BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

වසා දැමුණු ජෝර්දාන් දේශ සීමා පිවිසුම යළි විවෘත කෙරේ

T

The Leader Desk

December 10, 2025 • 9:00 AM

වසා දැමුණු ජෝර්දාන් දේශ සීමා පිවිසුම යළි විවෘත කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරය වෙත මානුෂීය ආධාර ප්‍රවාහනය කඩිනම් කිරීමේ අරමුණින් ඊශ්‍රායලය අද (10) ජෝර්දාන දේශ සීමාවේ ඇලෙන්බි පිවිසුම යළි විවෘත කළේය.
  • අද, එම දේශ සීමා පිවිසුම යළි විවෘත කෙරුණද, ඒ ඔස්සේ ඇතුළු වන ජෝර්දාන් රියදුරන් සහ භාණ්ඩ දැඩි පරික්ෂාවට ලක් කෙරෙන බව, ඊශ්‍රායල හමුදා පවසති.
  • එහි රාජකාරි පිණිස සුවිශේෂී හමුදා බලකායක් අනුයුක්ත කර  ඇතැයි ද, ඔවුහු කියති.
  • ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටින බටහිර ඉවුරේ, මිලියන 3කට අධික පලස්තීනුවන් හට, ජෝර්දානයට සහ සෙසු ලෝකය වෙත පිවිසීමට ඇති එකම ද්වාරය ද එය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


 ආධාර රැගෙන ප්‍රවාහනය කෙරෙමින් තිබූ ට්‍රක් රථ රියදුරකු විසින් සිදුකළ වෙඩි තැබීමකින්, ඊශ්‍රායල හමුදා භටයින් දෙදෙනකු ඝාතනය වීමත් සමග, ඉකුත්  සැප්තැම්බරයේ සිට, භාණ්ඩ සහ ආධාර ප්‍රවාහනයට ඇලෙන්බි පිවිසුම වසා දැමීමට එම හමුදා පියවර ගත්හ. ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් එම රියදුරා ද ජීවිතක්ෂයට පත් විය.

අද, එම දේශ සීමා පිවිසුම යළි විවෘත කෙරුණද, ඒ ඔස්සේ ඇතුළු වන ජෝර්දාන් රියදුරන් සහ භාණ්ඩ දැඩි පරික්ෂාවට ලක් කෙරෙන බව, ඊශ්‍රායල හමුදා පවසති. එහි රාජකාරි පිණිස සුවිශේෂී හමුදා බලකායක් අනුයුක්ත කර  ඇතැයි ද, ඔවුහු කියති.

85ec7ab0 99ea 11f0 928c 71dbb8619e94.jpg

 ජෝර්දානය සහ ඊශ්‍රායලය  අතර භාණ්ඩ ප්‍රවාහනයට ඇලෙන්බි පාලම වෙසෙස් දායකත්වයක් සපයයි. ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටින බටහිර ඉවුරේ, මිලියන 3කට අධික පලස්තීනුවන් හට, ජෝර්දානයට සහ සෙසු ලෝකය වෙත පිවිසීමට ඇති එකම ද්වාරය ද එය වේ.

ට්‍රක් රථ රියදුරකු විසින් සිදු කළ වෙඩි තැබීමෙන් වසා දැමීමට තීරණය කළ එම දේශ සීමා පාලම,  අනතුරුව මගී ප්‍රවාහනය උදෙසා යළි විවෘත කෙරිණි.  එහෙත්, ආධාර ට්‍රක් රථ සඳහා එය තහනම් විය. ගාසා තීරය වෙත  අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය,  කූඩාරම් සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනයට එය අතිශය තීරණාත්මක පිවිසුම් මගක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...