BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බ්‍රිතාන්‍යයේ විදෙස් ශ්‍රමිකයන්ට නව නීති; ස්ථිර පදිංචියට පොරොත්තු කාලය දෙගුණ කෙරේ

T

The Leader Desk

November 21, 2025 • 10:17 AM

බ්‍රිතාන්‍යයේ විදෙස් ශ්‍රමිකයන්ට නව නීති; ස්ථිර පදිංචියට පොරොත්තු කාලය දෙගුණ කෙරේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යයේ සේවයේ නිරත විදෙස් ශ්‍රමිකයන්ට ස්ථිර පදිංචි තත්ත්ව අවසරය ලබා දීමට ගතවන කාලය දෙගුණයකින් දීර්ඝ කිරීමට සැලසුම් කරන බව රජය පවසයි.
  • නව නීති යටතේ,  ඇතැම් නීති විරෝධී සංක්‍රමණිකයින්ට ඒ වෙනුවෙන් රැඳී සිටීමට ගතවන කාලය වසර 30ක් ලෙස දීර්ඝ කර තිබේ.
  • එම පිරිස් හට බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය පිරිනැමීමේ පොරොත්තු කාලසීමාව තව දුරටත් දීර්ඝ කළහොත්,  50,000කට අධික විදෙස් හෙද සේවක සේවිකා පිරිසක් බ්‍රිතාන්‍යය හැර යාමේ අවදානමක් පවතින බව, ප්‍රධාන හෙද වෘත්තීය සමිතිය විසින් අනතුරු අඟවා තිබේ.
  • නව නීති කඩ කරන්නන් වෙත දඩ පැනවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, එරට විදෙස් ශ්‍රමිකයින් බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචියට සුදුසුකම් ලැබීමට වසර 10 ක පොරොත්තු කාලයක් රැඳී සිටිය යුතු බව රජය ඊයේ (20) නිවේදනය කළේය.

වෛද්‍ය වෘත්තිකයින් සහ හෙද සේවයේ නියුතු වූවන් වෙනුවෙන් ව්‍යතිරේක නීර්ණ සම්පාදනය කෙරේ. නව නීති යටතේ,  ඇතැම් නීති විරෝධී සංක්‍රමණිකයින්ට ඒ වෙනුවෙන් රැඳී සිටීමට ගතවන කාලය වසර 30ක් ලෙස දීර්ඝ කර තිබේ.

 

skynews border immigration 5454385

බ්‍රිතාන්‍ය දේශපාලනය තුළ දශකයකට අධික කාලයක සිට සංක්‍රමණික ගැටලුව විවාදිතව පවතී. බලයට පත් විවිධ රජයන් නීති විරෝධී සංක්‍රමණ නවතාලීමට පියවර වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනයේ යෙදුණ ද, ගැටලුව සහමුළින්  අවසන් කිරීමට නොහැකි විය. මෑතකදී, බ්‍රිතාන්‍යය වීසා නීති දැඩි කළ අතර විදෙස් ශ්‍රමිකයින් හට වේතන සීමා පැනවීමට ද පියවර ගත්තේය.

එරට ඉහළ වැටුප් ලබන සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු විදේශිකයින්ට නව නීති සීමා අදාල නොවේ. ඔවුන් හට බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය අනුමත කිරීම, කඩිනම් වැඩපිළිවෙළක් යටතේ සිදු කෙරේ. රජයේ ජාතික සෞඛ්‍ය සේවයේ නියුතු විදෙස් වෛද්‍යවරුන් සහ හෙදියන් වෙනුවෙන් වන එම කාලය, මේ තාක් පැවති වසර පහක පොරොත්තු කාල සීමාවේ නොවෙනස්ව පවතී.

 

uk iimig
බ්‍රිතාන්‍යය තුළ ජාතික සෞඛ්‍ය සේවයේ නිරත වෛද්‍ය වෘත්තිකයින්ගෙන් තුනෙන් දෙකකට අධික පිරිසක් විදේශිකයෝ වෙත්. එම හෙද සේවයේ නිරත හරි අඩකට ආසන්න පිරිසක් ද විදෙස් වෘත්තිකයින්ය. එම පිරිස් හට බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය පිරිනැමීමේ පොරොත්තු කාලසීමාව තව දුරටත් දීර්ඝ කළහොත්,  50,000කට අධික විදෙස් හෙද සේවක සේවිකා පිරිසක් බ්‍රිතාන්‍යය හැර යාමේ අවදානමක් පවතින බව, ප්‍රධාන හෙද වෘත්තීය සමිතිය විසින් අනතුරු අඟවා තිබේ.

නව නීති කඩ කරන්නන් වෙත දඩ පැනවේ. සහන මත පමණක් රැඳී සිටින විදේශිකයින් හට ස්ථිර පදිංචිය පිරිනැමීමේ පොරොත්තු කාලය වසර 20ක් තෙක් දීර්ඝ කෙරේ. එය යුරෝපයේ ඊට අදාළ වැඩිම කාලය වේ. අනීතිකව සංක්‍රමණය වූ හෝ වීසා කල් ඉකුත් වූ විදේශිකයින් හට වසර 30ක් තෙක් පොරොත්තු කාලයක රැඳී සිටීමට සිදු වේ.

 

නව නීති හඳුන්වාදීමට පෙර, 2026 සහ 2030 කාලය තුළ බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය පතා එරට රැඳී සිටින පිරිස මිලියන 1.6ක් බවට රජය විසින් ගණන් බලා තිබේ. 2023 මාර්තු මස වන විට, එරට විදෙස් සංක්‍රමණ,  944,000ක උපරිමයට ලඟා විය.  

බ්‍රිතාන්‍යයේ සරණාගත ප්‍රතිපත්ති වෙනස් කිරීමටද රජය ඉකුත් සතියේ පියවර ගත්තේය. ඒ අනුව, එරටට සංක්‍රමණය වන විදේශිකයින්ට පිරිනැමෙන්නේ තාවකාලික සරණාගත තත්ත්වයකි. නීති විරෝධී  විදෙස් සංක්‍රමණිකයින් පිටුවහල් කිරීම ද කඩිනම් කෙරේ.

බ්‍රිතාන්‍ය ඡන්ද බලය හිමි මිලියන 69ක ජනගහනයෙන් බහුතරය, විදෙස් සංක්‍රමණ හේතුවෙන් පොදු සේවා පීඩනයට පත්ව ඇතැයි චෝදනා කරයි. සෞඛ්‍ය සහ සමාජ සත්කාර ක්ෂේත්‍රයන්හි ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍ය බව අනෙක් පාර්ශ්ව අවධාරණය කරති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
11/21 /2025

මුලාශ්‍රය :

Most foreign workers in UK face longer wait for settled status

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...