BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා යුද චෝදනා බැහැර කරන ලෙස ඊශ්‍රායලයේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

T

The Leader Desk

December 16, 2025 • 12:18 PM

ගාසා යුද චෝදනා බැහැර කරන ලෙස ඊශ්‍රායලයේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා යුද්ධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන නවතන ලෙසට ඊශ්‍රායලය සිදු කළ නෛතික අභියෝගයක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභියාචනා විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රතික්ෂේප කෙරේ.
  • අවතැන් කූඩාරම් රැසක් ජල ගැලීම් වලට හසු ව ඇත.
  • අයහපත් කාලගුණික තත්ත්වයට නිරාවරණයව ගාසා පුද්ගල මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යමින් පවතී.  සමස්ත ගාසා ජනගහනයම මේ වන විට අවතැන් ව සිටිති.
  • ගාසා තීරය වෙත ගලා එන  ආධාර ප්‍රමාණවත් පරිදි ඒ වෙත ලඟා නොවන බව, ජාත්‍යන්තර මානුෂීය සංවිධාන පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):


2023, ඔක්තෝබර 7 ඊශ්‍රායලයේ සිදු කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඇරඹි ගාසා යුද්ධය පිලිබඳ විමර්ශන සම්බන්ධයෙන් පහළ අධිකරණයක් විසින් ලබා දුන් තීන්දුවක් අවලංගු කරන ලෙස ඉල්ලා, ඊශ්‍රායලය කළ ඉල්ලීමක් එසේ ප්‍රතික්ෂේප කර තිබේ. 

 

F251110YS220 1200x802

ඒ  අනුව, ගාසා ජන සංහාරය පිලිබඳ ඊශ්‍රායලයට එරෙහි විමර්ශන මෙන්ම අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ හිටපු ආරක්ෂක අමාත්‍ය, යෝව් ගැලන්ට් අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අධිකරණය විසින් නිකුත් කළ නියෝග තවදුරටත් ක්‍රියාත්මක ය. 

මේ අතර විනාශයට පත් ගාසා තීරයට මේ වන විට ඇද හැළෙන ධාරාණිපාත වැසි හේතුවෙන් යුද්ධයෙන් හානියට පත් ගොඩනැගිලි ඇද වැටීමට ඉඩ ඇතැයි, බලධාරීන් විසින් අනතුරු අඟවා තිබේ. පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, සුන් බුන් යට සිරවූ පුද්ගල මළ සිරුරු සොයා සිදු කෙරෙන මෙහෙයුම් ද අඩපණව තිබේ. 

 

thumbs b c df40c9459c3e04e990b90c2077f2c4c8
සිකුරාදා (12), අර්ධ හානියට පත් ගොඩනැගිලි දෙකක් දැඩි කුණාටු අතර ඇද වැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. අවතැන් කූඩාරම් රැසක් ජල ගැලීම් වලට හසු ව ඇත. අයහපත් කාලගුණික තත්ත්වයට නිරාවරණයව ගාසා පුද්ගල මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යමින් පවතී. 

සමස්ත ගාසා ජනගහනයම මේ වන විට අවතැන් ව සිටිති. ගාසා තීරය වෙත ගලා එන  ආධාර ප්‍රමාණවත් පරිදි ඒ වෙත ලඟා නොවන බව, ජාත්‍යන්තර මානුෂීය සංවිධාන පවසති. එම ආධාර තොග හමාස් සංවිධානය විසින් පැහැර ගන්නා බවට ද චෝදනා පවතී. 

අවතැන් පලස්තීනුවන්ට කූඩාරම් වෙනුවට ජංගම නිවාස සහ ලැගුම් පහසුකම් සහිත කැරැවෑන් රථ ලබා දෙන ලෙස ගාසා සිවිල් ආරක්ෂක ප්‍රකාශක, මහමුද් බසාල් (Mahmoud Basal) ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් විශේෂ ඉල්ලීමක් සිදු කළේය. අද දවසේ ගාසා වාසීන් නිසි ආරක්ෂාව නොලදහොත්, යුද්ධයෙන් හානි වූ ගොඩනැගිලි තුළ පුද්ගල මරණ තව දුරටත් ඉහළ යාම නොවැලැක්විය හැකි යැයි ඔහු පැවසීය. 

thumbs b c 348c48baa78ebec5c253bf43382e5b33

 

ගාසා තීරයේ අවතැන් පවුල් තව දුරටත් අනතුරට පත්වීම වලකාලීමට නම්, ප්‍රමාදයකින් තොරව ඒ වෙත වැඩි දුර ආධාර ලඟා වීමට අවස්ථා සැලසිය යුතු බව, එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ ප්‍රධානී ඊයේ (15) ප්‍රකාශ කළේය. 

බයිරන් සුළි කුණාටුව සමග එන මහ වැසි සහිත දරුණු කාලගුණ තත්ත්වයෙන් ගාසා වාසීන් ශීතයෙන් ගල්ගැසී මරණයට පත් වෙමින් ඇතැයි, එම සංවිධානයේ මහ කොමසාරිස් ෆිලිප් ලසාරිනි, එක්ස් (X) සටහනක සඳහන් කළේය. 

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...