BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු මළ සිරුරක් භාර දේ ! - ගාසා සටන් විරාම පසු විපරම කයිරෝවේ සිට

T

The Leader Desk

November 26, 2025 • 4:18 PM

තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු මළ සිරුරක් භාර දේ ! -  ගාසා  සටන් විරාම පසු විපරම කයිරෝවේ සිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පලස්තීන සන්නද්ධ සටන්කරුවන්ගේ ප්‍රාණ ඇපයේ සිටිය දී ජීවිතක්ෂයට පත් තවත් ඊශ්‍රායල ජාතිකයකුගේ මළ සිරුරක්
  •  එම භාරයේ පවතින ජීවිතක්ෂයට පත් තවත් ප්‍රාණ ඇපකරු මළ සිරුරු දෙකක් සොයා තවදුරටත් සෝදිසි සිදු කෙරෙන බව හමාස් සංවිධානය පවසයි.
  • නෙතන්යාහු රජය, ඊයේ ලද මළ සිරුර කාගේ දැයි මෙතෙක් ප්‍රකාශ කර නැත.
  • එය හැඳිනීම පිණිස  වෝහාරික වෛද්‍ය විද්‍යාව පිලිබඳ ජාතික මධ්‍යස්ථානය වෙත භාර දී ඇතැයි, අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 ඊයේ (25) රතු කුරුස  සංවිධානය ඔස්සේ ලද බව, එරට රජය අද (26) නිවේදනය කළේය.  එම භාරයේ පවතින ජීවිතක්ෂයට පත් තවත් ප්‍රාණ ඇපකරු මළ සිරුරු දෙකක් සොයා තවදුරටත් සෝදිසි සිදු කෙරෙන බව හමාස් සංවිධානය පවසයි.

"වහා ගිනි ඇවිලෙන සුළු" ගාසා සටන් විරාමය සති හයක් ඉක්මවා තිබේ.

නෙතන්යාහු රජය, ඊයේ ලද මළ සිරුර කාගේ දැයි මෙතෙක් ප්‍රකාශ කර නැත. එය හැඳිනීම පිණිස  වෝහාරික වෛද්‍ය විද්‍යාව පිලිබඳ ජාතික මධ්‍යස්ථානය වෙත භාර දී ඇතැයි, අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.

දෙවසරක ඉමහත් ව්‍යසනකාරී ගාසා යුද්ධයට සටන් විරාමය උදා වීමත් සමග හමාස් භාරයේ ජීවග්‍රහයෙන් පසු වූ,  ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම නිදහස් කිරීමට එම සංවිධානය විසින් කටයුතු කෙරිණි. ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල අත්අඩංගුවේ සිටි පලස්තීන සිරකරුවන් සහ යුද සමයේ රැඳවියන් 2000ක් ද නිදහස ලදහ.

සටන් විරාමයේ පළමු අදියර යටතේ පලස්තීන සටන්කාමීන් භාරයේ සිටියදී ජීවිතක්ෂයට පත් ප්‍රාණ ඇපකරුවන්  28 දෙනකුගේ මළ සිරුරු ද ඊශ්‍රායලය වෙත භාරදීමට නියමිත විය. හුවමාරු ලෙස ඊශ්‍රායල හමුදා භාරයේ සිටියදී ජීවිතක්ෂයට පත් පලස්තීන සන්නද්ධ සටන්කරුවන් 360කගේ මළ සිරුරු රතු කුරුසය ඔස්සේ එම පාර්ශ්වය වෙත ලබා දෙනු ඇත.

මේ අතර,  ඊජිප්තු රජය කයිරෝ හිදී ගාසා සටන් විරාමයේ මැදහත් සහ වගකීම්   පාර්ශ්ව අතර පසු විපරම් සාකච්ඡා පැවැත්වීය.  ඊට ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානී, කටාර් අග්‍රාමාත්‍ය සහ තුර්කි බුද්ධි අංශ ප්‍රධානී ද සහභාගී වූහ. සටන් විරාමයේ දෙවන අදියර  ක්‍රියාත්මක කිරීම පිලිබඳ එහිදී  අවධානය යොමු විය. පවතින සටන් විරාමය උල්ලංඝනය  කිරීමේ සිදුවීම්   ද සාකච්ඡාවට ලක් විය.

ගාසා තීරයෙන් පහ කෙරුණු හමාස් ප්‍රධානී, ඛලිල් අල්-හයියා (Khalil al-Hayya) ඇතුළු එම සංවිධාන සමාජිකයින් පිරිසක් සහ ඊජිප්තු නිලධාරීන් අතර   ඉකුත් දෙදින තුළ සටන් විරාමයේ දෙවන අදියර පිලිබඳ සාකච්ඡා සිදු කෙරිණි. ගාසා තීරයේ සංක්‍රාන්ති බල අධිකාරයක් පිහිටුවීම සහ බහුජාතික ආරක්ෂක බලකායක් ස්ථාපනය කිරීම ද ඊට ඇතුළත් විය.  

(සටහන | Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/26 /2025

Israel receives remains of hostage held in Gaza as Cairo hosts follow-up talks

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...