BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

හමාස් ජ්‍යෙෂ්ඨ කොමාන්ඩෝ නායකයකු ඝාතනය කෙරේ

T

The Leader Desk

December 15, 2025 • 8:01 AM

හමාස් ජ්‍යෙෂ්ඨ කොමාන්ඩෝ නායකයකු ඝාතනය කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා විසින් හමාස් ජ්‍යෙෂ්ඨ කොමාන්ඩෝ නිලධාරියකු වූ රයෙඩ් සයෙඩ් (Raed Saed) ඝාතනය කර තිබේ.
  • ඉකුත් සෙනසුරාදා (13) මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල හමුදා තැබූ වෙඩි පහරකින් ඔහු ජීවිතක්ෂයට පත් විය.
  • එදින ඊශ්‍රායල හමුදා ඉලක්ක කර හමාස් සිදු කළ පිපිරීමකට ප්‍රතිචාර වශයෙන් එම ඝාතනය සිදු කළ බව, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය, ඉශ්‍රයෙල් කැට්ස් විශේෂ ඒකාබද්ධ නිවේදනයකින් කියා සිටියහ.
  • එම මෝටර් රථය ඉලක්ක කර ඊශ්‍රායල හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනකුවත්  ජීවිතක්ෂයට පත්ව, 25 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි, ගාසා සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු, 2023 ඔක්තෝබර 7 දා ඊශ්‍රායලයේ සිදු කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ මුල් පෙළ ත්‍රස්තයකු බවට අනුමාන කෙරේ. ඉකුත් සෙනසුරාදා (13) මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල හමුදා තැබූ වෙඩි පහරකින් ඔහු ජීවිතක්ෂයට පත් විය.

ඉකුත් ඔක්තෝබරයේ ගාසා සටන් විරාමය ඇරඹි තැන් සිට ඊශ්‍රායලය විසින් ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියකු වෙඩි තබා ඝාතනය කළ පළමු අවස්ථාව මෙය වේ.

read

එදින ඊශ්‍රායල හමුදා ඉලක්ක කර හමාස් සිදු කළ පිපිරීමකට ප්‍රතිචාර වශයෙන් එම ඝාතනය සිදු කළ බව, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය, ඉශ්‍රයෙල් කැට්ස් විශේෂ ඒකාබද්ධ නිවේදනයකින් කියා සිටියහ. එම පිපිරීමෙන් ඊශ්‍රායල භටයින් දෙදෙනෙක් තුවාල ලැබූහ.

එම මෝටර් රථය ඉලක්ක කර ඊශ්‍රායල හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනකුවත්  ජීවිතක්ෂයට පත්ව, 25 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි, ගාසා සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. මිය ගිය පිරිස අතර සයෙඩ් ද වූ බව ඔවුන් විසින් සනාථ කර තිබේ.

 

raed46
මිය ගිය ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියා එම සංවිධානයේ ගිනි අවි නිෂ්පාදන ජාලය ස්ථාපිත කර ව්‍යාප්ත කිරීමට පුරෝගාමී ක්‍රියාන්විතයක  නිරත වූවකු බව, ඊශ්‍රායල හමුදා පැවසූහ. සටන් විරාමය ඇතුළත පවා ඔහු එම ක්‍රියාවන්හි නිරත වෙමින්, එය උල්ලංඝනය කිරෙමට කටයුතු කර තිබේ. ඔහු, හමාස් සන්නද්ධ අංශයේ දෙවන ජ්‍යෙෂ්ඨ කොමාන්ඩෝ නිලධාරියා බව එම සංවිධානය ද තහවුරු කළේය. ඔහු හමාස් සංවිධානයේ ගාසා නාගරික ප්‍රහාර බලකා ප්‍රධානියා ලෙස කටයුතු  කළේය.

ඊශ්‍රායල හමුදා විසින් ඔහු ඝාතනය කිරීම, සටන් විරාමය උල්ලංඝනය කරන්නකැයි හමාස් සංවිධානය පවසයි. ඊට ප්‍රතිචාර දක්වන්නේද, නැද්ද යන්න පිලිබඳ ඔවුන් මෙතෙක් කිසිත් ප්‍රකාශ කර නැත.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...