BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පැනෝරාමා සංස්කරණය : බීබීසී ට්‍රම්ප්ගෙන් සමාව අයැද සිටියද වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

November 14, 2025 • 11:26 AM

පැනෝරාමා සංස්කරණය : බීබීසී ට්‍රම්ප්ගෙන් සමාව අයැද සිටියද වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බී.බී.සී. පුවත් සේවය, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සමාව අයැද තිබේ.
  • එම සංස්කරණිත කථාවෙන්, ජනපති ට්‍රම්ප් විසින් ප්‍රකෝපකාරී හිංසනයට සෘජු ආරධානා කරන බවට වැරදි වැටහීමක් ඇති කර ඇතැයි, පවසන පුවත් සේවය, 2024 විකාශය වූ එම වැඩසටහන යළි ප්‍රචාරය නොකරන බව පවසයි.
  • එම  පුවත් සේවය විසින් සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපද පරිපාලනය සහ නීතිඥයින් හා සාකච්ඡා පැවැත්වුවද, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා කිසිවක් සිදුවී නැතැයි ද වාර්තා වේ.
  • පුවත් සේවය, ප්‍රධාන ප්‍රවාහයේ නිදහස් ජාත්‍යන්තර මාධ්‍යයක් ලෙස කටයුතු කරන බවද එය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ට්‍රම්ප් විසින් 2021 ජනවාරි 06 දා සිදු කළ කථාවක් එම පුවත් සේවයේ පැනොරාමා (Panorama) රූපවාහිනී වැඩසටහන මගින් විකෘති කොට විකාශය කිරීම සම්බන්ධයෙන් එසේ සමාව ඉල්ලා තිබේ. ඔහුගේ කථාවක කොටස් තැන තැන වෙන් වශයෙන් ගෙන සංස්කරණය කර  ප්‍රචාරය කිරීම පිළිබඳව  බී.බී.සී. පුවත් සේවයට චෝදනා එල්ල විය. සමාව අයැද සිටියද ජනපති ට්‍රම්ප්ගේ වන්දි ඉල්ලීම් එම පුවත් සේවය ප්‍රතික්ෂේප කරයි.

එම සංස්කරණිත කථාවෙන්, ජනපති ට්‍රම්ප් විසින් ප්‍රකෝපකාරී හිංසනයට සෘජු ආරධානා කරන බවට වැරදි වැටහීමක් ඇති කර ඇතැයි, පවසන පුවත් සේවය, 2024 විකාශය වූ එම වැඩසටහන යළි ප්‍රචාරය නොකරන බව පවසයි.

 

බී.බී.සී. පුවත් සේවය එම වැඩසටහන ඉල්ලා අස්කර සමාව ඉල්ලා, වන්දි නොගෙවන්නේ නම්, හානි පූර්ණය වෙනුවෙන්, ජනපති ට්‍රම්ප්ගේ නීතීඥයෝ, එම පුවත් සේවයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ඉල්ලා සිටියහ.

එම  පුවත් සේවය විසින් සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපද පරිපාලනය සහ නීතිඥයින් හා සාකච්ඡා පැවැත්වුවද, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා කිසිවක් සිදුවී නැතැයි ද වාර්තා වේ. බී.බීසී. පුවත් සේවය, ප්‍රධාන ප්‍රවාහයේ නිදහස් ජාත්‍යන්තර මාධ්‍යයක් ලෙස කටයුතු කරන බවද එය පවසයි.

සංස්කරණය කරන ලද, ජනපති ට්‍රම්ප්ගේ කථාව වෙන් වශයෙන් ප්‍රචාර නොකොට අඛණ්ඩව ප්‍රචාරය කිරීම  හේතුවෙන් යම් ප්‍රමාද දෝෂයක් සිදු වූ බවටත්,  එමගින් යම් වැරදි වැටහීමක් සිදු වූ බවටත් පිළිගන්නා බව එම පුවත් සේවය  කියා සිටී. එය සිතා මතා සිදු කළ ක්‍රියාවක් නොවන බවද එම පුවත් සේවය  කියයි.  

(සටහන | BBC ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/14/2025

මුලාශ්‍රය :

BBC apologises to Trump over Panorama edit but refuses to pay compensation

සබැඳි ලිපි :

බීබීසී යට එරෙහි 'ඊශ්‍රායල ගැති' චෝදනාව කුමන්ත්‍රණයක්? | Saroj Pathirana

බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඩෙබෝරා ටර්නස් ඉල්ලා අස්වූයේ ඇයි?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පැනෝරාමා සංස්කරණය : බීබීසී ට්‍රම්ප්ගෙන් සමාව අයැද සිටියද වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරයි | The Leader