BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පුටින් ඉන්දියාවේ

T

The Leader Desk

December 6, 2025 • 10:46 AM

පුටින් ඉන්දියාවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාව සහ ඉන්දියාව අතර මිත්‍ර සබඳතා තර කෙරේ. ඉන්දියාව වෙත බාධාවකින් තොරව, අඛණ්ඩව ඉන්ධන සපයන බව, රුසියානු ජනපති, ව්ලැඩිමිර් පුටින් ඊයේ (05) ප්‍රකාශ කළේය. ජනපති පුටින් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටී. 2022 වසරේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු ජනපති නව දිල්ලියට පැමිණි මුල් අවස්ථාව මෙය වේ.
  •     ඉන්දියාව විසින් රුසියානු ඉන්ධන මිලදී ගැනීමට එරෙහිව ආනයනිත  භාණ්ඩ මත  ඩොනල්ඩ් ට්‍රම්ප් රජය විසින් පනවා ඇති අධික බදු මිල  පිළිබඳව ද, ඉන්දීය සහ එක්සත් ජනපද රජයන් අතර මේ වන විට සාකච්ඡා සිදු කෙරෙමින් පවතී.
  • 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක වෙළඳ ඉලක්කයක් උදෙසා වැඩි වශයෙන් ඉන්දීය භාණ්ඩ ආනයනයට සූදානම් බව, රුසියාව පවසයි.
  • රුසියානු ඉන්ධන ආනයනය වහා සීමා කරන ලෙස එක්සත් ජනපදය විසින් ඉන්දියාවට  කෙරෙන බලපෑම් හමුවේ වුව, කිසිදු බාධාවකින් තොරව එරට වෙත ඉන්ධන අපනයනය තහවුරු  කරන බව, ජනපති පුටින් ඊයේ පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


 දෙරට සමග දශක ගණනක් තිස්සේ ද්විපාර්ශ්වීය සබඳතාවේ පසුවන රටවල් හා වෙළඳ සහ ආරක්ෂක සබඳතා තර කරන බවට ද, ඔහු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගිවිස ගත්හ.

ඉන්දියාව ලොව ප්‍රමුඛතම රුසියානු අවි සහ ඉන්ධන ගැනුම්කරුවාය.  

 

putin

ඉන්දියාව විසින් රුසියානු ඉන්ධන මිලදී ගැනීමට එරෙහිව ආනයනිත  භාණ්ඩ මත  ඩොනල්ඩ් ට්‍රම්ප් රජය විසින් පනවා ඇති අධික බදු මිල  පිළිබඳව ද, ඉන්දීය සහ එක්සත් ජනපද රජයන් අතර මේ වන විට සාකච්ඡා සිදු කෙරෙමින් පවතී.

2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක වෙළඳ ඉලක්කයක් උදෙසා වැඩි වශයෙන් ඉන්දීය භාණ්ඩ ආනයනයට සූදානම් බව, රුසියාව පවසයි.

ඉන්දියාවට සැපත් ජනපති පුටින් මහත් හරසරින් රාජ්‍ය ගෞරව සහ හමුදා උත්තමාචාර මධ්‍යයේ පිළිගැනිණි. සුවිසල්,  රුසියානු ව්‍යාපාරික සහ රාජ්‍ය දූත පිරිසක් ද එම සංචාරයට  එක්ව සිටිති.

රුසියානු ඉන්ධන ආනයනය වහා සීමා කරන ලෙස එක්සත් ජනපදය විසින් ඉන්දියාවට  කෙරෙන බලපෑම් හමුවේ වුව, කිසිදු බාධාවකින් තොරව එරට වෙත ඉන්ධන අපනයනය තහවුරු  කරන බව, ජනපති පුටින් ඊයේ පැවසීය. හැකි නම් එය නවතා දමන ලෙස ඔහු එක්සත් ජනපදයට අභියෝග කර සිටී. එක්සත් ජනපදයට රුසියානු න්‍යෂ්ටික ඉන්ධන මිලදී ගැනීමට හැකි  නම්, ඉන්දියාවට එසේ කිරීමට සීමා පනවන්නේ මන්දැයි, ඔහු ප්‍රශ්න කර සිටී. ගැටලුව පිලිබඳ ජනපති ට්‍රම්ප් හා සාකච්ඡා කිරීමට සූදානම් බවද ඔහු සඳහන් කරයි. 'ඉන්ඩියා ටුඩේ' ( India Today) රූපවාහිනිය සමග සමුඛ  සාකච්ඡාවකට  එක්  වෙමින්  ඔහු ඒ  බව  පැවසීය.    

 

ඉන්දියානුවන්ට රුසියාවේ රැකියා සඳහා දොරටු විවර වන සුවිශේෂී ගිවිසුමකට ද දෙරට අතර අත්සන් තැබිණි.

 දෙරටේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුසියාවේ  පොහොර නිෂ්පාදනාගාරයක් ආරම්භ කෙරේ. දෙරට අතර කෘෂිකාර්මික, සෞඛ්‍ය සුරැකුම් සහ සමුද්‍රීය ප්‍රවාහන සබඳතා ප්‍රවර්ධනය එහි අරමුණයි.

 

newindianexpress 2025 12 05 urklpuqq G7aBMvxbcAA2IFT

ඉන්දියාවේ ස්වායත්ථ බව  උදෙසා  දෙරට අතර පුළුල් ආරක්ෂක සබඳතා ප්‍රවර්ධනයට ද පියවර ගැනේ. ඒ යටතේ ඉදිරි පෙළ ආරක්ෂක පද්ධති නිෂ්පාදනයට හා   පර්යේෂණ  සංවර්ධනයට ආධාර සැපයේ. රුසියානු අවි සහ සන්නද්ධ යන්ත්‍රෝපකරණ සඳහා මෙන්ම, එම නඩත්තු පිණිස අවශ්‍ය අමතර කොටස්, මෙවලම්, එකලස් කිරීම් සහ වෙනත් නිෂ්පාදන සඳහා ඉන්දියාව හා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය ආරම්භ කෙරේ.

එක්සත් ජනපද - රුසියානු වෙළඳ ගනුදෙනු මධ්‍යයේ, ජනපති ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය අයුක්ති  සහගත සහ අසාධාරණ බව ඉන්දීය රජය කියයි. ආර්ථික සම්බාධක පසෙක තිබියදී,  එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය   තවමත් ඩොලර් බිලියන ගණනක රුසියානු ඉන්ධන සහ වෙනත් භාණ්ඩ ආනයනයේ   නිරතව  සිටිති. ස්වභාවික ගෑස් ඉන්ධන  සහ  අගය එක් කළ යුරේනියම් එහි ප්‍රධාන තැනක් ගනී.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

Putin, Modi agree to expand and widen India-Russia trade, strengthen friendship

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...