BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බොන්ඩි ප්‍රහාරයෙන් මියගිය අයගේ අවසන් කටයුතු ඇරඹේ

T

The Leader Desk

December 17, 2025 • 8:59 AM

බොන්ඩි ප්‍රහාරයෙන් මියගිය අයගේ අවසන් කටයුතු ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශක තුනක අවෑමෙන් ඕස්ට්‍රේලියාවේ සිදු වූ අති බිහිසුණු මිනිස් සංහාරයෙන් අනතුරුව, එරට ගිනි අවි සහ අරගල සම්බන්ධ නෛතික ප්‍රතිපාදන පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කෙරේ.
  • ඊට අදාළ කෙටුම්පත් එන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රධානී අද (17) කියා සිටියේය.
  • පිය-පුතු ප්‍රහාරකයින් දෙපළක් විසින් ඉරිදා (13) සිඩ්නි නුවර බොන්ඩි වෙරළේ හනුක්කා යුදෙව් සැමරුමක් ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනකු ඝාතනය කෙරිණි.
  •  මූලික විමර්ශනයන්හිදීම අන්තවාදීන් ලෙස හඳුනාගත් ප්‍රහාරකයින් අතට එවැනි ප්‍රබල ගිනි අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් ද ජනතාව කෝපයට පත්ව සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ උදෙසා නව හදිසි අණ  පනත් සම්මත කිරීමට නියමිතය. ඊට අදාළ කෙටුම්පත් එන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රධානී අද (17) කියා සිටියේය.

පිය-පුතු ප්‍රහාරකයින් දෙපළක් විසින් ඉරිදා (13) සිඩ්නි නුවර බොන්ඩි වෙරළේ හනුක්කා යුදෙව් සැමරුමක් ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනකු ඝාතනය කෙරිණි. පොලිස් වෙඩි පහරින් පිය ප්‍රහාරකයා ද ජීවිතක්ෂයට පත් විය. ප්‍රහාරයත් සමග ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී සහ අන්තවාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙතැයි, ජනතාව තැති ගෙන සිටිති.

bondip983

 

ප්‍රහාරයෙන් මිය ගිය යුදෙව්වන්ගේ අවසන් කටයුතු අද ආරම්භ විය.  මූලික විමර්ශනයන්හිදීම අන්තවාදීන් ලෙස හඳුනාගත් ප්‍රහාරකයින් අතට එවැනි ප්‍රබල ගිනි අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් ද ජනතාව කෝපයට පත්ව සිටිති.

හදිසි ප්‍රතිසංස්කරණ සම්මත කිරීම පිණිස පාර්ලිමේන්තුව මෙම මස 22 දා යළි රැස්වේ.  

එක් පුද්ගලයකු සන්තකයේ තබා ගත හැකි උපරිම බලපත්‍රලාභී ගිනි අවි සංඛ්‍යාව සහ ඇතැම් ප්‍රබල ගිනි අවි නිකුත් කිරීම සීමා කිරීම පිලිබඳ එහිදී තීරණය කෙරේ. එමෙන්ම, භීෂණ ක්‍රියාවන්ගෙන් පසු හටගත හැකි වීදි උද්ඝෝෂණ වැළක්වීමේ නව නීති ද සම්මත කෙරේ. සමාජය තුළ අනිසි උද්වේගයන් පාලනය එහි අරමුණයි.

bondi 3

 

බොන්ඩි වෙඩි තැබීම සිදු කළ 24 හැවිරිදි පුත්‍ර ප්‍රහාරකයා පොලිස් වෙඩි පහරින් බරපතල තුවාළ ලබා රෝහල් ගත කෙරිණි. කෝමා  තත්ත්වයේ පසු වූ ඔහුට ඊයේ මධ්‍යහ්නය වන විට සිහි එළඹි  බව රෝහල් බලධාරීහු පැවසූහ. ඔහු දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ ප්‍රතිකාරයේ  පසුවේ.

පැය  කිහිපයකින් ඔහුට එරෙහි චෝදනා ගොනු කරන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්  පැවසීය. එහෙත්, ඔහුගෙන් ප්‍රශ්න කිරීම වෛද්‍ය ප්‍රතිකාර පිලිබඳ නිර්දේශ  යටතේ සිදු කෙරෙනු ඇත. ප්‍රහාරය, ත්‍රස්තවාදී ක්‍රියාවක් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

 

bondi9487p
එම ත්‍රස්ත වෙඩි පහරින් මැටිල්ඩා නම්, වයස අවුරුදු 10ක දැරියක් ද ජීවිතක්ෂයට පත් වූවාය. ඇය සිය දෙමාපියන් සමග යුක්‍රේනයේ සිට එහි පැමිණ තිබිණි. ඇගේ දෙමාපියන්ට, වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට හැකි විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :
Alleged Bondi gunman charged with 15 murders as funerals of victims begin

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...