BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බටහිර ඉවුරේ ගල් ගැසූ පලස්තීනුවකුට මරණය

T

The Leader Desk

December 8, 2025 • 7:57 AM

බටහිර ඉවුරේ ගල් ගැසූ පලස්තීනුවකුට මරණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඉවුරේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථ වෙත ගල් ගැසූ පලස්තීනුවන් තිදෙනෙක් වෙත ඊයේ (07), ඊශ්‍රායල හමුදා වෙඩි තැබූහ. ගල් ප්‍රහාර එල්ල කළ එක් පලස්තීනුවකු වෙඩි ප්‍රහාර හමුවේ ඝාතනය වූ බව, එම හමුදා පැවසූහ.
  • වෙඩි ප්‍රහාරවලට අමතරව, එක් පලස්තීනුවකු මෙල්ල කර, තවත් අයකු අත්අඩංගුවට ගත්  බව, ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ.
  • එම හමුදා වෙත මෝටර රථයක් පැදවූ තරුණයා 17 වියෙහි පසු වූවකු බවත්, ජීවිතක්ෂයට පත් අනෙක් පුද්ගලයා 55 හැවිරිදි අයකු බවත් වාර්තා වේ.
  •   නගර සභාවේ සේවයේ නියුතු 55 හැවිරිදි වීදි පවිත්‍ර කරන්නකු රාජකාරියේ යෙදී සිටියදී, ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ බව,  පලස්තීන වෆා (WAFA) ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවකු මරණයට පත්ව, තවත් අයෙක්  තුවාළ ලබා ඇතැයි, පලස්තීන රතු අඩසඳ සංවිධානය ද තහවුරු කළේය.

වෙඩි ප්‍රහාරවලට අමතරව, එක් පලස්තීනුවකු මෙල්ල කර, තවත් අයකු අත්අඩංගුවට ගත්  බව, ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ.

ඊට දිනකට පෙර, ඊශ්‍රායල හමුදා වෙත මෝටර් රථයක් ධාවනය කළ තරුණයකු එම හමුදා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය. බටහිර ඉවුරේ හෙබ්‍රන් නගරයේ, හමුදා මුරපොලක් ආසන්නයේ "නිකරුණේ" ගැවසුණු පුද්ගලයකු ද, ඊශ්‍රායල හමුදා වෙඩි තබා ඝාතනය කළහ. එම හමුදා වෙත මෝටර රථයක් පැදවූ තරුණයා 17 වියෙහි පසු වූවකු බවත්, ජීවිතක්ෂයට පත් අනෙක් පුද්ගලයා 55 හැවිරිදි අයකු බවත් වාර්තා වේ.

 



නගර සභාවේ සේවයේ නියුතු 55 හැවිරිදි වීදි පවිත්‍ර කරන්නකු රාජකාරියේ යෙදී සිටියදී, ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ බව,  පලස්තීන වෆා (WAFA) ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේය.

මෙම වසරේ, ඊශ්‍රායලය විසින් අත්පත් කරන ලද බටහිර ඉවුරේ භීෂණකාරී ක්‍රියාවන්හි වර්ධනයක් දක්නට ලැබිණි. පලස්තීනුවන් වෙත ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් එල්ල කළ මරණීය ප්‍රහාර රැසක් එහි වාර්තා විය. බටහිර ඉවුරේ නාගරික කලාප කිහිපයකට ඊශ්‍රායල හමුදා සීමා පැනවූ අතර,  එහි කලාප රැසක් හදිසි සෝදිසි මෙහෙයුම් වලට ලක්  කළහ.

minors

 

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනුව, ඉකුත් ජනවාරි මස සිට මේ දක්වා, බටහිර ඉවුරේ සිදු කළ ඊශ්‍රායල හමුදා වෙඩි තැබීම් වලින් වයස අවුරුදු 18ට අඩු පලස්තීන බාල වයස්කරුවන් 51 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව සිටිති.

පලස්තීනුවන් විසින් ද එහි ඊශ්‍රායල හමුදා සහ සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ අතර, ඉන් ඇතැම් ඒවා, මරණීය ප්‍රහාර විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...