BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහරයක්

T

The Leader Desk

November 23, 2025 • 3:35 PM

යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහරයක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාවේ මොස්කව් නුවර තාපන සහ විදුලි ජනන මධ්‍යස්ථානයකට යුක්‍රේනය අද (23) දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.
  • එය ක්‍රෙම්ලිනයට කි.මී.120ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබේ.
  • ප්‍රදේශය කළු දුමාරයෙන් වැසී ඇති අයුරු ටෙලිග්‍රැම් සමාජ මධ්‍යයේ මුදා හැරුණු වීඩියෝ දර්ශන වල දැක්වේ.
  • ගුවන් ආරක්ෂක බලකා විසින් යුක්‍රේන ඩ්‍රෝන යාන රැසක් විනාශ කළ බව රුසියාව කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රහාරයෙන් එම ස්ථානයේ විශාල ගින්නක් හටගැනිණි. දහස් සංඛ්‍යාත පිරිසකට  ශීත සෘතුවේ, තාපන පහසුකම් ඇණහිට පවතී. මෙම ප්‍රහාරය, යුක්‍රේනය  විසින් මෑත කාලීනව රුසියානු අභ්‍යන්තරය වෙත එල්ල කළ බරපතල ප්‍රහාරයකි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ හටගත් දරුණුතම  සටන රුසියානු - යුක්‍රේන යුද්ධයයි. මේ වන විට, ඊට සිව් වසරකි. ගැටුම අතරතුර රුසියානු ප්‍රහාර බහුතරයක් යුක්‍රේනයේ තාපන සහ බලශක්ති මර්මස්ථාන ඉලක්ක කර එල්ල කෙරුණු අතර සිය නවතම ප්‍රහාරය තෙක්, යුක්‍රේනයේ ප්‍රධාන ඉලක්කය වූයේ, රුසියාවේ ඉන්ධන පිරිපහදුය.

අද පෙරයම යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක්වූයේ, රුසියාවේ ෂටුරා (Shatura Power Station) බලාගාරයයි. එය ක්‍රෙම්ලිනයට කි.මී.120ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබේ.

ප්‍රහාරයත් සමග විශාල ගින්නක් හට ගත්තේය. ප්‍රදේශය කළු දුමාරයෙන් වැසී ඇති අයුරු ටෙලිග්‍රැම් සමාජ මධ්‍යයේ මුදා හැරුණු වීඩියෝ දර්ශන වල දැක්වේ.

ගුවන් ආරක්ෂක බලකා විසින් යුක්‍රේන ඩ්‍රෝන යාන රැසක් විනාශ කළ බව රුසියාව කියයි. ප්‍රහාරයෙන් පසු හදිසි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කෙරුණු අතර, අධි ශීත ප්‍රදේශ වෙත වහා ජංගම තාපන පද්ධති පිටත් කර හැරීමට පියවර ගැනිණි.  ෂටුරා නගරයේ ජනගහනය 33,000 ඉක්මවයි.

යුක්‍රේනයේ රුසියානු පාලනයේ පවතින ප්‍රදේශ  සහ යුක්‍රේනය සමීපයේ පිහිටි රුසියානු ප්‍රදේශ කිහිපයක ඇති බලශක්ති සහ තාපන මධ්‍යස්ථාන  ද යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක් විය. එහෙත්, ඉන් බරපතල හානි හෝ එම මධ්‍යස්ථාන විනාශ වීම්  මෙතෙක් වාර්තා නොවේ. එම සමස්ත කලාපයේ ජනගහනය මිලියන 22 ඉක්මවයි.

ප්‍රහාරයන්ට එක්  වූ යුක්‍රේන  ඩ්‍රෝන 75ක් වෙඩි තබා බිම හෙළූ බව රුසියාව පවසයි. ඉන් 36ක් කළු මුහුදට ඉහළ අහසේ දී ය. ප්‍රහාරයත් සමග රුසියාවේ ව්නූකොවෝ (Vnukovo) ගුවන්තොටුපොළ කටයුතු පැයක පමණ කාලයකට තාවකාලිකව අත්හිටවිණි.

ෂටුරා බලශක්ති මධ්‍යස්ථානය  රුසියාවේ පිහිටි පැරණිතම විදුලි බලාගාරයකි. බොල්ෂෙවික් විප්ලවයෙන් පසු ව්ලැඩිමීර් ලෙනින්    (Vladimir Lenin) විසින් එය ස්ථාපනය කෙරිණි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/23 /2025

මුලාශ්‍රය :

Ukraine strikes Russian power and heat station in Moscow region


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...