BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

සුඩානයේ කාන්තාවන්ට එරෙහි භීෂණ රැල්ලක්

T

The Leader Desk

November 12, 2025 • 11:24 AM

සුඩානයේ කාන්තාවන්ට එරෙහි භීෂණ රැල්ලක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුඩානයේ ජනතාව අල්-ෆෂිර් (al-Fashir) නගරය අතහැර පලා යමින් සිටිති. අතුරු හමුදා ක්ෂණික සහායක බලකා (RSF) සෙබළු එසේ පලා යන කාන්තාවන් ඉලක්ක කර සංවිධිත ස්ත්‍රී දූෂණයේ යෙදෙමින්, ඔවුන් කැටුව යන දරුවන් අතුරුදන් කරමින් සිටින බව, එක්සත් ජාතීන්ගේ (U.N.) සංවිධානයේ කාන්තාවන් පිලිබඳ ඒජන්සිය ඊයේ (11) අනාවරණය කළේය.
  • ඉකුත් ඔක්තෝබර 26 වන දා, ඔවුහු අල්-ෆෂිර් නගරයේද බලය තහවුරු කර ගත්හ.
  • කලාපයේ අස්සක් මුල්ලක් නෑර කාන්තා ලිංගික හිංසනය පැතිර ඇති බව, ඇය කියා සිටියාය.
  • හිතාමතා සිදු කරන සංවිධානාත්මක ස්ත්‍රී දූෂණය, යුද අවියක් කොට ඇති බවට ඔනෑ තරම් සාක්ෂි ඇතැයි, ඇය අවධාරණය කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

සුඩාන හමුදාව සහ අතුරු හමුදා අතර වසර දෙකකුත්, සය මසකට අධික කාලයක් පවතින යුද ගැටුම් අතර, ඩාෆුර් (Darfur) කලාපයේ බලය මේ වන විට, අතුරු හමුදා අත-පත් වී  තිබේ. ඉකුත් ඔක්තෝබර 26 වන දා, ඔවුහු අල්-ෆෂිර් නගරයේද බලය තහවුරු කර ගත්හ. එතැන් සිට ප්‍රසිද්ධියේම, එහි සැහැසි ක්‍රියා ඇරඹිණි. වීදි ඔස්සේ පලා යන ජනතාව ඉලක්ක කර තැබූ වෙඩි පහරින්  ඔවුන් මරු වැළඳ බිම ඇද වැටුණහ. ඉන් නොනැවතුණු අතුරු හමුදා, ජන ඝාතනය පිණිස ඩ්‍රෝන යානා ද පිටත් කර හැරියහ.  
 
 
අල්-ෆෂිර් නගරය අතහැර පලා යන කාන්තාවෝ, මහ මග ඇස් පනාපිට දුටු ජන ඝාතන, ස්ත්‍රී දූෂණ සහ ළමුන් පැහැර ගැනීම්  පිලිබඳ කියා සිටිති. ඒවා කිසිදු කනෙකින් නෑසිය යුතු තරමේ අති බිහිසුණු මානව අපරාධ බව, එක්සත් ජාතීන්ගේ කාන්තා ඒජන්සියේ පෙරගිද සහ දකුණුදිග අප්‍රිකා කලාපීය අධ්‍යක්ෂිකා අන්නා මූටවාටී (Anna Mutavati) ජිනීවා නුවරට රැස්වූ මාධ්‍යවේදීන් අමතා, නයිරෝබි නුවර සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශ කළාය. කලාපයේ අස්සක් මුල්ලක් නෑර කාන්තා ලිංගික හිංසනය පැතිර ඇති බව, ඇය කියා සිටියාය.
හිතාමතා සිදු කරන සංවිධානාත්මක ස්ත්‍රී දූෂණය, යුද අවියක් කොට ඇති බවට ඔනෑ තරම් සාක්ෂි ඇතැයි, ඇය අවධාරණය කළාය.
 
sudan9qv3t9p854
ස්ත්‍රී සිරුර, සුඩානයේ අපරාධයට බඳුන් වෙමින්  තිබේ. රටෙහි සියලු ස්ථාන අනාරක්ෂිතය. කාන්තාවන්ට ආරක්ෂා සහිතව රැස්විය හැකි කිසිදු තැනක් ද නැත්තේය. ආරක්ෂාව පතා යොමු වීමට හෝ මානසික-සාමාජික සහාය පතා යාමට කිසිදු කෙනෙක් ද නැත්තේය.
 
ඩාෆුර් කලාපයේ කාන්තාවන් සහ ගැහැණු ළමුන් මිලියන 11ක ට අධික සංඛ්‍යාවක් නිසැක සාගතයෙන් සහ ආහාර අනාරක්ෂිත බවින් පෙලෙන්නේය. ඔවුහු අහරට යමක් සොයා යන ස්වල්ප වේලාවට පවා ලිංගික හිංසනයට ගොදුරු වෙති.

නිසි අහරක් නොවීමෙන්, සුප් සාදා ගැනීම පිණිස වල් කොළ සහ බෙරි  වර්ග සොයා යාමට ඔවුන්ට සිදුව තිබේ. එසේ යන අතර මග ඔවුහු නිරන්තර භීෂණයට, ලිංගික හිංසනයට සහ පැහැර  ගැනීමට ලක් වන බව මූටවාටී කියා සිටී.
sudan cuhwur
 
අල්-ෆෂිර් නගරයේ කිසිදු බිය සැකයකින් තොරව අඛණ්ඩව සිදු කෙරෙන සාහසික මිනිස් ඝාතන, ස්ත්‍රී දූෂණ සහ වාර්ගික භීෂණය පිලිබඳ අතිශය කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී පසුගිය දා කියා සිටියේය.

ඔක්තෝබර 26 දා සිට මේතාක්, 82,000කට අධික පිරිසක් අල්-ෆෂිර් නගරය හා තදාසන්න පෙදෙස්  අතැර පලා  ගොසිනි. එහෙත්,  200,000කට අධික පිරිසක් තවමත් නගරය තුළ කොටුවී සිටිති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)

Women in Darfur report rape, lost children amid Sudan violence, UN says

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...