BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉන්දුනීසියාවේ කුණාටු විපත පෙර සුනාමිය සිහිගන්වන්නක්

T

The Leader Desk

December 5, 2025 • 3:25 PM

ඉන්දුනීසියාවේ කුණාටු විපත පෙර සුනාමිය සිහිගන්වන්නක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත් සතියේ ඉන්දුනීසියාවේ අසේ ප්‍රාන්තයේ සිදු වූ අතිශය ව්‍යසනකාරී නාය යාම් සහ ගං වතුර, මීට වසර 21කට ඉහත සිදු වූ
  • 2004 දෙසැම්බර 26 දා, රිච්ටර් මාපක 9.1ක භූ කම්පනයෙන් හටගත් සුනාමි උවදුරින් එරට දෙලක්ෂයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
  • එවර එහි, මීටර 20ක වැඩි උසකින් යුත් සුනාමි රළ හට ගත්තේය.
  • මෙවර, දරුණු කුණාටු හමුවේ ආ  අඛණ්ඩ, ධාරාණිපාත වර්ෂාවෙන් හටගත් ජල ගැලීම් සහ නාය යාම් හමුවේ සුමාත්‍රාවේ  800කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

සුනාමි විපත සිහි කැඳවන බව එහි  වැසියෝ පවසති. 2004 දෙසැම්බර 26 දා, රිච්ටර් මාපක 9.1ක භූ කම්පනයෙන් හටගත් සුනාමි උවදුරින් එරට දෙලක්ෂයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. එවර එහි, මීටර 20ක වැඩි උසකින් යුත් සුනාමි රළ හට ගත්තේය.

මෙවර, දරුණු කුණාටු හමුවේ ආ  අඛණ්ඩ, ධාරාණිපාත වර්ෂාවෙන් හටගත් ජල ගැලීම් සහ නාය යාම් හමුවේ සුමාත්‍රාවේ  800කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. අසේ ප්‍රාන්තයේ 200කට අධික පරිසකට ජීවිත අහිමි විය. විපත් සිදු වූ ඇතැම් ප්‍රදේශ කරා ආධාර  ගලා ඒම මන්දගාමීව ඇතැයි ද වාර්තා වේ. විපත් සිදුවූ ප්‍රදේශවල නිවෙස් සියල්ල මඩින් වැසී පවතී. ඒවා පවිත්‍ර කිරීමේ කටයුතු ඉතා දුෂ්කර බව ප්‍රදේශ වාසීහු පවසති. ව්‍යසනය ජාතික හදිසි තත්ත්වයක් සේ ප්‍රකාශයට පත් කර, සහන කටයුතු පිණිස අතිරේක අරමුදල් මුදාහරින ලෙසත්, විපතට පත්වූවන් බේරා ගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙසත්, ප්‍රාදේශීය බලධාරීහු රජයෙන් ඉල්ලා සිටිති.

රට පුරා සිදුවූ ස්වභාවික ව්‍යසනයේ සහන කටයුතු වෙනුවෙන් එරට රජය ඉන්දුනීසියානු රුපියා බිලියන 500ක් වෙන්කර තිබේ. එය, දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 30කට ආසන්නය. අවශ්‍ය වුවහොත්, තවත් මුදල් වෙන්   කළ හැකි බව රජය පවසයි.  

වත්මන් තත්ත්වය හමුවේ සහන කටයුතු ක්‍රමවත් බැවින්, රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි, ජනපති ප්‍රබෝවෝ සුබියන්තෝ ( Prabowo Subianto) කියා සිටී.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :
Deadly Sumatra flooding triggers memories of Indian Ocean tsunami
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...