BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ත්‍රස්ත ක්‍රියාවකට මග හැදූ මානසික ආතතිය; ඉන්දුනීසියානු බෝම්බ පිපිරීම බාල වයස්කරුවකුගේ වැඩක්

T

The Leader Desk

November 20, 2025 • 9:50 AM

ත්‍රස්ත ක්‍රියාවකට මග හැදූ මානසික ආතතිය; ඉන්දුනීසියානු බෝම්බ පිපිරීම බාල වයස්කරුවකුගේ වැඩක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දුනීසියාවේ පාසලක මුස්ලිම් දේවස්ථානයක් තුළ පසුගියදා සිදු වූ බෝම්බ පිරිරීමක් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සිසුවකු සතු දිනපොතක සහ මාර්ගගත දිගුවක තිබී ඒ සම්බන්ධ තතු රැසක් අනාවරණය වී තිබේ.
  • සැකකාර සිසුවා ටෙලිග්‍රැම් සමාජ ජාලය ඔස්සේ යම් සමූහයකට සම්බන්ධව සිටි බවට ද කරුණු අනාවරණය වී තිබේ.
  •  එම සමූහයට සම්බන්ධ පිරිස් නිරන්තරව සුදු ආධිපත්‍යවාදී ප්‍රහාර පිලිබඳ අභිරුචියකින් සංනිවේදනයේ යෙදුණු බව ද හෙළි ව ඇත.
  •   මෙම මස 7දා ජකර්තා අගනුවර පාසල් සංකීර්ණයක් තුළ වූ මුස්ලිම් දේවස්ථානයක සිසුන් ඇතුළු ඉස්ලාම් භක්තිකයින් ආගමික වතාවත් පිණිස පැමිණි අවස්ථාවක එම බෝම්බ පිපිරීම සිදු විය.
අකුරු ප්‍රමාණය (Font Size):


පිටු 42ක් පුරා ඔහුගේ අත් අකුරින් ලියා ඇති එම  දිනපොතෙහි, සැකකරු දැඩි හුදෙකලා බවකින් පෙළෙමින් සිටි බව සටහන් කර ඇතැයි, පොලිසිය පවසයි.

සැකකාර සිසුවා ටෙලිග්‍රැම් සමාජ ජාලය ඔස්සේ යම් සමූහයකට සම්බන්ධව සිටි බවට ද කරුණු අනාවරණය වී තිබේ.  එම සමූහයට සම්බන්ධ පිරිස් නිරන්තරව සුදු ආධිපත්‍යවාදී ප්‍රහාර පිලිබඳ අභිරුචියකින් සංනිවේදනයේ යෙදුණු බව ද හෙළි ව ඇත.

aioj9w48u

 

මෙම මස 7දා ජකර්තා අගනුවර පාසල් සංකීර්ණයක් තුළ වූ මුස්ලිම් දේවස්ථානයක සිසුන් ඇතුළු ඉස්ලාම් භක්තිකයින් ආගමික වතාවත් පිණිස පැමිණි අවස්ථාවක එම බෝම්බ පිපිරීම සිදු විය. සිද්ධියෙන් පුද්ගලයින් 96 දෙනෙක් තුවාළ ලැබූහ.

සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ අන්තර්ජාල අතීතය පොලිස් විමර්ශනයන්ට බඳුන් විය. ඔහුගේ නිවෙසද පොලිස් වැටලීමට ලක් විය. මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක, ඊට එරෙහි ප්‍රහාරයක් සැලසුම් කිරීමට තරම් අන්තගාමී වීමට 17 හැවිරිදි පාසල් සිසුවකු පෙළඹීමට හේතු වූ කරුණු රැසක් අනාවරණය කර ගැනීමට එහිදී හැකි විය.

අත්‍යන්ත හුදෙකලාවෙන් පෙළුණු එම සිසුවා, සමාජානුයෝජනය පිණිස එම මාර්ගගත සමූහය හා එක්වී ඇති බවට මූලික විමර්ශන වලදී හෙළි කර  ගත් බව, පොලිසිය පවසයි.

 



ඉන්දුනීසියාවේ බාල වයස්කාර අපරාධ විධිවිධාන ප්‍රකාරව, සැකකරු ළමා චූදිතයකු ලෙස නීතිය හමුවට කැඳවා තිබේ.

කෙසේ වෙතත්, යූ ටියුබ් (YouTube) වීඩියෝ මගින් ලද උපදෙස් මත පමණක් එම පිපිරීමට යොදාගත් කුඩා බෝම්බ හත ඔහු විසින් නිවසේ හුදෙකලාවම නිපද වූ ඒවා නොවන බවට, පොලිසිය සැක පල කරයි.

