BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායල - හිස්බුල්ලා නව යුද්ධයක පෙරනිමිති

T

The Leader Desk

December 2, 2025 • 12:25 PM

ඊශ්‍රායල - හිස්බුල්ලා නව යුද්ධයක පෙරනිමිති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ නායකයා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන් පලිගන්නා බව එම සංවිධානයේ ප්‍රධානී පවසයි.
  • රූපවාහිනී ජන ඇමතුමක් ඔස්සේ, එම සංවිධානයේ නායක නයීම් ඛසෙම් (Naim Qassem) විසින් එම ප්‍රකාශය සිදු කිරීමත් සමග ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක සොයා ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර තවදුරටත් සිදුවෙතැයි බිය පළ ව තිබේ.
  • ඊශ්‍රායල හමුදා, ඉකුත් 23 දා දකුණු බීරුත් හිදී, හිස්බුල්ලා සන්නද්ධ ප්‍රධානී හේතම් අලි ටබ්ටබායි (Haytham Ali Tabtabai) ඝාතනය කළහ.
  • ප්‍රති ප්‍රහාරයකට කල් බලමින් සිටින බව ඛසෙම් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ඝාතනයට ප්‍රතිප්‍රහාර දැක්වීමට තමන්ට අයිතියක් ඇතැයි, ඔහු කියා සිටී. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර නව ගැටුමක පෙරනිමිති පහළ වෙමින් පවතී.

රූපවාහිනී ජන ඇමතුමක් ඔස්සේ, එම සංවිධානයේ නායක නයීම් ඛසෙම් (Naim Qassem) විසින් එම ප්‍රකාශය සිදු කිරීමත් සමග ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක සොයා ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර තවදුරටත් සිදුවෙතැයි බිය පළ ව තිබේ.

ඊශ්‍රායල හමුදා, ඉකුත් 23 දා දකුණු බීරුත් හිදී, හිස්බුල්ලා සන්නද්ධ ප්‍රධානී හේතම් අලි ටබ්ටබායි (Haytham Ali Tabtabai) ඝාතනය කළහ.

ප්‍රති ප්‍රහාරයකට කල් බලමින් සිටින බව ඛසෙම් පවසයි. ඇතැම්විට, එය නව යුද්ධයකට අතවැනීමක්  වියහැකි බවද, ඔහු අනතුරු අඟවා සිටී. ලෙබනන රජය ඊශ්‍රායල පීඩනයට ප්‍රතිරෝධය පිණිස යම් සැලැස්මක් සකස් කළ යුතු බව ද, ඔහු අවධාරණය කරයි.

හිස්බුල්ලා සතු අවි අත්අඩංගුවට ගැනීමට ලෙබනන හමුදා දරන ප්‍රයත්නය ප්‍රමාණවත් නැතැයි, ඊශ්‍රායලය පවසයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...