BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

චීන යුද නැවක් ජපානය අසල යුද අභ්‍යාසයක

T

The Leader Desk

December 8, 2025 • 7:00 AM

චීන යුද නැවක් ජපානය අසල යුද අභ්‍යාසයක 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රහාරක යානා රැගෙන යන චීන යුද නෞකාවක් සති අන්තයේ ජපානය අසල මුහුදේ හමුදා අභ්‍යාසයක නිරත විය. නෞකාවේ සිට ඉලක්ක ස්ථාන වෙත ගුවන් යාන දියත් කිරීම ද ඊට ඇතුළත් විය.
  • චීනය විසින් සිදු කෙරෙන තායිවානයට එරෙහි ඕනෑම සන්නද්ධ  ක්‍රියාමාර්ගයකට එරෙහිව  ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ජපානය සතු බව එරට අග්‍රාමාත්‍ය, සානේ තකේචි පසු ගිය මස අනතුරු ඇඟවීය.
  • තායිවානයට එරෙහි චීන හමුදා ක්‍රියාන්විත, ජපානයේ ආරක්ෂාවට සෘජු තර්ජනයක් බව ඇය අවධාරණය කළාය.
  •   ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඊයේ (07) ජපානයේ, චීන තානාපති, වූ ජියන්හාවෝ (Wu Jianghao) කැඳවා තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නිරිතදිග ජපන් දූපත් සමූහයක් ආසන්නයේ එම අභ්‍යාස සිදු කෙරිණි. චීනය විසින් සිදු කෙරෙන තායිවානයට එරෙහි ඕනෑම සන්නද්ධ  ක්‍රියාමාර්ගයකට එරෙහිව  ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ජපානය සතු බව එරට අග්‍රාමාත්‍ය, සානේ තකේචි පසු ගිය මස අනතුරු ඇඟවීය. තායිවානයට එරෙහි චීන හමුදා ක්‍රියාන්විත, ජපානයේ ආරක්ෂාවට සෘජු තර්ජනයක් බව ඇය අවධාරණය කළාය.

 

සති අන්තයේ, චීනයට අයත් ලියෝනිඞ් (Liaoning) යුද නෞකාව, පැසිෆික් සාගරයේ ඔකිනාවා දූපත් පසු කරමින් පෙරදිග බලා යාත්‍රා කරමින් පැවති අවස්ථාවේ, ඒ මත වූ ප්‍රහාරක ගුවන් යානා දියත් කිරීමේ සහ ගොඩබෑමේ අවස්ථා 100ක් පමණ අභ්‍යාසයේ යෙදෙනු නිරීක්ෂණය කළ බව, ජපන් ස්වාරක්ෂක බලකා අද (08) පැවසූහ.  

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඊයේ (07) ජපානයේ, චීන තානාපති, වූ ජියන්හාවෝ (Wu Jianghao) කැඳවා තිබිණි. චීන ප්‍රහාරක නෞකාවේ කණගාටුදායක  සහ තර්ජිත ක්‍රියාකලාපය පිලිබඳ  විරෝධය දක්වන කරන බව, තෝකියෝ  රජය එහිදී දැනුම් දුන්නේය. නෞකාවේ ප්‍රහාරක යානා ජපන් යානයක් වෙත පෙර දින එල්ල කළ රාඩාර් තරංග මගින් එම නෞකාව වසන් කිරීමට පියවර ගත් බව ද ජපන් බලධාරීහු කියා සිටියහ. අන්සතු ගුවන් යානයක් වෙත රඩාර් තරංග එල්ල කිරීම, ප්‍රති ප්‍රහාරයකට තරම් ක්‍රියාවක් බව ද ජපානය අනතුරු ඇඟවීය.

 

jet japan

චීන තානාපති කාර්යාලය විසින් ජපන් රජයේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. මිසයිල නාශක ප්‍රහාරක යාත්‍රා තුනක ආරක්ෂාව යටතේ අභ්‍යාසයේ නියැලෙමින් සිටි සිය නෞකාව වෙත, ජපාන ගුවන් යානයක් පැදවීම මගින්, ජපානය සිය ගුවන් ආරක්ෂාව උල්ලංඝනය කළ බව, චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්  කියා සිටී. ඉදිරියේ එවැනි ක්‍රියා සිදු නොකිරීමට ජපානය වග බලා ගත යුතු බවද,  එහි සඳහන්ය.

ජපාන අමාත්‍ය මණ්ඩල ලේකම්, මිනෝරු කිහාරා (Minoru Kihara), එම  චෝදනා ප්‍රතික්ෂේප කර සිටී. ජපන් ප්‍රතිචාරය ඉතා සන්සුන් එහෙත්, දැඩි ස්ථාවරයක් ගනු ඇතැයි, ඔහු අවධාරණය කරයි. ජපන් දේශ සීමා ආසන්නයේ චීන යුද ක්‍රියාකාරකම් පිලිබඳ දැඩි විමසිල්ලෙන් පසු වන බව ද ඔහු කියා සිටී.

ct4564947npජපන් අග්‍රාමාත්‍ය සානේ තකේචි

 

ජපන් අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කරන ලද චීන විරෝධී ප්‍රකාශ හේතුවෙන්, චීන රජය එරට වැසියන්ට ජපානයේ සංචාරයේ නිරත නොවන ලෙස උපදෙස් නිකුත් කළේය. අනතුරට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පිරිපහදු ජලය සයුරට මුදා හැරීමෙන් අනතුරුව තහනම් කර තිබූ මුහුදු ආහාර ආනයනය යළි ඇරඹීමට, චීනය ගෙන තිබු තීරණය ද මේ වන විට, අවලංගු කර ඇත.

චීනය, ප්‍රජාතාන්ත්‍රික පාලනයේ පවතින තායිවානයේ අයිතිය ඉල්ලා සිටී. මෑත කාලීනව ඒ සම්බන්ධයෙන් චීනයේ දැඩි හමුදා සහ දේශපාලන බලපෑම් එල්ල වී තිබේ. චීනයේ අයිතිවාසිකම් ප්‍රකාශ තායිවානය ප්‍රතික්ෂේප කරයි.

ජපානයේ නිරිතදිග ඔකිනාවා කලාපයේ, බටහිරාන්ත දිවයිනේ සිට කි.මී. 110ක් ඔබ්බෙන් තායිවානය පිහිටා තිබේ. එය කලක් ජපාන කොලනියක්ව පැවතියේය. ඔකිනාවා හි දහස් ගණනක එක්සත් ජනපද නාවුක භට පිරිසක් ස්ථාන ගත කර තිබේ.

 

trump china japan

චීනය පිලිබඳ මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් ජපානයට සහාය ලබා දෙන බව එරට එක්සත් ජනපද තානාපති, ජෝර්ජ් ග්ලාස් ( George Glass) කියයි. ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්, එන  වසරේ චීනයේ වෙළඳ සංචාරයක නිරත වීමේ අපේක්ෂාවෙන් පසු වේ. චීන - ජපාන නවතම අර්බුදය සම්බන්ධයෙන් ඔහු මුනිවත සුරකී.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...