BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මැලේසියාවත් සමාජ මාධ්‍ය භාවිතයට වයස් සීමා පනවයි

T

The Leader Desk

November 24, 2025 • 8:48 AM

මැලේසියාවත් සමාජ මාධ්‍ය භාවිතයට වයස් සීමා පනවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැලේසියාවේ, වයස අවුරුදු 16 ට අඩු ගැටවරයින්ට, එන වසරේ සිට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගන්නා බව, සන්නිවේදන අමාත්‍ය ෆාහිම් ෆඩ්සිල් (Fahmi Fadzil ) ඊයේ (23) පැවසීය.
  • ළමා ආරක්ෂණය පිලිබඳ කරුණු සැලකිල්ලට ගෙන නව පියවර ගන්නා බව, රජය කියයි.
  • මෙහිදී, ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් විසින් එම නීතිය ක්‍රියාවට නැංවීමේදී සිදුකළ වයස් නීර්ණ ක්‍රමවේදයන් අවධානයට ගත්  බව ද, අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
  • සයිබර් අවකාශය හරහා සිදු කෙරෙන අපහාස, මූල්‍ය වංචා සහ ළමා අපචාර වැලක්වීම උදෙසා එම ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සමග තරුණ ළමුන්ට සමාජ මාධ්‍ය දොරටු වසන, ලොව රාජ්‍ය ප්‍රවණතා  අතරට මැලේසියාව ද එක්වේ. ළමා ආරක්ෂණය පිලිබඳ කරුණු සැලකිල්ලට ගෙන නව පියවර ගන්නා බව, රජය කියයි.

මෙහිදී, ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් විසින් එම නීතිය ක්‍රියාවට නැංවීමේදී සිදුකළ වයස් නීර්ණ ක්‍රමවේදයන් අවධානයට ගත්  බව ද, අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. සයිබර් අවකාශය හරහා සිදු කෙරෙන අපහාස, මූල්‍ය වංචා සහ ළමා අපචාර වැලක්වීම උදෙසා එම ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කරයි.

may67vr

"එන වසරේ සිට මෙරට ක්‍රියාත්මක සමාජ මාධ්‍ය සියල්ල රජයේ ප්‍රතිපත්තියට අනුගතවනු ඇති බව, අප විශ්වාසයයි. ඒ අනුව, වයස අවුරුදු 16ට අඩු සියළු තරුණ කොටස් වෙත සමාජ මාධ්‍ය  ගිණුම් විවෘත කිරීමට අවසර නොවිය යුතුයි," අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියේය.

ළමා සෞඛ්‍ය සහ ආරක්ෂණය කෙරෙහි සමාජ මාධ්‍යයේ බලපෑම පිලිබඳ ගෝලීය අවධානය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. මේ වන විටත්, ටික්ටොක්, ස්නැප්චැට්, ගූගල් සහ මෙටා වේදිකා හි ක්‍රියාත්මක මුහුණුපොත, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් සේවා සම්පාදකයෝ සමාජ මාධ්‍ය භාවිතයේ මානසික සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණ චෝදනාවන්ට ලක්ව සිටිති.

 



ලබන මස සිට ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ලියාපදිංචිය තහනම් ය. දැනටමත් ලියාපදිංචි එම ගිණුම් ද නව නීතිය යටතේ අක්‍රීය  කෙරේ.

ප්‍රංශය, ස්පාඥ්ඥය, ඉතාලිය, ඩෙන්මාර්කය, සහ ග්‍රීසිය ද වත්මන, සමාජ මාධ්‍යයේ වයස් නීර්ණ යෙදුමක් පිලිබඳ පරීක්ෂණයේ පසුවෙති.

මැලේසියාවේ අසල්වැසි ඉන්දුනීසියාවද, ඉකුත් වසරේ මේ පිලිබඳ නව ප්‍රවණතා කෙරෙහි අවධානයෙන් පසුවන බව, නිවේදනය කළේය. ඒ අනුව, ඉන්දුනීසියාවේ සමාජ මාධ්‍ය භාවිතයට ද වයස් සීමා පැනවීමට සැලසුම් කෙරේ. ඉන්දුනීසියාවේ පාසලක මුස්ලිම් දේවස්ථානයක් තුළ පසුගියදා සිදු වූ බෝම්බ පිරිරීමක්  සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සිසුවකු සතු දිනපොතක සහ මාර්ගගත දිගුවක තිබී ඒ සම්බන්ධ තතු රැසක් අනාවරණය විය. සැකකාර සිසුවා ටෙලිග්‍රැම් සමාජ මාධ්‍ය ඔස්සේ යම් සමූහයකට සම්බන්ධව සිටි බවට ද එහිදී කරුණු අනාවරණය විය.

kiuysi7yu

 

සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඉකුත් ජනවාරි මස මැලේසියාවේ පනවන ලද නව නීති ප්‍රකාරව, මිලයන 8කට අධික භාවිතාකරන්නන් සහිත සමාජ මාධ්‍ය සහ පණිවුඩ සේවා සැපයුම්කරුවන් විසින්, ඒ පිලිබඳ රජයේ විශේෂ බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
11/24 /2025

මුලාශ්‍රය :

Malaysia says it plans to ban social media for under-16s from 2026

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...