BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජනපති ට්‍රම්ප්ගේ සහායට ගෙනා එ.ජා. යෝජනාවකට ඊශ්‍රායල විරෝධය

T

The Leader Desk

November 17, 2025 • 7:14 AM

ජනපති ට්‍රම්ප්ගේ සහායට ගෙනා එ.ජා. යෝජනාවකට ඊශ්‍රායල විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පලස්තීනයේ ස්වෛරීභාවය උදෙසා එක්සත් ජනපද සහායෙන් ගෙනා යෝජනාවක් ඊශ්‍රායල රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.
  • පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට කිසිදු ඉඩක් නොතබන බව, එම විරෝධතා හමුවේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ඊයේ (16) ප්‍රකාශ කළේය.
  • එය පලස්තීන රාජ්‍යයක් පිණිස "පාර කැපීමක්" බව, අග්‍රාමාත්‍ය නෙතන්යාහු පවසයි.
  • සාමාජිකයින් 15 දෙනකුගෙන් යුත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉකුත් 07 දා, එම යෝජනාව පිලිබඳ සාකච්ඡා ආරම්භ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

රජයේ අන්ත දක්ෂිණාංශිකයින් යෝජනාවට විරෝධය පා, උද්ඝෝෂණයේ යෙදුනහ. පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට කිසිදු ඉඩක් නොතබන බව, එම විරෝධතා හමුවේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ඊයේ (16) ප්‍රකාශ කළේය.

 

එක්සත් ජනපදය සහ මුස්ලිම් රටවල් රැසක්, පසු ගිය දා, ජනපති ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්මට සහාය දැක්වීමේ, එක්සත් ජාතීන්ගේ යෝජනාවක් සම්මත කළහ. එය පලස්තීන රාජ්‍යයක් පිණිස "පාර කැපීමක්" බව, අග්‍රාමාත්‍ය නෙතන්යාහු පවසයි.

සාමාජිකයින් 15 දෙනකුගෙන් යුත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉකුත් 07 දා, එම යෝජනාව පිලිබඳ සාකච්ඡා ආරම්භ කළේය. ගාසා තීරයේ සංක්‍රාන්ති පරිපාලනයක් පිණිස, "සාම මණ්ඩලයක්" පිහිටුවීම සඳහා වූ ජනපති ට්‍රම්ප්ගේ යෝජනාව බලාත්මක කිරීම එහි අරමුණයි. ගාසා හි පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිෂ්ඨාපනය උදෙසා එය ක්‍රියාත්මක කෙරේ.

 

ගාසා යුද්ධය අවසන් කිරීම පිණිස ජනපති ට්‍රම්ප් විසින් ඉදිරිපත් කර ක්‍රියාවට නංවන ලද යෝජනාවලියට කරුණු 20ක් ඇතුළත්ය. "පලස්තීන අධිකාරිය තුළ, යම් ප්‍රතිසංස්කරණ පවතීනම්, ඊට අදාළ කොන්දේසි, අවසානයේ, පලස්තීන ජනතාවගේ අභිප්‍රායයන් බවට අප විසින් හඳුනා ඇති, එහි ස්වයං-නීර්ණ සහ රාජ්‍යත්වය උදෙසා වන විශ්වසනීය මාවතතක්  පිණිස විය හැකිය," යනුවෙන් වගන්තියක් එහි ඇතුළත් ය.

එය දක්ෂිණාංශිකයින් ගේ දැඩි විවේචනයට බඳුන් වී තිබේ. ඒ අනුව, ගාසා තීරයේ හෝ එහි කිසිදු කලාපයක් වෙනුවෙන් පලස්තීන රාජ්‍යයක් පිණිස වන යෝජනාවක් වේ නම්, එය එක හෙලා, හෙළාදකින බව අග්‍රාමාත්‍ය නෙතන්යාහු පැවසීය. "කෙක්කෙන් හෝ කොක්කෙන්", ගාසා තීරය නිරායුධකරණයට ලක් කර, හමාස් සංවිධානය අවි අත්හරින තෙක් අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඊට කිසිවකුගේ ට්විටර් පණිවුඩ හෝ දේශන අනවශ්‍ය බවත්, අග්‍රාමාත්‍යවරයා තරයේ ප්‍රකාශ කළේය.

saarඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය, ඉශ්‍රයෙල් කැට්ස් (Israel Katz) සහ විදේශ අමත්‍ය, ගිඩන් සාර් (Gideon Saar)
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය, ඉශ්‍රයෙල් කැට්ස් (Israel Katz) සහ විදේශ අමත්‍ය, ගිඩන් සාර් (Gideon Saar) ද ජනපති ට්‍රම්ප්ගේ යෝජනාවට විරෝධය පා, ඊයේ එක්ස් (X) පණිවුඩ නිකුත් කළහ.  

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් අන්ත දක්ෂිණාංශික සන්ධානය ආරක්ෂා නොකෙරෙන්නේ නම්, රජය මීළඟ මැතිවරණට පෙරම බිඳ වැටෙන්නේය. එරට   මීළඟ මැතිවරණය, එන වසරේ ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිතය.  

ගාසා යුද්ධයෙන් මේ වන විට පුද්ගලයින් 69,000ක් ජීවිතක්ෂයට පත්ව ඇත.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...