BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

දිල්ලි කාර් බෝම්බ පිපිරීමට තවත් අයකු අල්ලයි

T

The Leader Desk

November 17, 2025 • 10:35 AM

දිල්ලි කාර් බෝම්බ පිපිරීමට තවත් අයකු අල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ දිල්ලි නුවර ඉකුත් සතියේ සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කාශ්මීර පදිංචිකරුවකු අත්අඩංගුවට ගත් බව, ෆෙඩරල් ත්‍රස්ත විරෝධී ඒජන්සිය පවසයි.
  • එම පුද්ගලයා සහ පුපුරා ගිය කාර් රථයේ රියදුරු කුමන්ත්‍රණයට සම්බන්ධ බවට චෝදනා එල්ල වේ.
  • පිපිරීමෙන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්ව, 20කට අධික පිරිසක්  තුවාල  ලැබූහ.
  • අත්අඩංගුවට පත්ව ඇත්තේ අමීර් රෂිඩ් අලි (Amir Rashid Ali) නම්, පුද්ගලයකු බව, ජාතික විමර්ශන ඒජන්සිය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දිල්ලි නුවරදී එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. එම පුද්ගලයා සහ පුපුරා ගිය කාර් රථයේ රියදුරු කුමන්ත්‍රණයට සම්බන්ධ බවට චෝදනා එල්ල වේ. පිපිරීමෙන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්ව, 20කට අධික පිරිසක්  තුවාල  ලැබූහ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ අමීර් රෂිඩ් අලි (Amir Rashid Ali) නම්, පුද්ගලයකු බව, ජාතික විමර්ශන ඒජන්සිය පවසයි. පුපුරා ගිය මෝටර් රථය, ඔහුගේ නමින් ලියාපදිංචි කර ඇතැයි, අනාවරණය විය.

amir

 

මරාගෙන මැරෙන බෝම්බකරු වූ, පුපුරා ගිය රථයේ රියදුරු උමාර් උන් නබි (Umar Un Nabi) සහ ඔහු, ඒ සම්බන්ධ කුමන්ත්‍රණයේ යෙදී තිබේ. නබි, දකුණු කාශ්මීරයේ පුල්වාමා (Pulwama) හි පදිංචිකරුවකි.

අලි නැමැත්තා දිල්ලියට පැමිණ ඇත්තේ, කාර් රථය මිලට ගැනීමේ කටයුතු පිණිසය. අනතුරුව, මෝටර් රථයේ සවි කර තිබූ පුපුරණ උපකරණයකින්ම එය පුපුරවා හැරීමට කටයුතු කර තිබේ.

නබි ට අයත් තවත් මෝටර් රථයක්ද, ඉදිරි විමර්ශන පිණිස අත්අඩංගුවට ගෙන ඇත. පිපිරීමෙන් තුවාල ලත් පුද්ගලයින් ඇතුළු 73 දෙනකුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර තිබේ.

amir34

 

කාර් රථ පිපිරීම, ත්‍රස්ත ක්‍රියාවක් බව ඉකුත් සතියේ ඉන්දීය රජය නිවේදනය කළේය. සිද්ධියට සම්බන්ධ සියලු පිරිස් වහා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බව ද රජය පැවසීය.

2011න් පසු, අධි ආරක්‍ෂිත දිල්ලියේ රතු චතුරශ්‍රය ආසන්නයේ වාර්තා වූ පළමු මහා පරිමාණ ත්‍රස්ත ප්‍රහාරය මෙයය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
11/17/2025

මුලාශ්‍රය :

India arrests Kashmir resident over Delhi car blast

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...