BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජපානය වට කර චීන - රුසියා යුද අභ්‍යාස

T

The Leader Desk

December 10, 2025 • 12:49 PM

ජපානය වට කර චීන - රුසියා යුද අභ්‍යාස 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානය අවට ගුවන් කලාපය ආවරණය කරමින් ඊයේ (09) රුසියාව සහ චීනය ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වූහ.
  • ගමනාන්ත මුහුදු සීමාවේදී චීන H-6 බෝම්බ ප්‍රහාරක යානා ද ඊට එක්වූහ.
  • එතැන් සිට දෙපාර්ශ්වයේ ප්‍රහාරක යානා පැසිෆික් සාගරයේ දිගු දුර ඒකාබද්ධ පියා සැරියක් සිදු කළහ.  චීනයට අයත් J-16 ප්‍රහාරක ජෙට් යානා හතරක් ද එම අභ්‍යාසයට සහභාගී වූහ.
  • එම දිවයින් අතර පිහිටි මියාකෝ සන්ධිය ජාත්‍යන්තර කලාපයක් ලෙස සැලකේ.    ඊයේ, ජපන් මුහුදට ඉහළ අහසේ ඒ හා සමාන රුසියානු ගුවන් අභ්‍යාස ද දක්නට විය.
අකුරු ප්‍රමාණය (Font Size):

න්‍යෂ්ටික ශක්තියෙන් බල ගැන්වෙන රුසියානු Tu-95 බෝම්බ ප්‍රහාරක ජෙට් යානා දෙකක්, ජපන් මුහුදේ සිට නැගෙනහිර චීන මුහුදු කලාපය වෙත හීයේ වේගය පරයා පියාසර කළේය. ගමනාන්ත මුහුදු සීමාවේදී චීන H-6 බෝම්බ ප්‍රහාරක යානා ද ඊට එක්වූහ. එතැන් සිට දෙපාර්ශ්වයේ ප්‍රහාරක යානා පැසිෆික් සාගරයේ දිගු දුර ඒකාබද්ධ පියා සැරියක් සිදු කළහ. 

චීනයට අයත් J-16 ප්‍රහාරක ජෙට් යානා හතරක් ද එම අභ්‍යාසයට සහභාගී වූහ. එම යානා ජපානයේ ඔකිනාවා සහ මියාකෝ දිවයින් වටා පියාසැරියේ යෙදුණහ. එම දිවයින් අතර පිහිටි මියාකෝ සන්ධිය ජාත්‍යන්තර කලාපයක් ලෙස සැලකේ. 

 

japan seaa72924


ඊයේ, ජපන් මුහුදට ඉහළ අහසේ ඒ හා සමාන රුසියානු ගුවන් අභ්‍යාස ද දක්නට විය. ඊට පූර්ව අනතුරු ඇඟවීමේ  A-50 යානයක් සහ  Su-30 ප්‍රහාරක ජෙට් යානා දෙකක් ද එක්  වූහ. 

ජපාන ආරක්ෂක ජෙට් යානා මගින් එම අභ්‍යාස සමීප නිරීක්ෂණයේ යෙදුණු බව, එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය. 

තෝකියෝ - බෙයිජිංග් සබඳතා තවදුරටත් සීග්‍රයෙන් බිඳ වැටෙමින් පවතී

චීන -රුසියා ඒකාබද්ධ  ගුවන් අභ්‍යාස ප්‍රත්‍යක්ෂ ලෙසම සිය දේශයට එරෙහි ශක්ති සංදර්ශනයක් බව, ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි (Shinjiro Koizumi) එක්ස් (X) පණිවුඩයකින් කියා සිටියේය. එය ජාපනයේ ජාතික ආරක්ෂාවට ඉමහත් තර්ජනයක් බවද ඔහු සඳහන් කළේය. සමස්ත කාලය තුළ, ජපාන ප්‍රහාරක යානා දැඩි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ බව, ඔහු පැවසීය. 

චීන - රුසියා ඒකාබද්ධ ගුවන් අභ්‍යාස, පුරා පැය අටක කාලයක් අඛණ්ඩව පැවති බව රුසියානු මාධ්‍ය වාර්තා කළේය. රුසියානු යානා හතක් සහ චීන යානා දෙකක් සිය ගුවන් ආරක්ෂක කලාපයට ඇතුළු වූ බව, දකුණු කොරියාව ද ඊයේ ප්‍රකාශ කළේය. 

ප්‍රහාරක යානා රැගෙන යන චීන නාවුක හමුදා යාත්‍රාවකින් ගුවනට නැගි යානයක් පිලිබඳ සෝදිසියට පිටත් කළ, සිය නිරීක්ෂණ යානයක් වෙත, එම චීන ප්‍රහාරක යානය, රාඩර් කිරණ එල්ල කළ බව ඉරිදා (06) ජපානය චෝදනා කළේය. චීනය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. 

චීනය විසින් සිදු කෙරෙන, තායිවානයට එරෙහි ඕනෑම සන්නද්ධ ක්‍රියාමාර්ගයකට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ජපානය සතු බව, එරට අග්‍රාමාත්‍ය, සානේ තකෙයිචි පසු ගිය මස අනතුරු ඇඟවූවාය. තායිවානයට එරෙහි චීන හමුදා ක්‍රියාන්විත, ජපානයේ ආරක්ෂාවට සෘජු තර්ජනයක් බව, ඇය අවධාරණය කළාය. 

ජපානය අවට චීන හමුදා අභ්‍යාස ආරම්භ කෙරුණේ ජපන් අග්‍රාමාත්‍යවරියගේ එම ප්‍රකාශයෙන් අනතුරුවය. 

 

japan china
චීන රජය  එරට වැසියන්ට ජපානයේ සංචාරයේ නිරත නොවන ලෙස ද උපදෙස් නිකුත් කළේය. අනතුරට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පිරිපහදු ජලය සයුරට මුදා හැරීමෙන් අනතුරුව තහනම් කර තිබූ ජපාන මුහුදු ආහාර නිෂ්පාදන ආනයනය යළි ඇරඹීමට, චීනය ගෙන තිබු තීරණය ද මේ වන විට, අවලංගු කර තිබේ. 

චීනය සහ රුසියාව, දෙරට අතර ඒකාබද්ධ හමුදා සහයෝගිතාව තර කරමින් සිටිති. මෑත කාලීනව, රුසියාව ආසන්නයේ, දෙරට හමුදා, මිසයිල නාශක යුද හරඹ දැක්වූහ. ඔවුහු දකුණු චීන මුහුදේ සජීව නාවුක යුද අභ්‍යාසවලද නිරත වූහ. 

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...