BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'හමාස් ගාසා තීරයෙන් පලවා හැරිය යුතුයි' - ඊශ්‍රායල අගමැති

T

The Leader Desk

November 19, 2025 • 8:28 AM

'හමාස් ගාසා තීරයෙන් පලවා හැරිය යුතුයි' - ඊශ්‍රායල අගමැති  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයෙන් හමාස් සංවිධානය පලවා හැරිය යුතු බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (18) ප්‍රකාශ කළේය.
  • එහෙත්, වත්මන්  එක්සත් ජනපද සාම මාවත  ඊට ඉඳුරා වෙනස් බව ඊශ්‍රායල මතයයි.
  •   එම සැලැස්ම පරිදි,  ඊශ්‍රායලයට  සහ හමාස් සංවිධානයට වෙන් වශයෙන් පැවරී ඇති කාර්ය භාරය අනුව, තව දුරටත්, ඊට අනුගතව ඉදිරියට යා නොහැකි බව රාජතාන්ත්‍රිකයෝ රැසක් පෙන්වාදෙති.
  • එම සැලැස්මේ, එක් එක් වගවීම් සඳහා නිශ්චිත කාල වකවානු හා එකී පාර්ශ්ව සතු  බලගැන්වීමේ ක්‍රමවේද සඳහන් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ගාසා සාම සැලැස්මට  එක්සත් ජාතීන්ගේ (UN) ආරක්ෂක මණ්ඩල අනුමැතිය ලැබීමෙන් දිනකට පසු, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එසේ පැවසීය. ගාසා යුද්ධය අවසන් කිරීමේ ජනපති ට්‍රම්ප්ගේ සාම සැලැස්ම අනුමත වීම, හමාස් සංවිධානයට ජාත්‍යන්තර සමාව හිමිවීමකි.

ඉකුත් සැප්තැම්බරයේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, ධවල මදිරය වෙත සිදු කළ සංචාරයකදී එම සාම සැලැස්මට  ප්‍රසිද්ධියේ  ප්‍රසාදය පල කළේය. එහෙත්, වත්මන්  එක්සත් ජනපද සාම මාවත  ඊට ඉඳුරා වෙනස් බව ඊශ්‍රායල මතයයි. පසුගියදා එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලද, ජනපති ට්‍රම්ප්ගේ සාම සැලැස්ම හමාස් සංවිධානය විසින් ද ප්‍රතික්ෂේප කර තිබේ.

 

එම සැලැස්ම පරිදි,  ඊශ්‍රායලයට  සහ හමාස් සංවිධානයට වෙන් වශයෙන් පැවරී ඇති කාර්ය භාරය අනුව, තව දුරටත්, ඊට අනුගතව ඉදිරියට යා නොහැකි බව රාජතාන්ත්‍රිකයෝ රැසක් පෙන්වාදෙති. එම සැලැස්මේ, එක් එක් වගවීම් සඳහා නිශ්චිත කාල වකවානු හා එකී පාර්ශ්ව සතු  බලගැන්වීමේ ක්‍රමවේද සඳහන් නොවේ. එසේ තිබියද, ඊට තවදුරටත්  ජාත්‍යන්තර සහාය හිමිව තිබේ.

ගාසා සාම සැලැස්මට එක්සත් ජාතීන්ගේ අනුමැතිය හිමි වීම පිළිබඳව, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඊයේ එක්ස් (X) පණිවුඩ රැසක් නිකුත් කළේය. ඉන් එක් පණිවුඩයක, ගාසා සාම සැලැස්ම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් වෙත ඔහුගේ  ප්‍රසාදය පල කර තිබේ. එම සාම සැලැස්ම මගින් ගාසා තීරය යුද මුක්ත කලාපයක් බවට පත්  කිරීම, හමාස් සංවිධානය නිරායුධකරණය සහ විප්ලවීය භාවයෙන් විනිර්මුක්ත  කිරීම, සාමයට සහ සෞභාග්‍යයට මග පෙන්වීමක් බව, ඊශ්‍රායලයේ විශ්වාසය යැයි, ඔහුගේ තවත් පණිවුඩයක දැක්වේ.

