BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මාධ්‍යවේදී ජමාල් ඛශෝගි ඝාතනය ගැන සෞදි කුමරා මොකුත් දන්නෑ...!

T

The Leader Desk

November 19, 2025 • 9:44 AM

මාධ්‍යවේදී ජමාල් ඛශෝගි ඝාතනය ගැන සෞදි කුමරා මොකුත් දන්නෑ...!  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞදි ඔටුන්න හිමි කුමරු, මොහම්මෙද් බින් සල්මන් (Mohammed bin Salman) සෞදි ඒජන්තවරුන් විසින් 2018 දී ඝාතනය කෙරෙනු මාධ්‍යවේදී ජමාල් ඛශෝගි (Jamal Khashoggi) පිලිබඳ කිසිත් නොදන්නා බව කියන්නේ යැයි, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (18) කියා සිටියේය.
  • ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී, ඛශෝගි අත්අඩංගුවට ගැනීමට හෝ ඝාතනය කිරීමට, බින් සල්මන් අනුමැතිය ලබා දී තිබූ  බව, එක්සත් ජනපද බුද්ධි අංශ මීට පෙර අනාවරණය කළහ.
  • එම මෙහෙයුමට අණ දුන් බවට චෝදනා ප්‍රතික්ෂේප කරන මුත්, සෞදි රාජ්‍යයේ තථ්‍ය පාලක ලෙස එහි වගකීම භාරගන්නා බව සෞදි කුමරා ධවල මදිරයේදී කියා සිටියේය.
  •   "ඔබලා ඔහුට කැමති වුණත් නැතත්, ඔය කියන මහත්තයට ගොඩ දෙනෙක් කැමති නෑ," බින් සල්මන් පසෙක හිඳුවා මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළ ජනපති ට්‍රම්ප් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජනපදයේ දී සිදුකළ සෞදි ඔටුන්න හිමි කුමාරගේ එම ප්‍රකාශය, ඛශෝගි ඝාතනය සම්බන්ධයෙන් එරට බුද්ධි අංශ වාර්තා හා පරස්පරතා මතු කර තිබේ.

ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී, ඛශෝගි අත්අඩංගුවට ගැනීමට හෝ ඝාතනය කිරීමට, බින් සල්මන් අනුමැතිය ලබා දී තිබූ  බව, එක්සත් ජනපද බුද්ධි අංශ මීට පෙර අනාවරණය කළහ. එම මෙහෙයුමට අණ දුන් බවට චෝදනා ප්‍රතික්ෂේප කරන මුත්, සෞදි රාජ්‍යයේ තථ්‍ය පාලක ලෙස එහි වගකීම භාරගන්නා බව සෞදි කුමරා ධවල මදිරයේදී කියා සිටියේය.

 

"ඔබලා ඔහුට කැමති වුණත් නැතත්, ඔය කියන මහත්තයට ගොඩ දෙනෙක් කැමති නෑ," බින් සල්මන් පසෙක හිඳුවා මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළ ජනපති ට්‍රම්ප් පැවසීය. "ඒ දේ සිද්ධ වුණා.. මෙයා කියන්නෙ, මොනවත් දන්නෑ කියලනේ, ඉතින් අපි ඒක එතනින් ඉවර කරලා දාමු," ඔහු කියා සිටියේය.

ඛශෝගි ඝාතනය කන වැකීම "වේදනාකාරී" පුවතක් වූ බව, බින් සලමන් පැවසීය. සිය රජය ඒ පිලිබඳ විමර්ශනය පිණිස සෑම පියවරක්ම ගත්  බව ද ඔහු කියා සිටියේය. "එවැනි දෙයක් සිදු නොවීම සහතික කිරීමට අප අපගේ පද්ධතිය වැඩි දියුණු කළා. එය අතිශය වේදනා සහගත සිදුවීමක්. එසේම, අත් වරදකින් සිදුවූවක්," ඔහු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්  ප්‍රකාශ කළේය.  

ඛශෝගි පිලිබඳ ප්‍රශ්න කළ මාධ්‍යවේදියාට, ආගන්තුකයා අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් තරවටු කළ ජනපති ට්‍රම්ප්, මානව හිමිකම් පිලිබඳ "විශ්මිත" මෙහෙවරක් කළ සෞදි ඔටුන්න හිමි කුමරාට ප්‍රසාදය පල කළ අතර "විශ්මිත" මෙහෙවර කුමක් දැයි පහදා කීමෙන් වැළකී සිටියේය.  

 

khashogiජමාල් ඛශෝගි
ඛශෝගි විවාදාත්මක හෝ කවරකුගේ හෝ නොසතුටට භාජනය වූ පමණින්, එවැනි සාහසික අපරාධයක් කිසිදු අයුරකින් සාධාරණීකරණය කළ නොහැකි බව, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී, ජමාල් ඛශෝගි ගේ බිරිඳ,  හනාන් එලැටාර්  ඛශෝගි (Hanan Elatr Khashoggi), රොයිටර්ස් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියාය. සත්‍ය ජමාල් යනු කවුදැයි, හඳුන්වාදීමට තමාව ධවල මන්දිරයට කැඳවන ලෙස ද ඇය ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දන්වා සිටියාය.

