BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

හොං කොං හි අහස සූරණ මැදුරු සංකීර්ණයක් ගින්නෙන් දැවේ

T

The Leader Desk

November 26, 2025 • 5:17 PM

හොං කොං හි අහස සූරණ මැදුරු සංකීර්ණයක් ගින්නෙන් දැවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොං කොං හි එකිනෙකට ආසන්නයේ පිහිටි "අහස සූරණ" මහල් නේවාසික සංකීර්ණයක් ගින්නට හසු වේ.
  •  පිළිස්සුම් තුවාළ ලද දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව, පොලීසය සඳහන් කරයි.
  • ගින්න සමනය කිරීමට ලඟා වූ ගිනි භටයින් කිහිප දෙනෙක් ද තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.
  • සෑම ගොඩනැගිල්ලක්ම  මහල් 31කින් සැදි නිවාස සංකීර්ණයේ හට ගත්  ගින්න මැඩ පැවැත්වීමට සහන කාර්ය මණ්ඩල   විශාල  වෙහෙසක් දරමින් සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

අනතුරින් මේ වන විට පුද්ගලයින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි, වාර්තා වේ. උතුරේ පිහිටි ටායි පෝ (Tai Po) දිස්ත්‍රික්කයේ එම අනතුර සිදු විය.

ගිනි ගෙන දැවෙන උස් ගොඩනැගිළි තුළ පුද්ගලයින් කිහිප දෙනෙක් සිරව සිටිතැයි RTHK රාජ්‍ය ගුවන් විදුලිය දන්වා සිටී.  පිළිස්සුම් තුවාළ ලද දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව, පොලීසය සඳහන් කරයි.

ගින්න සමනය කිරීමට ලඟා වූ ගිනි භටයින් කිහිප දෙනෙක් ද තුවාළ ලබා ඇතැයි වාර්තා වේ. සෑම ගොඩනැගිල්ලක්ම  මහල් 31කින් සැදි නිවාස සංකීර්ණයේ හට ගත්  ගින්න මැඩ පැවැත්වීමට සහන කාර්ය මණ්ඩල   විශාල  වෙහෙසක් දරමින් සිටිති.

නිවාස සංකීර්ණය පාමුල ගිනි රථ සහ ගිලන් රථ විශාල සංඛ්‍යාවක් කැඳවා තිබේ. නිවාස සංකීර්ණය තුළ  සිරවී සිටින්නන් පිලිබඳ තවමත් නිශ්චිත තොරතුරු නැතැයි, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එරට වේලාවෙන් අද ප.ව.2.51ට ගින්න හට ගෙන තිබේ. එය දෙවන පෙල අධි අවදානම්  තත්ත්වයක් බව ප්‍රකාශයට පත් කර ඇත.

ගින්නට හසු වූ වැඞ් ෆුක් කොර්ට් (Wang Fuk Court) මහල් නිවාස සංකීර්ණය, උස් ගොඩනැගිලි  8කින් සමන්විතය.  එහි නිවාස ඒකක   2000කට ආසන්න සංඛ්‍යාවක් පවතී. එහි ඇතැම් ඒකක  වටා පිටතින්, උණ ලී පලංචි සවි කර තිබේ. හොං කොං,  ඉදිකිරීම් සඳහා උණ බට  ආශ්‍රිත පලංචි භාවිතා කරන ලොව අවසන් රටවල් කිහිපය අතුරින් එකකි.

ගින්න හේතුවෙන් එහි ප්‍රධාන මාර්ග දෙකින්   එකක් මේ වන විට මුළුමනින් වසා දැමීමට පියවර ගෙන තිබේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/26 /2025

Fire engulfs Hong Kong residential building killing at least 14 people, trapping others

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...