cvetvrtry657
"අපගේ අසල්වාසීන් සියල්ලන් වෙත සාමය  සහ සෞභාග්‍යය පෙරදැරිව, ඊශ්‍රායලය සිය දෑත දිගු කර සිටී. එමෙන්ම, හමාස් සංවිධානය සහ ඊට සහාය දක්වන්නන් සමස්ත කලාපයෙන්ම නෙරපා හැරීමට අප හා එක්වන ලෙස ඊශ්‍රායලය, සියලු අසල්වැසි රටවලින් ඉල්ලා සිටී," යනුවෙන් අග්‍රාමාත්‍ය නෙතන්යාහු පවසයි.    

හමාස් සංවිධානය "නෙරපා හැරීම" යන්නෙන් අග්‍රාමාත්‍යවරයා අදහස් කරන්නේ, කරුණු 20කින් යුත්, ජනපති ට්‍රම්ප්ගේ සාම සැලැස්ම ප්‍රකාරව, ගාසා   තීරයේ කිසිසේත්  හමාස් නියෝජනයක්  නොපැවතීම සහ එහි  පලස්තීන ජනතාව  පාලනයට  මින් මතු කිසිදු අයිතියක් හමාස් සංවිධානය සතු නොවීම බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

අවි බිම තබා සාමකාමී සහජීවනයට අනුගත වන හමාස් සාමාජිකයින්ට සමාව දෙන බව, එක්සත් ජනපද ජනපතිගේ ගාසා සාම සැලැස්මේ සඳහන්ය. එමෙන්ම, ගාසා තීරය හැර යාමට කැමැත්ත පලකරන එම සාමාජිකයින්ට තෙවන රටකට ආරක්ෂාකාරීව පලා යාමට පහසුකම් සලසන බවද එහි දැක්වේ.

 

xntyr8q7oxad
ගාසා තීරය පාලනය කිරීමට කිසිදු  අයුරකින්  සහභාගී නොවන බවට හමාස් සංවිධානය එකඟ විය යුතු බවට වන වගන්තියක්ද ඊට  ඇතුළත්ය. එහෙත්, හමාස් සංවිධානය අනිවාර්යයෙන් විසුරුවා හැරිය  යුතු බවට හෝ ගාසා තීරයෙන් ඉවත් විය යුතු බවට එහි කිසිදු සඳහනක් නැත.

එම සාම සැලැස්මට අනුව, බටහිර ඉවුරේ පලස්තීන අධිකාරිය ට සමාන පාලන ආකෘතියක්, අවසානයේ  ගාසා තීරයේ ද ස්ථාපිත කෙරේ. පලස්තීන රාජ්‍යයකට මාවත එම ක්‍රමවේදය බවට අනුදත යුතු යැයි, එහි වැඩි දුරටත් දක්වා තිබේ.  

එහෙත්, සන්ධාන රජයේ අන්ත දක්ෂිණාංශිකයින්ගේ දැඩි විරෝධය හමුවේ, පලස්තීන රාජ්‍ය සංකල්පය ප්‍රතික්ෂේප කරන බව, ඊශ්‍රායල  අග්‍රාමාත්‍යවරයා ඉරිදා (16) කියා සිටියේය. ගාසා තීරයේ පලස්තීන අධිකාරියක් ස්ථාප්ත කිරීම ද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය වරයා එකහෙළා ප්‍රතික්ෂේප කර සිටී.

පසුගියදා පැවති  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ජනපති ට්‍රම්ප්ගේ සාම සැලසුම පරිදි, ගාසා තීරයේ පාලනයට තාවකාලික පදනමින් බහු ජාතික හමුදාවක් පිටත් කර හැරීමේ යෝජනාව ද සම්මත විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/19/2025

මුලාශ්‍රය :

After UN vote, Netanyahu calls for Hamas' expulsion from the region

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...