BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පාකිස්ථානයේ අතුරු හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක්

T

The Leader Desk

November 24, 2025 • 5:00 AM

පාකිස්ථානයේ අතුරු හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්ථානයේ පෙෂාවොර් හි පිහිටි අතුරු හමුදා මූලස්ථානය තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයට ලක්වේ.
  • වෙඩි තැබීමට අමතරව මූලස්ථාන සංකීර්ණය වෙත මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් ද එල්ල වී ඇත.
  • තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි, රොයිටර්ස් කියයි.
  • පළමු මරාගෙන මැරෙන බෝම්බකරු විසින් මූලස්ථානයේ ප්‍රධාන පිවිසුම අසල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව අනෙක් මරාගෙන මැරෙන ත්‍රස්තයා ඊට ඇතුළු වූ බව, ජ්‍යෙෂ්ඨ නිලධාරියකු රොයිටර්ස් පුවත් සේවය හමුවේ පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (24) එරට දේශ සීමා අතුරු පොලිස් හමුදා මූලස්ථානය ප්‍රහාරයට ලක් වූ බව, පාකිස්ථාන පොලිසිය  තහවුරු කළේය. වෙඩි තැබීමට අමතරව මූලස්ථාන සංකීර්ණය වෙත මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් ද එල්ල වී ඇත. තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි, රොයිටර්ස් කියයි.

පළමු මරාගෙන මැරෙන බෝම්බකරු විසින් මූලස්ථානයේ ප්‍රධාන පිවිසුම අසල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව අනෙක් මරාගෙන මැරෙන ත්‍රස්තයා ඊට ඇතුළු වූ බව, ජ්‍යෙෂ්ඨ නිලධාරියකු රොයිටර්ස් පුවත් සේවය හමුවේ පැවසීය.

තත්ත්වය පාලනයට පාකිස්ථාන ආරක්ෂක හමුදා සහ පොලිසිය කැඳවා තිබේ. ප්‍රදේශය පීරා දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකය. එරට අතුරු හමුදා මූලස්ථානය දැඩි තදබදයක් සහිත ප්‍රදේශයක පිහිටා තිබේ. අසල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය අත්හිටුවා හමුදා සහ පොලිස් ආරක්ෂාව තර කර තිබේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාකිස්ථානයේ අතුරු හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් | The Leader