BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එයාර් ඉන්ඩියා ගුවන් සේවය අනාරක්ෂිත වැඩ කරලා; යන්නේ බලාගෙනයි..!

T

The Leader Desk

December 3, 2025 • 2:56 PM

එයාර් ඉන්ඩියා ගුවන් සේවය අනාරක්ෂිත වැඩ කරලා; යන්නේ බලාගෙනයි..!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිසි ගුවන් යෝග්‍යතා සමාලෝචන සහතිකයක් නොමැතිව ගුවන් යානා පුන පුනා පියාසර කරවීම සම්බන්ධයෙන් එයාර් ඉන්ඩියා
  •  එම ගුවන් සේවයට අයත් ගුවන් යානයක් යෝග්‍යතා  සහතිකයෙන් තොරව, අට වරක් අඛණ්ඩ පියාසැරියේ යොදවා ඇති බවට පසු ගිය දා අනාවරණය විය.
  • අදාළ ගුවන් යානය කුමක් දැයි නිශ්චිතව අනාවරණය නොවතත්, එය, එයාර්බස්  A320 වර්ගයට අයත් එකක් බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  • එයාර්බස් සමාගම මෙතෙක් ඒ පිලිබඳ ප්‍රකාශයක් නිකුත් කර නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

ගුවන් සේවය පිලිබඳ විමර්ශන දියත් කෙරේ.  එම ගුවන් සේවයට අයත් ගුවන් යානයක් යෝග්‍යතා  සහතිකයෙන් තොරව, අට වරක් අඛණ්ඩ පියාසැරියේ යොදවා ඇති බවට පසු ගිය දා අනාවරණය විය.  ඉන්දීය ගුවන් ගමන් නියාමන අධිකාරිය විසින් ඊට එරෙහි  විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ ගුවන් යානය කුමක් දැයි නිශ්චිතව අනාවරණය නොවතත්, එය, එයාර්බස්  A320 වර්ගයට අයත් එකක් බව රොයිටර්ස් පුවත් සේවය පවසයි. එයාර්බස් සමාගම මෙතෙක් ඒ පිලිබඳ ප්‍රකාශයක් නිකුත් කර නැත.

ඉකුත් ජුනි මස ඉන්දියාවේ සිදුවූ  බොයිඞ්  ඩ්‍රීම්ලයිනර් ගුවන් අනතුරින් පසු, ඉන්දීය ගුවන් යානා පිලිබඳ විමර්ශන  ඇරඹිණි. එම අනතුරින් මගීන් සහ කාර්යමණ්ඩලයේ 260 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.  අනතුරින් පසු ඉන්දීය ගුවන් ගමන් ක්ෂේත්‍රයට දැඩි මූල්‍ය හානි සිදු විය. මේ වන විට,  ඉන්දීය ගුවන් යානා සඳහා පාකිස්ථාන ගුවන් කලාපය ද තහනම් කර තිබේ. ඉන්දීය ගුවන් සේවයේ පවතින අනාරක්ෂිත තත්ත්වය පිලිබඳ,  එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය විසින්, මෙම වසරේ  අවස්ථා රැසකදී අනතුරු ඇඟවීම්  නිකුත් කර ඇත.

අනාරක්ෂිත බවට සැක කෙරෙන ප්‍රශ්න ගත  ගුවන් යානය සේවයේ යෙදවීම තහනම් කළ බවත්, ඒ සම්බන්ධ වග කිව යුතු   කාර්යමණ්ඩල සාමාජිකයින් වෙනුවට නව කාර්යමණ්ඩල පත් කළ බවත්, ඉන්දීය  සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය කියයි.

ඉන්දීය ගුවන් සේවය එරට දෙවන විශාලතම ගුවන් සේවය වේ. අදාළ ගුවන් යානයේ පවතින ආරක්ෂක දෝෂ පිළිබඳව නොවැම්බර 26 දාතමින් යුක්තව ගුවන් ගමන් නියාමනය දැනුම්වත් කළ බව, එම ගුවන් සේවය පවසයි. අදාළ සහතික නොමැතිව එම ගුවන් යානය සේවයේ යෙදවීමට වගකිව යුතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සේවය අත්හිටවූ බවද එය කියා සිටී.  

සිය ගුවන් සේවයට අයත් මගී යානයක්, ගුවන් යෝග්‍යතා සමාලෝචන සහතිකයකින් තොරව පියාසැරියේ යෙදවීම කණගාටුවට  කරුණක් බව,  එයාර් ඉන්ඩියා ගුවන් සේවය පවසයි.

ගුවන් යානා කාර්ය මණ්ඩල කළමනාකරණය සහ ප්‍රමාණවත් නොවන පුහුණුව සම්බන්ධයෙන්ද ගුවන් නියාමනය විසින් ඉකුත් ජුලි මස එම ගුවන් සේවයට අනතුරු අඟවා නිවේදන නිකුත් කෙරිණි.

එම ගුවන් සේවය සම්බන්ධයෙන් සිදු කෙරුණු  වාර්ෂික විගණන පරීක්ෂාවකදී ඊට අයත් ආරක්ෂක දෝෂ 51ක් වාර්තා විය. ඇතැම් ගුවන් නියමුවන්ට ලබාදුන් පුහුණුව ප්‍රමාණවත් නොවීම, අනුමැතියෙන් තොර සිමියුලටර  හා  දුර්වල ප්‍රතිස්ථාපන පද්ධති භාවිතය වැනි කරුණු රැසක් ඊට ඇතුළත් විය.

ගුවන් යානයක් වෙත ගුවන් යෝග්‍යතා සමාලෝචන සහතිකයක් නිකුත් කෙරෙන්නේ, එහි  නඩත්තු වාර්තා, භෞතික තත්ත්වය  මෙන්ම, ගුවන් නියාමන රෙගුලාසිවලට අනුගතවීම පිලිබඳ දැඩි පරීක්ෂාවකින් අනතුරුවය.   ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය විසින්, එයාර් ඉන්ඩියා ගුවන්සේවය වෙත ඊට අයත්  ගුවන් යානා සම්බන්ධයෙන් එම යෝග්‍යතා සහතික නිකුත්  කිරීමේ බලය පවරා තිබේ. කෙසේ වෙතත්, පසු ගිය වසරේ විස්තාරා ගුවන් සේවය, එයාර්  ඉන්ඩියා  ගුවන් සේවය සමග ඒකාබද්ධ වීමෙන් අනතුරුව, විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානා සඳහා පළමු යෝග්‍යතා සහතිකය නිකුත් කිරීමේ අධිකාරි බලය නියාමන අධිකාරිය සතු බවට තීරණය කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න ගත ගුවන් යානයේ යෝග්‍යතා සහතිකය කල් ඉකුත් වී ඇති බව අනාවරණය වූයේ, එහි  එන්ජිම මාරු කිරීමට යවා තිබු අවස්ථාවකය.  කෙසේ වුව, අදාළ කටයුතුවලින් අනතුරුව, එම යෝග්‍යතා සහතිකය යාවත්කාලීන නොකරම, යානය යළි සේවය වෙත මුදා හැරීමට පියවර ගෙන තිබිණි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

India investigates Air India after plane flown repeatedly without safety certificate


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...