BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බුර්කාවෙන් ආ සෙනෙට් මන්ත්‍රිනී ට ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු වාරණයක්

T

The Leader Desk

November 25, 2025 • 3:37 PM

බුර්කාවෙන් ආ සෙනෙට් මන්ත්‍රිනී ට ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු වාරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඊයේ (24) බුර්කාවකින් සැරසී පැමිණි සෙනෙට් මන්ත්‍රිනී, පෝලින් හැන්සන් (Pauline Hanson)
  • ඒ අනුව, ඇයට එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාර 7ට සහභාගී වීමේ අවසර අහිමි වේ.
  •  මුස්ලිම් කාන්තාවන් එරට  ප්‍රසිද්ධ ස්ථාන වල,  බුර්කාවෙන් සැරසී සිටීම  තහනම් කරන ලෙස බල කරමින්, ඇය සිදු කළ එම අමනොඥ   ප්‍රවධන ක්‍රියාව  එරට පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ දැඩි   දෝෂ දර්ශනයට ද ලක් විය.
  • එරට මධ්‍ය වාමාංශික කම්කරු රජයේ මුලසුන හොබවන  විදේශ අමාත්‍ය, පෙනී වොන්ග් (Penny Wong),  සෙනෙට් සභික හැන්සන් ගේ අපුල  නිරූපණය ඕස්ට්‍රේලියාවේ සමාජ "හැඳි වත" කීතු කොට ඉරා වැනසීමකැයි පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ට සත් දවසක් පාර්ලිමේන්තුව තහනම් කෙරේ. ඒ අනුව, ඇයට එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාර 7ට සහභාගී වීමේ අවසර අහිමි වේ.  මුස්ලිම් කාන්තාවන් එරට  ප්‍රසිද්ධ ස්ථාන වල,  බුර්කාවෙන් සැරසී සිටීම  තහනම් කරන ලෙස බල කරමින්, ඇය සිදු කළ එම අමනොඥ   ප්‍රවධන ක්‍රියාව  එරට පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ දැඩි   දෝෂ දර්ශනයට ද ලක් විය.

ඊයේ, බුර්කාවකින් සැරසී උත්තර මන්ත්‍රී මණ්ඩලට පැමිණි ඇයට,  පොදු ස්ථාන වලදී බුර්කාව හෝ වෙනත් මුහුණු ආවරණ සහිතව  සිටීමට එරෙහි   පනතක් සභා ගත කිරීම ද  වාරණය කෙරිණි. ඇගේ ක්‍රියා කලාපයට  සහ ඇය විසින් ඉදිරිපත් කිරීමට යෝජිත පනතට එරෙහිව  මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීහු දැඩි විරෝධය පෑහ.

එරට මධ්‍ය වාමාංශික කම්කරු රජයේ මුලසුන හොබවන  විදේශ අමාත්‍ය, පෙනී වොන්ග් (Penny Wong),  සෙනෙට් සභික හැන්සන් ගේ අපුල  නිරූපණය ඕස්ට්‍රේලියාවේ සමාජ "හැඳි වත" කීතු කොට ඉරා වැනසීමකැයි පැවසීය. එය ඕස්ට්‍රේලියාව දුර්වල කිරීමක් බවත්, ඉතා සංවේදී කරුණු පිලිබඳ මෘග වාදී ප්‍රවේශයක් බවත් වොන්ග් ප්‍රකාශ කළාය.

එබැවින්,  මිලියනකට ආසන්න ඕස්ට්‍රේලියානුවන් ගේ සංස්කෘතික හර පද්ධතිය සහ විශ්වාසය හැන්සන් ගේ ක්‍රියාවෙන් සමච්චලයට සහ අපහාසයට  ලක් වූ බවත්, මින් පෙර කිසිදා එවැනි ලජ්ජාශීලී අවමානයක් නොදුටු බවත්,   ඇය කියා සිටියාය.  

බුර්කාව පිලිබඳ සිය මතය  වෙනුවෙන් පෙනී සිටීම සිය අයිතිය  බවටත්,  පාර්ලිමේන්තුවට  සුදුසු  වස්ත්‍ර කේතයක් සම්මත කර නොමැති බවත්, හැන්සන් තර්ක කර සිටියාය.

"එක්  දැයක්" (One Nation) පක්ෂ නායිකා හැන්සන්ට   එරෙහි පාර්ලිමේන්තු වාරණ  යෝජනාව, 55-5ක් වශයෙන් සම්මත විය.

මෙය, බුර්කාවකින් සැරසී ඇය පාර්ලිමේන්තු පැමිණි දෙවන  අවස්ථාවය. සමස්ත ඔස්ට්‍රේලියාවේ ම බුර්කාව තහනම් කරන ලෙස ඉල්ලා,  මීට පෙර, 2017 වසරේ ද ඇය බුර්කාවෙන් සැරසී පාර්ලිමේන්තුවේ පෙනී සිටියාය.

fgte46346
(සටහන | Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/25 /2025

Australian Senate suspends far-right leader over 'disrespectful' burqa stunt


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...