බවුසර, ගොවි බිම් සහ වාසස්ථාන ද ගිනි ලෑහ. පහරදීම් හේතුවෙන් පලස්තීනුවන් සිව් දෙනෙක් තුවාළ ලදහ. ඊශ්‍රායලය, බටහිර ඉවුර බලෙන් අත්පත් කර සිටින බවට, පලස්තීනුවෝ චෝදනා කරති.

මුහුණු ආවරණ පැළඳි ඊශ්‍රායල පදිංචිකරුවන් රැසක් පලස්තීනුවන්ට පහරදී දේපළ ද ගිනි බත් කළ බවට දැනුවත් වූ සැණින්, බටහිර ඉවුරේ බෙයිට් ලිඩ් (Beit Lid) සහ දෙර් ෂරාෆ් ( Deir Sharaf) පෙදෙස් වෙත හමුදා පිටත්කර හැරි බව, ඊශ්‍රායලය පැවසීය. තුවාළ ලත් පලස්තීනුවන් සිව් දෙනකුට ප්‍රතිකාර කළ බව ද, ඔවුහු කියා සිටියහ. ඊශ්‍රායල හමුදා, ගැටුම්කාරී පිරිස් පලවා හැරීමට කටයුතු කළහ.

maskedis

 

පොලු මුගුරු පහරින් තුවාළ ලත් තිදෙනකුට ප්‍රතිකාර කළ බව, පලස්තීන රතු අඩසඳ ව්‍යාපාරය පැවසීය.

පහරදීම් සම්බන්ධයෙන් ඊශ්‍රායල ජාතිකයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව, ඊශ්‍රායල පොලිසිය කියයි. සිද්ධිය පිලිබඳ ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතී.

ඉකුත් ඔක්තෝබරයේ පමණක් බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් එහි වෙසෙන පලස්තීන ජනයා ඉලක්ක කර සිදු කළ එවැනි පහරදීම් 264ක් වාර්තා වන බව, මානුෂීය කටයුතු සම්බන්ධීකරණය පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පසුගිය දා පැවසීය.

 



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/12/2025

මුලාශ්‍රය :

Masked Israeli settlers torch property, injure four Palestinians, army says

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බටහිර ඉවුරේ පලස්තීන ගොවීන්ට ඊයෙත් පහර දීලා | The Leader