BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'බොන්ඩි ප්‍රහාරය මුස්ලිම් රාජ්‍ය සංකල්පයේ මූලධර්මවාදී ත්‍රස්ත ක්‍රියාවක්' - ඕස්ට්‍රේලියා පොලිසිය

T

The Leader Desk

December 16, 2025 • 11:55 AM

'බොන්ඩි ප්‍රහාරය මුස්ලිම් රාජ්‍ය සංකල්පයේ මූලධර්මවාදී ත්‍රස්ත ක්‍රියාවක්' - ඕස්ට්‍රේලියා පොලිසිය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ වෙඩි තැබීම සිදු කළ ඝාතකයන් ඊට පෙර, ෆිලිපීනයේ සංචාරයක යෙදී පැමිණ ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
  • ඝාතකයන් දෙදෙනා ඉස්ලාමීය රාජ්‍යයක්  පිලිබඳ මූලධර්මවාදී ප්‍රතිපත්තියක සිට එම ඝාතන කළ බවට අනුමාන කරන බව, පොලිසිය සඳහන් කරයි.
  •     ඝාතකයන් පසුගිය මාසයේ ෆිලිපිනයේ සංචාරයක  ප්‍රහාරයට පෙර, පසු ගිය මස ඔවුන් දෙදෙනා ෆිලිපීනයේ සංචාරයක නිරතව ඇත.
  • ෆිලිපීන පොලිසිය මගින් ද ඒ පිලිබඳ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක ය.  මූලධර්මවාදී ඉස්ලාමීය රාජ්‍යයක් පිලිබඳ ජාල ෆිලිපීනය තුළ ද ක්‍රියාත්මක බවට තොරතුරු පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊශ්‍රායල ජාතිකයින් පිරිසක් විසින් පවත්වන ලද හනුක්කා සැමරුමක් ඉලක්ක කර පිය - පුතු දෙපළක් විසින් සිදු කළ එම ප්‍රහාරයෙන් එක් ප්‍රහාරකයකු ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඝාතකයන් දෙදෙනා ඉස්ලාමීය රාජ්‍යයක්  පිලිබඳ මූලධර්මවාදී ප්‍රතිපත්තියක සිට එම ඝාතන කළ බවට අනුමාන කරන බව, පොලිසිය සඳහන් කරයි.

 

 
ඝාතකයන් පසුගිය මාසයේ ෆිලිපිනයේ සංචාරයක 

ප්‍රහාරයට පෙර, පසු ගිය මස ඔවුන් දෙදෙනා ෆිලිපීනයේ සංචාරයක නිරතව ඇත. ඊට හේතු සොයා විමර්ශන ආරම්භ කර තිබේ. ෆිලිපීන පොලිසිය මගින් ද ඒ පිලිබඳ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක ය. 

මූලධර්මවාදී ඉස්ලාමීය රාජ්‍යයක් පිලිබඳ ජාල ෆිලිපීනය තුළ ද ක්‍රියාත්මක බවට තොරතුරු පවතී. දකුණු ෆිලිපීනයේ මින්දනාවෝ අශ්‍රිතව එහි යම් බලපෑම් ක්‍රියාත්මක ය. එම තත්ත්වයන් අඩපන කිරීමට මෑතකාලීනව රජය පියවර ගනිමින් සිටී. 2017 වසරේ මින්දනාවෝ හි මරාවි නගරයේ මුස්ලිම් අන්තවාදීන් සොයා විශාල වැටලීමක් ද සිදු කෙරිණි.

 

bondi 3

බොන්ඩි ප්‍රහාරය, මුස්ලිම් රාජ්‍යයක් පිලිබඳ අන්තවාදී සංකල්පයක පිහිටා සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහායක් බව ඒ පිලිබඳ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි, ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිස් කොමසාරිස් ක්‍රිසී බැරෙට් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. එය, හුදු ආගමික අන්තවාදයෙන් ඔබ්බට ගිය, ත්‍රස්ත සංවිධානයක මෙහෙයවීම මත සිදු කරන ලද්දක් බව, ඔහු සඳහන් කළේය.  

පිය - පුතු දෙපළ විසින් සිදු කරන ලද එම ප්‍රහාරයේදී, පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි පහරකින් පියා ජීවිතක්ෂයට පත් විය. තුවාළ ලද පුත්‍රයා වැඩි දුර ප්‍රතිකාර පිණිස රෝහල් ගත කර තිබේ. පුත්‍ර ප්‍රහාරකයාගේ නමට ලියා පදිංචි කර තිබූ ඔවුන් පැමිණි මෝටර රථයේ පුපුරන ද්‍රව්‍ය සවි කර තිබූ බවට ද තොරතුරු අනාවරණය විය.  එහි ගෘහස්තව සකසන ලද අයිසිස් කොඩි දෙකක් වූ බව ද පොලිසිය කියයි. 

 



සිඩ්නි නගරයේ බොන්ඩි වෙරළ, ඉමහත් දෙස් විදෙස් ආකර්ෂණයක් හිමි සංචාරක කලාපයකි. ඉරිදා එහි පැමිණ සිටි  සිය ගණනක සංචාරකයින් ඉලක්ක කර පිය - පුතු ප්‍රහාරකයෝ 'දිගට හරහට' වෙඩි තැබූහ. එම වෙඩි ප්‍රහාරය මිනිත්තු 10කට ආසන්න කාලයක් ක්‍රියාත්මක විය. බියට පත් සියල්ලෝ හිස් ලූ ලූ අත දිව ගියහ. 

පුත්‍ර ප්‍රහාරකයා සිඩ්නි නුවර ආසන්න දුම්රිය ස්ථාන සමීපයේ ඉස්ලාම් යාඥාවේ යෙදෙමින් සිටි අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද නිකුත් වී තිබේ. ඕස්ට්‍රේලියාවේ උපත ලද ඔහු, හිංසන ක්‍රියාවන්ට සහ භීෂණයට පෙළඹීමට තුඩු දුන් කරුණු සොයා ද පරීක්ෂණ ක්‍රියාත්මකය. 

 

Emergency workers transport a person on a stretcher after a reported shooting at Bondi Beach in Sydney, Sunday, Dec. 14, 2025. (AP Photo/Mark Baker)
ප්‍රහාරයට ගොදුරු වූ 25 දෙනෙක් තවමත් සිඩ්නි නුවර රෝහල් කිහිපයක ප්‍රතිකාර ගනිමින්  සිටිති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

Bondi gunmen were inspired by Islamic State, had travelled to the Philippines, Australia police say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...