BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

සමහර ‘අනතුරු ඇඟවීම්’ කිසිවිටෙකත් නොකළ යුතුයි - චීනයෙන් ජපානයට පිළිතුරක්

T

The Leader Desk

November 17, 2025 • 5:47 AM

සමහර ‘අනතුරු ඇඟවීම්’ කිසිවිටෙකත් නොකළ යුතුයි - චීනයෙන් ජපානයට පිළිතුරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන තායිවාන ප්‍රදේශය පිළිබඳ ජපන් අගමැති Takaichi Sanaeගේ ප්‍රකාශය, චීන ජාතික ගරුත්වය සහ මූලික ජාතික අවශ්‍යතාවට තර්ජනයක් වන බැරෑරුම් ප්‍රතිපත්තිමය කරුණක් ලෙස චීනය හඳුනා ගෙන තිබෙනවා. ජපානයට තම වැරදි වහාම නිවැරදි කිරීම හැර වෙනත් තෝරා ගැනීමක් නොමැති බව චීනයේ දැඩි ඉල්ලීමයි.
  • ඒ "ජපානය සියලු ප්‍රතිවිපාකයක් දරාගත යුතුයි" සහ "චීනය නිසැකවම දැඩි ලෙස ප්‍රතිප්‍රහාර දෙනු ඇත" යන්නයි.
  • ඒ අතරින්," චීනය නිසැකවම දැඩි ලෙස ප්‍රතිප්‍රහාර දෙනු ඇත " යන්න චීන-ජපන් රාජ්‍යතාන්ත්‍රික පසුබිමක පළමු වරට ඉස්මතු වීමයි විශේෂත්වය.
  • මෙම ප්‍රකාශවලින් ඇඟවෙන්නේ චීනය ප්‍රතිපියවර සඳහා සූදානම්ව සිටින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සම්බන්ධව චීනය පසුගිය දිනවල දැක්වූ ප්‍රතිචාරයන් තුළින් ප්‍රකාශ දෙකක් ඉස්මතු  වනවා. ඒ "ජපානය සියලු ප්‍රතිවිපාකයක් දරාගත යුතුයි" සහ "චීනය නිසැකවම දැඩි ලෙස ප්‍රතිප්‍රහාර දෙනු ඇත" යන්නයි. ඒ අතරින්," චීනය නිසැකවම දැඩි ලෙස ප්‍රතිප්‍රහාර දෙනු ඇත " යන්න චීන-ජපන් රාජ්‍යතාන්ත්‍රික පසුබිමක පළමු වරට ඉස්මතු වීමයි විශේෂත්වය. මෙම ප්‍රකාශවලින් ඇඟවෙන්නේ චීනය ප්‍රතිපියවර සඳහා සූදානම්ව සිටින බවයි.
 
පළමුව, සම්බාධක පැනවීම සඳහාත් චීනය සූදානම් ව සිටින බව වාර්තා වනවා. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රති-සම්බාධක ලැයිස්තුවේ ඇති නඩු වලින් 80% ක් පමණ තායිවාන ප්‍රශ්නයට සම්බන්ධ  ඒවා වන අතර, ජපන් දේශපාලනඥයන්ගේ නම්ද එයට ඇතුළත් බව චීන මාධ්‍ය වාර්තා කළා. එබැවින් ඕනෑම අවශ්‍ය අවස්ථාවක චීනයට සමාන පියවර ගත හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
china japanh873
 
දෙවනුව, ආර්ථික, රාජ්‍යතාන්ත්‍රික සහ හමුදා මට්ටමින් ජපානය සමඟ පවත්වන අන්තර් රාජ්‍ය හුවමාරු අත්හිටුවීමකට ද චීනයට පියවර ගත හැකි බව වාර්තා වනවා. මේ දිනවල ජපානයට ගොස් සංචාරය කිරීමෙන් වළකින ලෙස පසුගිය දා (14) චීන විදේශ අමාත්‍යාංශය සහ ජපානයේ චීන තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාල චීන පුරවැසියන් දැනුවත් කර තිබුණා.
 
චීනය ආක්‍රමණය කිරීම සනිටුහන් කරන ‘9.18 සිද්ධියේ’ සිට පර්ල් වරායට පහර දීම දක්වා, ජපානය තම ආක්‍රමණයන් ඉදිරියට ගෙන ගොස් තිබුණේ, "පැවැත්මේ අර්බුදයක්" යන ප්‍රකාශයට මුවාවෙමින් බව චීනය පවසනවා. ඒ හා සමාන භයානක ආඛ්‍යානයක් නැවත මතුවෙමින් තිබියදී, ජපානය චීනයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි කිරීමක් ලබා දිය යුතු බව චීන පාර්ශ්වය සඳහන් කරනවා.
කෙසේ වුවද, අහංකාරය පිළිබඳ සිහිනයක ජීවත් නොවී, සිය සැබෑ හැකියාව හොඳින් සලකා බලන ලෙසට චීනය නැවත වරක් ජපානයේ ඇතැම් පුද්ගලයින්ට බැරෑරුම් ලෙස අනතුරු අඟවා තිබෙනවා. චීනය සහ ජපානයට සමාන ආප්තෝපදේශය ඇති බව පසුගිය දා චීන මාධ්‍ය වාර්තා කළා. ඒ "අනතුරු ඇති නොකළහොත් මිය නොයයි." සමහර ‘අනතුරු’ ඇති කිරීම කිසි විටෙකත් නොකළ යුතුය යන්නයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...