සිසුවාවිසින්,  කිසිදු පූර්ව සැකයකට හසු  නොවන සේ, අදාළ බෝම්බ නිෂ්පාදනයට අවැසි පොටෑසියම් ක්ලෝරයිඩ් සහ ඇණ, මාර්ග ගත වෙළඳපොළ ඔස්සේ  මිලදී ගෙන තිබේ. එවන් ආරක්ෂක හිදැසක් සිදුවූ ආකාරය සමීපව විමර්ශනය කරන බව ද පොලිසිය සඳහන් කරයි.

jac30984y

 

සැකකාර සිසුවා විසින් නිපදවන ලද බෝම්බ හතෙන් හතරක් පුපුරා ගිය අතර තුනක් අක්‍රිය විය.

සිසුවා සම්බන්ධව සිටි ජාත්‍යන්තර  ටෙලිග්‍රැම් සමාජ ජාල සමූහයේ සාමාජිකයින් නිරන්තරව භීෂණ සහ හිංසාකාරී අන්තර්ගතයන් මාර්ගගතව, හුවමාරු කරගත් බව, පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

2019 වසරේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි සිදු වූ සමූහ ඝාතනය සහ 1999 වසරේ එක්සත් ජනපදයේ කොලොම්බියානු උසස් පාසලක සිදු කළ වෙඩි තැබීම වැනි භීෂණකාරී අතීත ප්‍රහාර පිලිබඳ එහි සාමාජිකයින් අතර නිරන්තර අදහස් හුවමාරු සහ සාකච්ඡා සිදු ව ඇත.  

එවන් අන්තර්ගතයන් ටෙලිග්‍රැම් සමාජ ජාලය ඔස්සේ හුවමාරු කිරීම සපුරා තහනම් බව එහි සේවා සම්පාදකයෝ පවසති. ඒ. අයි. (AI) තාක්ෂණය  ඔස්සේ එවැනි තොරතුරු පිලිබඳ නිරන්තර සෝදිසියේ යෙදෙන බවත්, ඒ ඔස්සේ දෛනිකව මිලියන සංඛ්‍යාත හිංසනික අන්තර්ගතයන් ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙන බවත් ඔවුහු කියා සිටිති.

2025 11 08T074529Z 1 LYNXMPELA7036 RTROPTP 3 INDONESIA EXPLOSION
සැකකාර සිසුවා පදිංචිව සිටි නිවස වැටලීමෙන් සොයා ගත්  ඔහුගේ දින පොත, "අරගලයේ දිනපොත" ලෙස නම් කර තිබූ බව ද පොලිසිය පවසයි. එහි සඳහන්  බෝහෝ දෑ  ඉංග්‍රීසි බසින්, ඔහුගේ අත් අකුරින් ලියා තිබේ. ඒ අතර, පාසල් දේවස්ථානයේ කටු සටහන් සහ පාසල් පරිශ්‍රයේ සැලැස්ම  ද ඇඳ තිබූ බව පොලිසිය කියයි.  එම සැලැස්ම මත බෝම්බ සවි කළ යුතු ස්ථාන සලකුණු කර තිබිණි.

එහි 'නොවැම්බර 7' ලෙස ප්‍රහාරය සැලසුම් කළ දිනය ඔහුගේම අත් අකුරින් ලියා තිබිණි. මුස්ලිම් භක්තිකයින්ගේ යාඥා දිනය වන සිකුරාදාවක් ප්‍රහාරය පිණිස යොදා ගැනීමට සැලසුම් කිරීම තුළින්, ප්‍රහාරකයා  උපරිම වින්දිතයින් සංඛ්‍යාවක් අපේක්ෂා කළ බටට සැක කෙරේ.

එම දිනපොතෙහි සැකකාර සිසුවාගේ අතීත ආතතීන් පිළිබඳවද සටහන් කර තිබේ. අන්‍යයන්ටද හානි පමුණුවමින් ජීවිතය අවසන් කර ගැනීමට අවශ්‍ය යැයි, ඔහු විසින් එහි සඳහන් ය.  ඔහු පහළ-ආදායම්  පවුලක සාමාජිකයකු බව එම ඥාතීහු පවසති. ඔහුගේ පියා ආහාර ඇණවුම් ආයතනයක කෝකි වරයකු ලෙස සේවය කරයි.

jacoufg88
ඔවුහු, උතුරු ජකර්තාවේ, මැද පන්ති පෙදෙසක දෙමහල් නිවෙසක වාසය කළහ. සැකකාර සිසුවාගේ පියා සේවය කරන ආයතනයේ හිමි කරුට අයත් එම නිවසේ, තවත් කිහිපදෙනෙක් වාසය කළ බව ද අනාවරණය වී තිබේ.

