BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායලයට යළිත් ජර්මානු අවි

T

The Leader Desk

November 17, 2025 • 4:03 PM

ඊශ්‍රායලයට යළිත් ජර්මානු අවි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මානු රජය විසින් ඊශ්‍රායල අවි ඇණවුමකට පනවා තිබූ තහනමක් එළැඹෙන සතියේ සිට ඉවත් කෙරේ.
  • එහෙත්, ඉකුත් මස එළැඹි සටන් විරාමය සමග එම තහනම ඉවත් කර ගන්නා බව, රජය කියා සිටී.
  • ඒ අනුව, පසුගිය අගෝස්තු මස තාවකාලිකව අත්හිටුවන ලද ජර්මානු අවි  ඇණවුම මෙම මස 24 දා, යළි සක්‍රීය කරන බව දන්වා තිබේ.
  •  එක්සත් ජනපදයට පසුව, ඊශ්‍රායලයේ දෙවන විශාලතම අවි සැපයුම්කරුවා ජර්මනියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊශ්‍රායලය විසින් මීට පෙර ඇණවුම් කර තිබූ අවි තොගයක්, ගාසා යුද්ධය හේතුවෙන් අත්හිටුවීමට ජර්මානු රජය පියවර ගත්තේය. එහෙත්, ඉකුත් මස එළැඹි සටන් විරාමය සමග එම තහනම ඉවත් කර ගන්නා බව, රජය කියා සිටී.

 එරට සාමාන්‍ය නීති ප්‍රකාරව, අවි අපනයනයන්ට සම්බන්ධ එකී තීරණ ක්‍රියාත්මක කිරීමේදී, සිද්ධියෙන් - සිද්ධිය විමර්ශනය කෙරෙමින්, විටින් විට උද්ගත තත්ත්වයන් මත, අදාළ ප්‍රතිචාර දක්වන බව,  ජර්මානු රජයේ ප්‍රකාශක උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ඒ අනුව, පසුගිය අගෝස්තු මස තාවකාලිකව අත්හිටුවන ලද ජර්මානු අවි  ඇණවුම මෙම මස 24 දා, යළි සක්‍රීය කරන බව දන්වා තිබේ.

 එක්සත් ජනපදයට පසුව, ඊශ්‍රායලයේ දෙවන විශාලතම අවි සැපයුම්කරුවා ජර්මනියයි.

අගෝස්තු මස එළැඹි රාජ්‍ය තීරණයකට අනුව, ඊශ්‍රායලය විසින් ඉල්ලා සිටි, පිටස්තර ආක්‍රමණයන්ට එරෙහි ස්වාරක්ෂක අවි ඇණවුමෙන්  පරිබාහිර වෙනත් අවි සහ පද්ධති කිහිපයක් එරටට අපනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන  බව, ජර්මානු රජය දැනුම් දුන්නේය.

ද්වී රාජ්‍ය විසඳුමක් උදෙසා, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර තිරසර සාමය පිණිස, ජර්මනිය සහාය දක්වන බවත්, ගාසා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අඛණ්ඩ දායකත්වයක් ලබා දෙන බවත්, රාජ්‍ය ප්‍රකාශක නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/17/2025


මුලාශ්‍රය :

Germany to resume arms exports to Israel from Nov. 24


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...