සෞදි රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරු, එම ඝාතනයෙන් පළුදු වූ ප්‍රතිරූපය "පුනරුත්ථාපනය" කරගනුවස්, එක්සත් ජනපද ධවල මන්දිරයේ සංචාරයේ යෙදෙන්නේ "හත් අවුරුද්දකින්," ප්‍රථම වරටය. එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළ දිනපතා පුවත්පතක් වන වොෂින්ටන් පෝස්ට් (Washington Post) හි තීරු ලිපි රචකයකු සේම, එහි සිට සෞදි නායකත්වය නිර්දය විවේචනයේ යෙදුණු, මාධ්‍යවේදී  ඛශෝගි ඝාතනය පිලිබඳ, කිසිත් නොදන්නා බව, ඕවල් කාර්යාලයේ (Oval Office) සිට සෞදි කුමරා පැවසීමත් සමග, එය යළිත් මාධ්‍යවේදීන්ගේ තොරතුරු උල්පතක් බවට පත් ව තිබේ.

ඕවල් කාර්යාලය යනු, එක්සත් ජනපද ජනපතිවරයාගේ නිල කාර්යාලයයි. එය, ධවල මන්දිරයේ බටහිර කොටසේ පිහිටා තිබේ.

 

trump mbs meeting 191125 01 1763522455
සෞදි අරාබිය, නැටෝ නොවන සන්ධාන සාමාජිකයකු ලෙස නම් කරන බව, එම හමුවෙන් අනතුරුව ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. දෙරට අතර අවි ගනුදෙනු, සිවිල් න්‍යෂ්ටික සහයෝගිතාව, කෘත්‍රිම බුද්ධිය සහ අත්‍යවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය පිලිබඳ ගිවිසුම් කිහිපයකට ද එහිදී අත්සන් තැබිණි.

ඛශෝගි ඝාතනයෙන් පරිබාහිර තවත් සිදුවීම් රැසක් සම්බන්ධයෙන් බින් සල්මන් මානව හිමිකම් සංවිධානවල විවේචනයට ලක්ව සිටී. සෞදි රාජ්‍ය තන්ත්‍රය තුළ ද ඔහුට ඒ සම්බන්ධ චෝදනා පැවතියද, එහි දැඩි මතධාරී සංස්කෘතික රාමුව බිඳ සමාජ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට ඔහු පියවර ගත්තේය.

සෞදි කුමරාට, වොෂින්ටනයේ දී හමුදා ගෞරව  සහ ආචාර වෙඩි මුර සහිත ඉතා ඉහළ පිළිගැනීමක් හිමි විය. ඒ සමග, ඛශෝගි ඝාතනයෙන් දිගු කලක් තිස්සේ දෙදරා තිබූ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි තර කරමින් ආර්ථික වශයෙන් ලොව බලවත්ම රාජ්‍යය හා තෙල් අධිරාජ්‍යය අතර ද්වීපාර්ශ්වීය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද කටයුතු යෙදිණි.

ඉකුත් මැයි මස ජනපති ට්‍රම්ප් සෞදි අරාබියේ කළ සංචාරයේදී ගිවිසගත් එක්සත් ජනපදය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 600ක සෞදි අරාබි ආයෝජන, ඩොලර් ට්‍රිලියනය තෙක් වැඩි කරන බව ද බින් සල්මන් පැවසීය.

 

tru5n7n67
සෞදි අරාබියේ සිදු කෙරෙන ට්‍රම්ප්ගේ පවුල් ව්‍යාපාර, අභිලාශ අතර ගැටුමක් නොවේදැයි, ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදියකු නැගූ පැනය, ජනපතිවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය.

"පවුල් ව්‍යාපාරවලට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මම ඕවා අතෑරලා දාලයි තියෙන්නේ. දැන් මගේ ශක්තියෙන් සියයට සියයක් මම කැප කරලා ඉන්නෙ. පවුලේ අය කරන වැඩේ වැරද්දක් නෑ. ඒ අය කොහොමත් ලෝකෙ පුරා ව්‍යාපාර කරනවනෙ," ජනපති ට්‍රම්ප් එසේ පැවසීය.  

සෞදි අරාබිය හා ඊශ්‍රායලය අතර ද්වීපාර්ශ්වික සබඳතා සාමාන්‍ය අතට පත්වීම ද ජනපති ට්‍රම්ප්ගේ ප්‍රසාදයට පාත්‍ර විය. කෙසේ වුව,සෞදි අරාබිය ඒබ්‍රහම් ගිවිසුම් (Abraham Accords) වෙත අනුගත වන්නා සේම, ඊශ්‍රායලය විසින් පලස්තීන රාජ්‍යයකට මග විවර කළ යුතු බවද සෞදි කුමරා අවධාරණය කළේය.

එක්සත් ජනපද මූලිකත්වයෙන් ඊශ්‍රායලය සහ අරාබි රටවල් කිහිපයක් අතර 2020 දී අත්සන් තැබුණු සාම ගිවිසුම් මාලාව ඒබ්‍රහම් ගිවිසුම් ලෙස හැඳින්වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, සුඩානය සහ මොරොක්කෝව ඊට අත්සන් තැබූ අරාබි රටවල් ය.

සෞදි කුමරා වෙනුවෙන් ඊයේ  ධවල මන්දිරයේදී ජනපති ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් කළු-කර පටි රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/19/2025

මුලාශ්‍රය :

Trump says visiting Saudi crown prince knew nothing about Khashoggi killing, contradicting US intel

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...