BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

සම්බාධක පැනවූ නෞකා වෙනිසියුලාවට ඇතුළුවීම හා පිටවීම තහනම්

T

The Leader Desk

December 17, 2025 • 10:35 AM

සම්බාධක පැනවූ නෞකා වෙනිසියුලාවට ඇතුළුවීම හා පිටවීම තහනම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද සම්බාධක පැනවූ සියලු ඉන්ධන ප්‍රවාහන නෞකා, වෙනිසියුලාවට ඇතුළු වීම සහ ඉන් පිටවීම තහනම් කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (16) විශේෂ නියෝග නිකුත් කළේය.
  • ඇතැම් විට, වෙරළාරක්ෂක බලකාය මගින් ඉකුත් සතියේ මෙන්, ඒවා අත්හිටුවීමට පියවර ගැනෙනු ඇත.
  • "එබැවින්  සම්බාධක පැනවූ සියලු තෙල් නැව්, වෙනිසියුලාවට ප්‍රවේශ වීම සහ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට අද දින  මම නියෝග කරමි," යි ඔහු එහි වැඩි දුරටත්  සඳහන් කළේය.
  •   ජනපති ට්‍රම්ප්ගේ "විකෘති චෝදනා" ප්‍රතික්ෂේප කරන බව, වෙනිසියුලා රජය පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


සම්බාධක හේතුවෙන්, වෙනිසියුලා ජනපති නිකොලස් මදුරෝ ගේ රජය මහත් පීඩාවට පත්ව තිබේ.  ඉන්ධන අපනයනය එරට ප්‍රධාන ආදායම් මාර්ගය වේ.

සම්බාධක පනවන ලද ඉන්ධන නෞකා සම්බන්ධයෙන් එක්සත් ජනපද ඉදිරි ක්‍රියාමාර්ගය මෙතෙක් අනාවරණය කර නැත. ඇතැම් විට, වෙරළාරක්ෂක බලකාය මගින් ඉකුත් සතියේ මෙන්, ඒවා අත්හිටුවීමට පියවර ගැනෙනු ඇත. දහස් සංඛ්‍යාත එක්සත් ජනපද හමුදා, යුද නෞකා සහ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ද කලාපය වෙත පිටත් කර යවා තිබේ.

"අපට අයත් දේපල පැහැර ගැනීම,  ත්‍රස්තවාදය, නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස්  ජාවාරම සහ තවත් එවැනි කරුණු ගණනාවක් සම්බන්ධයෙන්, වෙනිසියුලා රාජ්‍යය, විදෙස් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරනවා", යි,  ජනපති ට්‍රම්ප්, ටෘත් () සමාජ ජාලයේ සටහන් තැබීය.

"එබැවින්  සම්බාධක පැනවූ සියලු තෙල් නැව්, වෙනිසියුලාවට ප්‍රවේශ වීම සහ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට අද දින  මම නියෝග කරමි," යි ඔහු එහි වැඩි දුරටත්  සඳහන් කළේය.

 

vendn874
ජනපති ට්‍රම්ප්ගේ "විකෘති චෝදනා" ප්‍රතික්ෂේප කරන බව, වෙනිසියුලා රජය පැවසීය.

අද (17) ආසියානු වෙළඳපොළ තෙල් මිල 1%කට  වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.

ජනපති ට්‍රම්ප්ගේ නිවේදනයෙන් අනතුරුව, ආසියානු වෙළඳපොළ එක්සත් ජනපද බොර තෙල්  මිල 1% කින් එනම්, ඇමෙරිකානු ඩොලර් 55.96 තෙක් ඉහළ ගියේය. වෙනිසියුලා තෙල් අපනයනයන්ට බාධා කිරීමත්  සමග තෙල් මිල ශීග්‍රයෙන්  ඉහළ යමින් පවතී. ජනපති ට්‍රම්ප්ගේ නියෝග, සම්බාධක නොලත් නෞකා කෙරෙහිද ක්‍රියාත්මක වන්නේද යන්න පිලිබඳ ලෝක ඉන්ධන වෙළඳපොළ විමසිල්ලෙන් පසුවේ.

එක්සත් ජනපද නියෝග කිසිදු ප්‍රශ්න කිරීමකින් තොර යුද කැඳවුමක් බව ටෙක්සාස් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත,  ජෝකින් කස්ත්‍රෝ අවධාරණය කළේය. එය කොන්ග්‍රසය විසින් කිසි සේත් අනුමත නොකළ, එක්සත් ජනපද ජනතා අභිලාෂයෙන් තොර නියෝගයක්  බව ද ඔහු සඳහන් කළේය.

එම සම්බාධක සහ නෞකා අත්අඩංගුවට ගැනීමත් සමග වෙනිසියුලා බොර තෙල් අපනයනය තීව්‍ර ලෙස පහළ ගියේය. මෙම සතියේ එරට පරිපාලන පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක් වීමෙන් තත්ත්වය තවත් උග්‍ර අතට හැරී තිබේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

Trump orders 'blockade' of sanctioned oil tankers leaving, entering Venezuela

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...