BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තායිලන්තය කැම්බෝඩියාවට ගුවනින් පහර දෙයි

T

The Leader Desk

December 8, 2025 • 6:00 AM

තායිලන්තය කැම්බෝඩියාවට ගුවනින් පහර දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිලන්තය, මත භේදයට තුඩු දී තිබෙන කැම්බෝඩියා දේශ සීමාවට ගුවන් ප්‍රහාර එල්ල කරයි.
  • සිය භට පිරිස් වෙත කැම්බෝඩියා හමුදා වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග ගැටුම් හට ගත්  බව තායිලන්ත හමුදාව කියයි.
  • දින කිහිපයක එදිරිවාදිකම් වලින් පසු තායි හමුදාව ස්ථාන දෙකකදී සිය හමුදා වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ බව කැම්බෝඩියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
  • කැම්බෝඩියා හමුදා ප්‍රතිප්‍රහාර දැක්වීමෙන් වැළකී සිටි බව ද එම නිවේදනයේ සඳහන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ තැරව්කාරත්වයෙන් මීට පෙර එළැඹී සටන් විරාමය උල්ලංඝනය කිරීම පිලිබඳ දෙපාර්ශ්වය එකිනෙකාට චෝදනා එල්ල කර ගනිමින් සිටිති.

පෙරදිග අන්තයේ උබොන් රැට්‌තචානී (Ubon Ratchathani) ප්‍රාන්තයේ සිදු වූ නවතම ගැටුම් වලින් අවම වශයෙන් එක් තායි හමුදා භටයෙක් ජීවිතක්ෂයට පත්ව, සිව් දෙනෙක් තුවාළ ලැබූහ. සිය භට පිරිස් වෙත කැම්බෝඩියා හමුදා වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග ගැටුම් හට ගත්  බව තායිලන්ත හමුදාව කියයි.

 

අනතුරුව, තායි ගුවන් හමුදාව විසින් සතුරු පාර්ශ්වයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන තිබේ.

දින කිහිපයක එදිරිවාදිකම් වලින් පසු තායි හමුදාව ස්ථාන දෙකකදී සිය හමුදා වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ බව කැම්බෝඩියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. කැම්බෝඩියා හමුදා ප්‍රතිප්‍රහාර දැක්වීමෙන් වැළකී සිටි බව ද එම නිවේදනයේ සඳහන් ය.

 

cam trump

තායි-කැම්බෝඩියා දේශ සීමා ගැටළුව ඉකුත් ජුලි මස, දෙපාර්ශ්වය අතර පස් දින ගැටුමක් තෙක් වර්ධනය විය. ජනපති  ට්‍රම්ප් ගේ මූලිකත්වයෙන් එළැඹි සටන් විරාමයට මැලේසියානු අග්‍රාමාත්‍ය, අන්වර් ඊබ්‍රහිම් ගේ ද සහාය හිමි විය. ඒ අනුව, ක්වාලා ලම්පූර් නුවර දී ඔක්තෝබරයේ, තායිලන්තය සහ කැම්බෝඩියාව අතර වැඩි දුර සාම ගිවිසුමක් ද අත්සන් කෙරිණි.

 

ජුලි මස හටගත් ගැටුම්වලින්  පුද්ගලයින්  48 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් 300,000කට අධික පිරිසක් තාවකාලිකව අවතැන් වූහ. එහිදී, දෙපස අතර රොකට් සහ බර අවි ප්‍රහාර සිදු විය.

camp3vy4p8v

 

තායි භටයකුට බරපතල තුවාළ සිදු කරමින්, පසු ගිය මස, බිම් බෝම්බයක් පුපුරා යාමත් සමග කැම්බෝඩියාව හා සටන් විරාමයෙන් ඉවත් වන බව තායිලන්තය දැනුම්  දුන්නේය.

තායිලන්තයේ දේශ සීමා දිස්ත්‍රික් 6ක පුද්ගලයන් 385,000ක් ඉවත් කෙරෙමින් පවතී. ඉන්, 350,000ක් පමණ දැනටමත් තාවකාලික වාසස්ථානවල පදිංචි කර ඇතැයි, තායි හමුදාව පවසයි.

තායිලන්තය සහ කැම්බෝඩියාව අතර කි.මී. 817ක භූමි දේශ සීමා තීරයේ  සීමා ලකුණු නොකළ ප්‍රදේශය, ශත වර්ෂයකට අධික කාලයක සිට ස්වෛරී භාවය පිලිබඳ මත භේදයට ලක්ව පවතී. කැම්බෝඩියාව ප්‍රංශ කොලනියක්ව පැවති  සමයේ, 1907 වසරේ එය මුල්වරට සිතියම් ගත කෙරිණි.

 

cam0984
දේශ සීමා ගැටළුව සම්බන්ධයෙන්  2011 වසරේ ද දෙරට අතර සති ගණනක වෙඩි සහ රොකට් හුවමාරු සිදු විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...