BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා තීරයේ ළදරු ආහාර ටොන් ගණනක් හමාස් සොරකම් කරලා

T

The Leader Desk

December 11, 2025 • 11:55 AM

ගාසා තීරයේ ළදරු ආහාර ටොන්  ගණනක් හමාස් සොරකම් කරලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ බෙදාහැරීමට ලද ළදරු ආහාර සහ පෝෂණ අතිරේක ටොන් ගණනක් හමාස් සංවිධානය විසින් සොරකම් කර ගබඩාවක සැඟවීමට කටයුතු කළ බව අනාවරණය වේ.
  • එමගින්, ඊශ්‍රායලය ලෝකාපවාදයට ලක් කිරීම ඔවුන්ගේ අරමුණ බව, එකසත් ජනපදයේ වෙසෙන හමාස් විරෝධී ක්‍රියාකරුවකු වන අහ්මෙඩ් ෆුවාර්ඩ් අල්ඛටිබ් (Ahmed Fouad Alkhatib) පවසයි.
  • එමගින් ගාසා තීරයේ පවතින සාගතය, අතිශය දරුණු තත්ත්වයක් තෙක් වර්ධනය කර, එහි වගකීම ඊශ්‍රායලය වෙත පැවරීම හමාස් සංවිධානයේ අරමුණ වී ඇත.
  •   ඉකුත් සය මස තුළ ගාසා ආහාර අර්බුදය උග්‍ර අතට පත් අවස්ථාවේ, හමාස් සංවිධානය, බාහිරින් ලද ළදරු ආහාර සහ පෝෂණ අතිරේක ටොන් ගණනක් ගාසා සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ගබඩාවෙක රහසිගත ලෙස  සැඟවූ බව, අල්ඛටිබ් එක්ස් (X) සටහනක් තබමින් කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගාසා වැසියන් හාමතේ තබා, එහි දරුණු සාගතයක් පවතින බව, හුවා දැක්වීම පිණිස එම අමානුෂික ක්‍රියාව සිදු කර තිබේ. එමගින්, ඊශ්‍රායලය ලෝකාපවාදයට ලක් කිරීම ඔවුන්ගේ අරමුණ බව, එකසත් ජනපදයේ වෙසෙන හමාස් විරෝධී ක්‍රියාකරුවකු වන අහ්මෙඩ් ෆුවාර්ඩ් අල්ඛටිබ් (Ahmed Fouad Alkhatib) පවසයි.

ft567gghertercdf

ළදරුවන් සහ කුඩා දරුවන් වෙත බෙදාහැරීම පිණිස ගාසා තීරය වෙත ප්‍රවාහනය කළ ආහාර තොග එසේ පැහැර ගැනීමට ලක් කර තිබේ. එමගින් ගාසා තීරයේ පවතින සාගතය, අතිශය දරුණු තත්ත්වයක් තෙක් වර්ධනය කර, එහි වගකීම ඊශ්‍රායලය වෙත පැවරීම හමාස් සංවිධානයේ අරමුණ වී ඇත. එම ආහාර තොග සැඟවීම පිලිබඳ වීඩියෝ දර්ශන අල්ඛටිබ් විසින් සමාජ මාධ්‍යයේ මුදා හැරීමට කටයුතු කර තිබේ.

gazapq98f3y0934

 

ඉකුත් සය මස තුළ ගාසා ආහාර අර්බුදය උග්‍ර අතට පත් අවස්ථාවේ, හමාස් සංවිධානය, බාහිරින් ලද ළදරු ආහාර සහ පෝෂණ අතිරේක ටොන් ගණනක් ගාසා සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ගබඩාවෙක රහසිගත ලෙස  සැඟවූ බව, අල්ඛටිබ් එක්ස් (X) සටහනක් තබමින් කියා සිටියේය. ගාසා තීරයේ සාගතය තීව්‍ර කර, එහි ඊශ්‍රායල බලපෑම අක්‍රීය කොට, මතභේදයට තුඩු දී ඇති ගාසා  මානුෂීය පදනමෙන් (GHF) පරිබාහිරව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යලි සක්‍රීය කිරීමට බල කිරීම ඔවුන්ගේ අරමුණ බව, ඔහු සඳහන් කරයි.

ගාසා තීරයේ මීට පෙර ඇරඹි තාවකාලික සටන් විරාමය ඉකුත් මාර්තු මස බිඳී ගියේය. ඒ සමග ඊශ්‍රායලය ගාසා තීරය වෙත මානුෂීය ආධාර ප්‍රවාහනය අත්හිටුවීය. ඉන් පසු එළැඹි මාස කිහිපයේ ගාසා තීරයේ සාගතය, ලොව තැති ගැන්මට ලක් කළේය. එක්සත් ජනපදය ඊට සෘජුව මැදිහත්වෙමින් ගාසා තීරයේ අත්‍යවශ්‍ය ආහාර  බෙදා හැරීමේ කටයුතු පිණිස,  ගාසා  මානුෂීය පදනම පිහිටුවීය. එහෙත්, එම බෙදා හැරීමේ මධ්‍යස්ථාන අශ්‍රිතව දෛනික වෙඩි තැබීම් වාර්තා වීමත් සමග, එහි මෙහෙයුම් මතභේදාත්මක තත්ත්වයකට පත්විණි. එම මධ්‍යස්ථාන කරා නොයන ලෙස, හමාස් සංවිධානය පලස්තීන ජනතාවට ඉඳුරා කියා සිටියේය.

 



ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා පලවා හැරීමට, හමාස් සංවිධානය සාගතයෙන් පෙලෙන ජනතාව මානව පලිහක් කර ඇතැයි, අල්ඛටිබ් මුලින්ම චෝදනා කළේ එම අවස්ථාවේදීය. ඔහු සාමය සහ ද්වී-රාජ්‍ය විසඳුමක් උදෙසා උපදේශනයේ නියැලේ. ගාසා තීරයේ විනාශය සහ මිනිස් මරණ සම්බන්ධයෙන් එම සංවිධානය වග කිව යුතු බව, ඔහු අවධාරණය කර සිටී.

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත හේතුවෙන් සාගතයක් හටගත් බවට චෝදනා ඊශ්‍රායල රජය ප්‍රතික්ෂේප කරයි. එහෙත්, හමාස් සංවිධානය, ඒ වෙත පැමිණෙන ආධාර, ට්‍රක් රථ පිටින් සොරකමේ යෙදෙන බව, රජය චෝදනා කරයි. හමාස් සේම, ආධාර සොරකමේ යෙදෙන තවත් කණ්ඩායම් ද ගාසා තීරයේ ක්‍රියාත්මක බව එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාලය සඳහන් කරයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

Hamas ‘hoarded baby milk to manufacture hunger crisis’

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...