BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බංග්ලාදේශ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි

T

The Leader Desk

November 17, 2025 • 11:29 AM

බංග්ලාදේශ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හසීනා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වේ
  • ෂෙයික් හසීනා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුගේ අපරාධ ඔප්පු වී ඇති බව විනිශ්චය සභාව පැවසිය.
  • චෝදනා පහෙන් දෙකකට ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වු අතර තවත් චෝදනාවක් සම්බන්ධයෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වී ඇත.
  • මේ අතර, හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් කමල්ට එරෙහි එක් චෝදනාවකට ඔහුට මරණ දඬුවම නියම විය.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු ස්වදේශ ආරක්ෂක කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් කමල්ටත් මරණ දඬුවම

රජයේ සාක්ෂිකරුවෙකු වීම හේතුවෙන් හිටපු පොලිස්පති අබ්දුල්ලා අල් මනුන්ට වසර පහක සිර දඬුවමක්

ඩකා අගනුවර ඇතුළු රටපුරා ආරක්ෂාව තර කෙරේ

හසීනා ඇයට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කර කර


පසුගිය වසරේ රාජ්‍ය විරෝධී විරෝධතා මාරාන්තික ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කර තිබේ.

මනුෂ්‍යත්වයට එරෙහි විවිධ අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ හසීනාට එරෙහි මෙම නඩු විභාගය පැවැත්වුණේ ඇයගේ සහභාගීත්වයෙන් තොරවය.

ඇය දැනට බංග්ලාදේශයෙන් පිටුවහල්වී ඉන්දියාවේ රැකවරණය ලබයි.

haseena 1

ෂෙයික් හසීනා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුගේ අපරාධ ඔප්පු වී ඇති බව විනිශ්චය සභාව පැවසිය.

චෝදනා පහෙන් දෙකකට ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වු අතර තවත් චෝදනාවක් සම්බන්ධයෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වී ඇත.

මේ අතර, හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් කමල්ට එරෙහි එක් චෝදනාවකට ඔහුට මරණ දඬුවම නියම විය.

රජයේ සාක්ෂිකරුවෙකු වීම හේතුවෙන් හිටපු පොලිස්පති අබ්දුල්ලා අල් මනුන්ට වසර පහක සිර දඬුවමක් නියම විය.
 
haseena 2
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන්ට අයත් රටේ සියලුම දේපළ අත්පත් කරගෙන රජයට පැවරීමට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව නියෝග කර ඇත.

විනිසුරු එම්ඩී. ගෝලම් මෝර්ටුසා මජුම්දර්ගේ නායකත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව-1 මෙම නියෝගය අද (නොවැම්බර් 17) ලබා දුන්නේය.

උපුටා ගැනීම් - බීබීසී  සිංහල

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...