BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බටහිර යුක්‍රේනයට රුසියාවෙන් දැඩි ප්‍රහාර

T

The Leader Desk

November 19, 2025 • 10:39 AM

බටහිර යුක්‍රේනයට රුසියාවෙන් දැඩි ප්‍රහාර  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර යුක්‍රේනය අද (19) රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් සලිත විය. එල්වීව් ( Lviv ) සහ ටර්නොපිල් (Ternopil) නගර එම ප්‍රහාරයන්ට ගොදුරු විය.
  • ටර්නොපිල් හි නේවාසික මහල් ගොඩනැගිල්ලක් ප්‍රහාරයෙන් විනාශ වී ඇතැයි, යුක්‍රේන මාධ්‍ය ප්‍රකාශ කළේය.
  • රුසියානු ප්‍රහාරය අතර වාරයේ  එල්වීව් හි විදුලි විසන්ධි වීම් වාර්තා විය.
  • ප්‍රහාරය හේතුවෙන්, බටහිර යුක්‍රේන මායිමේ පිහිටි නැටෝ සාමාජික පෝලන්තයේ ජෙෂූෆ් (Rzeszow ) සහ ලුබින් ( Lublin) ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

රුසියාව යළි යුක්‍රේන බලශක්ති මර්මස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටින බව, යුක්‍රේන බලශක්ති අමාත්‍යංශය ටේලිග්‍රැම් පණිවුඩයක් මගින් කියා සිටී. යුක්‍රේනයේ පෙදෙස් රැසක හදිසි විදුලි බිඳ වැටීම් ද නිවේදනය කර තිබේ.

ප්‍රහාරයේ හානිය මෙතක් නිශ්චිතව වාර්තා වී නැත.

yuk2
ටර්නොපිල් හි නේවාසික මහල් ගොඩනැගිල්ලක් ප්‍රහාරයෙන් විනාශ වී ඇතැයි, යුක්‍රේන මාධ්‍ය ප්‍රකාශ කළේය. රුසියානු ප්‍රහාරය අතර වාරයේ  එල්වීව් හි විදුලි විසන්ධි වීම් වාර්තා විය.

ප්‍රහාරය හේතුවෙන්, බටහිර යුක්‍රේන මායිමේ පිහිටි නැටෝ සාමාජික පෝලන්තයේ ජෙෂූෆ් (Rzeszow ) සහ ලුබින් ( Lublin) ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. සිය ගුවන් කලාපය ආරක්ෂා කරනු පිණිස, පෝලන්තය ප්‍රහාරක යානා පිටත් කර හැරියේය. නැටෝ සන්ධාන හමුදා ද ඊට එක්වූහ.

yuk 3

 

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/19/2025

Explosions shake western Ukraine after Russia's missile, drone attacks

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බටහිර යුක්‍රේනයට රුසියාවෙන් දැඩි ප්‍රහාර | The Leader