නිවසේ ගත කළ කාලයෙන් වැඩි කොටසක් ඔහු සිය නිදන කාමරයේම ගත කළ බවත්, පිටතට පැමිණයේ ආහාර ගැනීමට පමණක් බවත්  එහි විසූ ඔහුගේ ඥාතිවරියක විසින් පවසා තිබේ. සැකකාර සිසුවා නිරන්තරයෙන් ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ එල්බ සිටි බවද හෙළි විය. ඔහුගේ දෙමාපියන් දික්කසාද ව,  මව වෙනත් විවාහයක් කර ගැනීමන් අනතුරුව සිසුවා බොහෝ සෙයින් " අත්හළ" දිවියක් ගත කළ බවද එම ඥාතිවරිය විසින් පවසා තිබේ. ඔහුට සවන් දීමට පවුලේ කිසිවකු හෝ, ඔහුගේ මානසික පීඩනය ප්‍රකාශ කිරීමට මිතුරකු හෝ අසල්වැසියකු නොවූ බවද, ඇය කියා සිටියාය.  

Indonesia Explosions 47188

 

මාර්ගගත ක්‍රම ඔස්සේ මිලට ගත් ඇණ හා සෙල්ලම් තුවක්කු විනෝදය පිණිස ඇණවුම් කළ බැව්, සැලසුම් වසන් කිරීම පිණිස, සිසුවා විසින් සිය පියාට පවසා තිබිණි.  

මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් ඔහු විසින් එම පිපිරීම සිදු කර තිබේ. එහෙත්, සිසුවාගේ ශරීරයට සම්බන්ධ කර තිබූ බෝම්බයක් හරිහැටි පුපුරා නොගියෙන්, ඔහුට දිවි ගලවා ගැනීමට හැකි විය. අනතුරුව, තුවාළ ලැබූවන් අතර සිටි එම සිසුවාද, රෝහල් ගත කිරීමට පියවර ගැනිණි.ඔහුගේ තත්ත්වය යහපත් බවත්, කඩිනමින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කෙරෙන බවත්, පොලිසිය සඳහන් කරයි. සැකකාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පරිවාස කාර්යාලය විසින් ඒ පිළිබඳව නිසි උපදෙස් සැපයේ. නීති කෘත්‍යයෙන් අනතුරුව ඔහු රාජ්‍ය භාරයේ රඳවා තබන්නේ ද නොඑසේව, දෙමාපියන් වෙත භාර දෙන්නේද යන්න පසුව තීරණය කෙරේ.

ඉන්දුනීසියාව, ලොව සිව් වන වැඩිම ජනගහනය සහිත ආර්ථිකයයි. තරුණ කොටස් වෙත සමාජ මාධ්‍ය හැකි තාක් වාරණය පිණිස රජය පසු ගිය සමයේ දැඩි ප්‍රයත්නයක නිරත විය. සීග්‍රයෙන් වර්ධනය වන තරුණ ජනගහනයක් සහිත එරට බහුතර සමාජ මාධ්‍ය පරිශීලකයෝ ජෙන්-සී (Gen-Z) පරපුර නියෝජනය කරන්නෝය.

f57ciug

 

අඟහරුවාදා (18) ඉන්දුනීසියානු පොලිසිය, වයස අවුරුදු 10ත් 18ත් අතර ළමුන් 110ක් ත්‍රස්තවාදී ජාලයන්ට බඳවා ගත් සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්තේය.

සමාජ මාධ්‍ය ඔස්සේ තරුණ පරපුර රැඩිකල්වාදී විප්ලවීයයන් බවට පත්වීමේ සැබෑ අන්තරායයක් පවතින බව එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිලිබඳ පැවති මාධ්‍ය හමුවකදී ඉන්දුනීසියානු නිලධාරීහු අවධාරණය කළහ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/20 /2025

මුලාශ්‍රය :

Indonesian teen's diary and online trail reveal path to Jakarta mosque blasts

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ත්‍රස්ත ක්‍රියාවකට මග හැදූ මානසික ආතතිය; ඉන්දුනීසියානු බෝම්බ පිපිරීම බාල වයස්කරුවකුගේ වැඩක් | The Leader