BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා ළමුන් දහස් ගණනක් තවමත් උග්‍ර මන්දපෝෂණයේ

T

The Leader Desk

December 10, 2025 • 10:37 AM

ගාසා ළමුන් දහස් ගණනක් තවමත් උග්‍ර මන්දපෝෂණයේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා සටන් විරාමය ඇරඹීමෙන් පසු, තවමත් එහි උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දහස් සංඛ්‍යාත ළමුන් පිරිසක් ප්‍රතිකාර පිණිස යොමු කර ඇතැයි, එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය ඊයේ (09) නිවේදනය කළේය.
  • ඔක්තෝබර මස පමණක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 9,300ක් වෙත අවශ්‍ය ප්‍රතිකාර සිදු කළ බව එය පවසයි.
  •   එම සංඛ්‍යාව, පසු ගිය අගෝස්තුවේ පැවති 14,000 ක අගයට වඩා සාපේක්ෂ අඩුවීමක් බව එම සංවිධානය කියයි.
  • කෙසේ වෙතත්, එය පසු ගිය පෙබරවාරි - මාර්තු පැවති අගයට වඩා වැඩි බව ද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ගාසා තීරයේ ළමා මන්දපෝෂණ ප්‍රතිකාර ලබා දීමේ විශාලතම මෙහෙවර යුනිසෙෆ් සංවිධානය විසින් සිදු කෙරේ. ඔක්තෝබර මස පමණක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 9,300ක් වෙත අවශ්‍ය ප්‍රතිකාර සිදු කළ බව එය පවසයි.  

එම සංඛ්‍යාව, පසු ගිය අගෝස්තුවේ පැවති 14,000 ක අගයට වඩා සාපේක්ෂ අඩුවීමක් බව එම සංවිධානය කියයි.

කෙසේ වෙතත්, එය පසු ගිය පෙබරවාරි - මාර්තු පැවති අගයට වඩා වැඩි බව ද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි. ගාසා තීරය වෙත තවමත් ප්‍රමාණවත් ආධාර ගලා නොඑන බව, එම සංවිධානය කියා සිටී.

children gasa

එහි උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාවේ තැති ගන්නාසුළු වර්ධනයක් ඇතැයි, එහි සිටින යුනිසෙෆ් ප්‍රකාශිකා, ටෙස් ඉංග්‍රම් (Tess Ingram), වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජිනීවා මාධ්‍ය හමුවක් අමතා කියා සියා සිටියාය.

"ප්‍රතිකාර පිණිස ඇතුළත්  කෙරෙන ළමුන් සංඛ්‍යාව පෙබරවාරියට සාපේක්ෂව පස් ගුණයකින් වැඩි වී තිබෙනවා. එම සංඛ්‍යාව සීග්‍රයෙන් පහත හෙලීම අපේ අපේක්ෂාවයි," ඇය පවසයි.  

ගාසා තීරයේ රෝහල්හි කි.ග්‍රෑ. 1ට අඩු බර දරු උපත් වර්ධනය ව පවතී. අලුත උපන් දරුවන් ආයාසයෙන් හුස්ම ගනිමින් ජීවිතය යදින බව, ඉංග්‍රම් එම මාධ්‍ය හමුවේ පැවසීය.

ඔක්තෝබර 10 සටන් විරාමයට පෙර යුනිසෙෆ් මගින්  රැගෙන ආ ආධාර ප්‍රමාණයට වැඩි තොග මේ වන විට එමගින් ගාසා තීරය වෙත ප්‍රවාහනය කෙරේ. එහෙත්, විටින් විට ඊට තවමත් බාධා එල්ල වේ.

 

ප්‍රමාණවත් තරම් අත්‍යවශ්‍ය ආධාර ප්‍රවාහනය පහසු කිරීම පිණිස, දැනට වසා ඇති ගාසා ප්‍රවේශ මාර්ග සියල්ල වහා විවෘත කරන ලෙස ඉල්ලා සිටින බව ඉංග්‍රම් කියා සිටී. ගාසා තීරයට ප්‍රමාණවත් වෙළඳ සැපයුම් සිදු නොවන බවද ඇය පෙන්වා දෙයි. මස් කිලෝවක මිල ඇමෙරිකානු ඩොලර් 20ක තරම්, තහනම් ඉහළ අගයක පවතින බව ද ඇය කියයි.  

ගාසා පවුල් බහුතරයකට එවන් මිලදී ගැනීමේ හැකියාවක් නොමැති වීම මන්දපෝෂණයට ප්‍රධාන හේතුවක් බව, ඇය අවධාරණය කරයි.

ගාසා තීරයේ අඩ මිලියනයකට අධික පිරිසක් උග්‍ර සාගතයෙන් පෙලෙන බව, ඉකුත් අගෝස්තු මස සිදු කළ එක්සත් ජාතීන්ගේ සමීක්ෂණයකදී අනාවරණය විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...