BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

යුක්‍රේනයේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂක වැස්මට හානි

T

The Leader Desk

December 6, 2025 • 6:22 AM

යුක්‍රේනයේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂක වැස්මට හානි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද්ධයට මැදි වූ යුක්‍රේනයේ පිහිටි චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂක වැස්ම හානි වී ඇතැයි, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ඒජන්සිය කියයි. 1986 වසරේ එම බලාගාරය විනාශයට පත්වීමෙන් අනතුරුව, විකිරණ කාන්දුව පාලනයට එම ආරක්ෂක වැස්ම ඉදි කෙරිණි.
  • ආරක්ෂක වැස්මේ  මූලික ආරක්ෂණ ක්‍රියාකාරිත්වය ඇණ හිට ඇති අතර, ඒ අනුව, විකිරණ මුදාහැරීම රඳවා ගැනීමේ  ශක්‍යතා ගිලිහී ඇතැයි, එම ඒජන්සියේ අධ්‍යක්ෂ ජෙනරාල්, රෆායෙල් ග්‍රොසී  (Rafael Grossi) සඳහන් කරයි.
  • කෙසේ වෙතත්, එහි ධාරිතා රැඳවුම් පද්ධතිය සහ නිරීක්ෂණ පද්ධතිය තව දුරටත් නිරුප්‍රදිතව ඇතැයි  ද ඔහු පවසයි.
  • ඉදිරි විකිරණ කාන්දු වීම් මුද්‍රා තැබීමට සහ තිරසර න්‍යෂ්ටික ආරක්ෂණය උදෙසා එය  පූර්ණ ප්‍රතිසංස්කරණය පිණිස කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය බව, හෙතෙම අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


2019 වසරේ  අවසන් කෙරුණු එම ලෝහ ආරක්ෂක වැස්ම, පසුගිය පෙබරවාරියේ, රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හමුවේ හානියට පත් වී ඇති බව, ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ඉකුත් සතියේ සිදු කළ පරික්ෂාවක දී අනාවරණය විය. ආරක්ෂක වැස්මේ  මූලික ආරක්ෂණ ක්‍රියාකාරිත්වය ඇණ හිට ඇති අතර, ඒ අනුව, විකිරණ මුදාහැරීම රඳවා ගැනීමේ  ශක්‍යතා ගිලිහී ඇතැයි, එම ඒජන්සියේ අධ්‍යක්ෂ ජෙනරාල්, රෆායෙල් ග්‍රොසී  (Rafael Grossi) සඳහන් කරයි. කෙසේ වෙතත්, එහි ධාරිතා රැඳවුම් පද්ධතිය සහ නිරීක්ෂණ පද්ධතිය තව දුරටත් නිරුප්‍රදිතව ඇතැයි  ද ඔහු පවසයි.

ඉදිරි විකිරණ කාන්දු වීම් මුද්‍රා තැබීමට සහ තිරසර න්‍යෂ්ටික ආරක්ෂණය උදෙසා එය  පූර්ණ ප්‍රතිසංස්කරණය පිණිස කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය බව, හෙතෙම අවධාරණය කරයි.

අධිබල පුපුරණ ද්‍රව්‍ය රැගත් රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් බලාගාරය හානියට පත් ව ඇතැයි,  ඉකුත් පෙබරවාරි 14 දින, විශේෂ වාර්තාවක් මගින්, යුක්‍රේන බලධාරීන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත  දැනුම් දී තිබේ.  එම ප්‍රහාරයේදී එහි සිව් වන ප්‍රතික්‍රීයකය ගින්නෙන් විනාශ වූ බව ද එහි සඳහන් ය.

 



බලාගාරය වෙත ප්‍රහාර එල්ල කළ බවට නැගෙන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.

බලාගාරයේ විකිරණ මට්ටම් ස්ථායි තත්ත්වයේ පවතින බව සහ විකිරණ කාන්දුවීම් පිලිබඳ වාර්තා නොවන බව ද, ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය කියයි.

චර්නෝබිල් බලාගාරය 1986 වසරේ  සිදු වූ පිපිරීමකින් විනාශයට පත් විය. ඒ සමග යුරෝපය පුරා එහි විකිරණ කාන්දු වීම ඇරඹිණි. එම අනතුර පාලනය කිරීමට විශාල මිනිස් සම්පතක් සහ තවත් ආරක්ෂක උපකරණ රැසක්  යෙදවීමට රුසියානු බලධාරීන්ට සිදු විය. 2000 වසරේ, එහි අවසන් ප්‍රතික්‍රීයකය ද  වසා දැමීමට පියවර ගැනිණි.

r0 0 800 600 w1200 h678 fmax 1

2022 පෙබරවාරි මස යුද ගැටුම් ඇරඹි මුල් මාස කිහිපය තුළ, බලාගාරය සහ අවට පරිශ්‍රය මසක පමණ කාලයක් රුසියානු ග්‍රහණට නතු විය. ඒ, යුක්‍රේනයේ කිව්  අගනුවර ආක්‍රමණයට රුසියානු හමුදා පෙරමුණු බඳිමින් සිටි අතර වාරයේ දී ය.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

UN agency says Chornobyl nuclear plant's protective shield damaged

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...