BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරානය ඒකාබද්ධ යුද අභ්‍යාසයක

T

The Leader Desk

December 6, 2025 • 7:13 AM

ඉරානය ඒකාබද්ධ යුද අභ්‍යාසයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ විප්ලවීය නාවුක හමුදාව ඊයේ (05) ගල්ෆ් මුහුදේ බැලස්ටික් සහ කෲස් මිසයිල අත්හදා බැලූහ. ඒ, විදෙස් තර්ජනවලට මුහුණ දීමේ නාවුක ශක්‍යතා වර්ධනය අරමුණු කරගත් දෙදින යුද අභ්‍යාසයක දී ය.
  • ඉකුත් ජුනි මස එරට සහ ඊශ්‍රායලය අතර පැවති දින 12ක ගුවන් යුද ගැටුමින් අනතුරුව මෙම නව අභ්‍යාස පැවැත්විණි.
  • ඕමාන ගල්ෆ් කලාපයේ ඉරාන යුද අභ්‍යාස සඳහා ඛඩර් 110, ඛඩර් 380 සහ ඛඩර් 360 වර්ගයේ කෲස් මිසයිල මෙන්ම 303 වර්ගයේ බැලස්ටික් මිසයිල ද යොදා ගැනිණි.
  • නිසි ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාස ද ඊට ඇතුළත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරාන යුද  අභ්‍යාස, ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) විසින් බල ගන්වා  තිබීම විශේෂත්වයකි.  

හොර්මුස් සමුද්‍ර සන්ධියේ සහ ඕමාන ගල්ෆ් කලාපයේ එම පාබල සහ නාවුක හමුදා අභ්‍යාස පැවැත්විණි.

ඉදිරි යුද්ධයකදී ඉරානය සතු කෘත්‍රිම බුද්ධි ශක්‍යතාව  එම අභ්‍යාස වලදී අවධාරණය කෙරිණි. සතුරු අභියෝගයක දී  හමුදා කණ්ඩායම් සහ පාර්ශ්ව රටවල් අතර සහ-සම්බන්ධීකරණය ද ඉරාන හමුදා අභ්‍යාසවල තවත් අරමුණකි. දේශ සීමා අතර ප්‍රති-ත්‍රස්ත යුද අභ්‍යාස සඳහා සෞදි අරාබිය, ඉරාකය, ඕමානය සහ අසෙර්බයිජානය ද  එක් වූහ.



මීට පෙර, පෙරදිග අසෙර්බයිජානයේ උතුරු ප්‍රාන්ත බද පෙදෙසක ඉරාන හමුදා ප්‍රති-ත්‍රස්ත අභ්‍යාසවල ද නිරත වූහ. ඉකුත් ජුනි මස එරට සහ ඊශ්‍රායලය අතර පැවති දින 12ක ගුවන් යුද ගැටුමින් අනතුරුව මෙම නව අභ්‍යාස පැවැත්විණි. ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉක්ලක්ක කළ එම ඊශ්‍රායල  ප්‍රහාර සඳහා එක්සත් ජනපද හමුදා සහාය හිමි විය.

ඕමාන ගල්ෆ් කලාපයේ ඉරාන යුද අභ්‍යාස සඳහා ඛඩර් 110, ඛඩර් 380 සහ ඛඩර් 360 වර්ගයේ කෲස් මිසයිල මෙන්ම 303 වර්ගයේ බැලස්ටික් මිසයිල ද යොදා ගැනිණි. නිසි ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාස ද ඊට ඇතුළත් විය.

ඉරානයේ බැලස්ටික් මිසයිල තර්ජනය කලාපීය ස්ථාවරත්වය කෙරෙහි සාම්ප්‍රදායික ව පවතින්නක්  බව, බටහිර මතයයි. ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් නිපදවන්නේද යන්න පිළිබඳව ද බටහිර රටවල් විමසිල්ලෙන් පසු වේ.

iran military drills

ෂැංහයි සහයෝගිතා සංවිධානය යනු යුරේසියානු ආරක්ෂක සහ ආර්ථික සන්ධානයක් ලෙස 2001 වර්ෂයේ දී පිහිටුවා ගන්නා ලද්දකි. ත්‍රස්තවාදයට, බෙදුම්වාදයට සහ මූලධර්මවාදයට එරෙහිව එය, සිය සාමාජිකයින් හා  නිරන්තර ඒකාබද්ධ හමුදා අභ්‍යාසවල නිරත වේ. චීනය, රුසියාව, ඉන්දියාව, පාකිස්ථානය සහ මධ්‍යම ආසියාවේ තවත් රටවල් කිහිපයක්ම ඊට ඇතුළත් ය. සෞදි අරාබිය, ඉරානය සහ තවත් සාමාජික රටවල්  එහි ඇතැම් මෙහෙයුම් සඳහා නිරීක්ෂක තත්ත්වයෙන් සහභාගී වෙති.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...