BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා තීරයේ හමාස් විරෝධී සන්නද්ධ නායකයකු වෙඩි තබා ඝාතනය කෙරේ

T

The Leader Desk

December 5, 2025 • 8:54 AM

ගාසා තීරයේ හමාස් විරෝධී සන්නද්ධ නායකයකු වෙඩි තබා ඝාතනය කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ හමාස් විරෝධී සන්නද්ධ කල්ලි නායකයකු වෙඩි තබා ඝාතනය කෙරේ.
  •   ඔහුගේ ඝාතනය, හමාස් උදක්ම අපේක්ෂා කළ  බව වාර්තා වේ.
  • ඔහු ඊශ්‍රායල සහායකයකු ලෙස නම් කර තිබූ අතර, ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට  හැකි නොවේ නම්, ඝාතනය කරන ලෙස හමාස් සංවිධානය විසින් උපදෙස් නිකුත් කර තිබිණි.
  • සිය නායකයා ඝාතනය වූයේ පවුල් ආරවුල් විසඳීමක් මධ්‍යයේ ලත් වෙඩි පහරකින් මිස හමාස් සටන්කරුවන් අතින් නොවේ යැයි, ඔහු නායකත්වය දුන් සන්නද්ධ කණ්ඩායම පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පවුල් ආරවුලක් විසඳීමට මැදිහත් වූ අවස්ථාවෙක එම වෙඩි  තැබීම සිදු කර තිබේ. ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ හමාස් විරෝධී සන්නද්ධ කණ්ඩායම් එකමුතු කිරීමට දරන ප්‍රයත්නය මෙම ඝාතනය හමුවේ අභියෝගයට ලක් ව පවතී

දකුණු ගාසා තීරයේ ඊශ්‍රායල පාලිත රෆා හි විසූ යස්සෙර් අබු ශබාබ් (Yasser Abu Shabab) නම් එම පලස්තීන සන්නද්ධ කල්ලි ප්‍රධානී, දෙවසරක ගාසා යුද සමයේ එහි හමාස් විරෝධී කණ්ඩායම් කිහිපයක නායකත්වය ගෙන ක්‍රියා කළේය.

 

ඔහුගේ ඝාතනය, හමාස් උදක්ම අපේක්ෂා කළ  බව වාර්තා වේ. ඔහු ඊශ්‍රායල සහායකයකු ලෙස නම් කර තිබූ අතර, ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට  හැකි නොවේ නම්, ඝාතනය කරන ලෙස හමාස් සංවිධානය විසින් උපදෙස් නිකුත් කර තිබිණි.

සිය නායකයා ඝාතනය වූයේ පවුල් ආරවුල් විසඳීමක් මධ්‍යයේ ලත් වෙඩි පහරකින් මිස හමාස් සටන්කරුවන් අතින් නොවේ යැයි, ඔහු නායකත්වය දුන් සන්නද්ධ කණ්ඩායම පවසයි.

ගාසා තීරයේ හමාස් විරෝධී කණ්ඩායම් සන්නද්ධ කිරීමට පියවර ගත්  බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉකුත් ජුනි මස කියා සිටියේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Anti-Hamas Gazan tribal leader killed in setback for Israeli policy

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...