BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා සටන් විරාම දෙවන අදියර ලංවේ

T

The Leader Desk

December 8, 2025 • 11:29 AM

ගාසා සටන් විරාම දෙවන අදියර ලංවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා යුද්ධය අවසන් කිරීමේ එක්සත් ජනපද සැලැස්මේ දෙවන අදියර ආසන්න ව ඇතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (07) පැවසීය.
  • ජෙරුසෙලමට පැමිණි ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මේර්ස් (Friedrich Merz) සමග මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බැව් ප්‍රකාශ කළේය.
  • ගාසා සටන් විරාමයේ දෙවන අදියර සාර්ථක කර ගැනීම පිලිබඳ මෙම මස  අවසන එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි ද, ඔහු කියා සිටියේය.
  • ගාසා තීරයේ හමාස් පාලනය අවසන් කිරීම පිලිබඳ එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් ඊට පෙර, එහි බහු ජාතික සේනාංක ස්ථාපිත කරන්නේද වැනි තවත් ප්‍රධාන කරුණු රැසක් විසඳා ගත යුතුව ඇතැයි ද, හෙතෙම අවධාරණය කළේය.

ජෙරුසෙලමට පැමිණි ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මේර්ස් (Friedrich Merz) සමග මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බැව් ප්‍රකාශ කළේය. ගාසා සටන් විරාමයේ දෙවන අදියර සාර්ථක කර ගැනීම පිලිබඳ මෙම මස  අවසන එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි ද, ඔහු කියා සිටියේය. ගාසා තීරයේ හමාස් පාලනය අවසන් කිරීම පිලිබඳ එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

 

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය, එහි දෙවන මසට අවතීර්ණ වෙමින් පවතී. එය උල්ලංඝනය පිලිබඳ දෙපාර්ශ්වය ම එකිනෙකා වෙත චෝදනා එල්ල කරති.

හමාස් සංවිධානය, සටන් විරාමයට අනුගත වනවා පමණක් නොව, සිය සාමාජිකයන් සියල්ල නිරායුධකරණය සහ ගාසා තීරය යුද මුක්ත කලාපයක් බවට පත් කිරීම කෙරෙහිද කැප වී කටයුතු කළ යුතු බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනපති ට්‍රම්ප්ගේ සටන් විරාම ගිවිසුමේ පළමු අදියර ප්‍රකාරව, ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ 53%ක ප්‍රදේශයක  බලය තහවුරු කර සිටිති. සටන් විරාමය ඇරඹීමත් සමග හමාස් සංවිධානය විසින්, ගාසා  තීරයේ ඉතිරි පෙදෙස්හි සිය පාලනය යළි ස්ථාපිත කරමින් සිටී.

2025 10 06T110634Z 465801893 RC2A6HAVT6RU RTRMADP 3 ISRAEL PALESTINIANS GAZA 2 1024x645

 

සටන් විරාමයේ දෙවන අදියරේදී අන්තර්වාර අධිකාරියක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව බහු ජාතික සේනාංක ලඟා වීමත් සමග ඊශ්‍රායල හමුදා තව දුරටත් පසු බැසීමට නියමිතය. හමාස් සංවිධානය නිරායුධ වීමෙන් පසු ප්‍රතිසංස්කරණ ඇරඹේ.

ඊශ්‍රායලයේ මේ වන විටත්, බහු ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ. සටන් විරාමයේ දෙවන අදියර ආරම්භයට දින නියමයක් නැතත්, ඉතා ඉක්මනින් එය සිදු කිරීමට ගත් ප්‍රයත්න ව්‍යර්ථ ව ඇතැයි, මැදහත් පාර්ශ්ව කියති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...