BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ගාසා මානුෂීය මෙහෙයුම් අනතුරේ' - එ.ජා. කණ්ඩායම්

T

The Leader Desk

December 18, 2025 • 9:14 AM

'ගාසා මානුෂීය මෙහෙයුම් අනතුරේ' - එ.ජා. කණ්ඩායම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැඩි ඊශ්‍රායල මැදිහත්වීම් ලිහිල් නොකෙරෙන්නේ නම්, ගාසා ඇතුළු පලස්තීන කලාපයේ මානුෂීය මෙහෙයුම් තවදුරටත් අඩපණ වීම නොවැලැක්විය හැකි බව, එක්සත් ජාතීන්ගේ ආධාර කණ්ඩායම් ඊයේ (17) දන්වා සිටියහ. ආධාර බෙදා හැරීම තුළ ක්‍රියාත්මක විනිවිද භාවයෙන් තොර, විවාදාත්මක සේම උග්‍ර දේශපාලනීකරණයට යටත් ලියාපදිංචි ක්‍රියාවලිය හේතුවෙන් ගාසා මානුෂීය මෙහෙයුම් කඩාකප්පල් වී ඇතැයි, ඔවුහු චෝදනා කරති.
  • ඒ අනුව, දින 60ක් තුළ ඔවුන් සිය මෙහෙයුම් අවසන් කළ යුතුව ඇතැයි, ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් 200කට අධික  සංඛ්‍යාවක් ඒකාබද්ධ නිවේදනයක් මගින් කියා සිටිති.
  • ඒවා යළි ලියාපදිංචි විය යුතු බවට දන්වා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ආධාර කණ්ඩායම් රැසක ලියාපදිංචිය මෙම මස 31 දාතමින් අවසන් වීමට නියමිතය. ඒ අනුව, දින 60ක් තුළ ඔවුන් සිය මෙහෙයුම් අවසන් කළ යුතුව ඇතැයි, ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් 200කට අධික  සංඛ්‍යාවක් ඒකාබද්ධ නිවේදනයක් මගින් කියා සිටිති. ඉන් පසු, ඔවුන්ට තව දුරටත් එහි අත්‍යවශ්‍ය සහ මූලික සේවා සිදු කිරීමේ බලය හිමි නොවේ.

 

මේ වන විට, ගාසා තීරයේ ක්ෂේත්‍ර රෝහල්, ප්‍රථමික සුව සේවා මධ්‍යස්ථාන, හදිසි නිවාස අවශ්‍යතා පිලිබඳ  ප්‍රතිචාර, ජල හා සනීපාරක්ෂක සේවා, දරුණු මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් උදෙසා ස්ථාපිත පෝෂණ මධ්‍යස්ථාන මෙන්ම, බෝම්බ සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය සේවා බහුතරය ක්‍රියාත්මක වන්නේ එම ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් හි සහායෙනි.

බොහෝ ආධාර කණ්ඩායම් පසු  ගිය මාර්තු මස  හඳුන්වා දෙන ලද ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි ව  සිටිති. ඒවා යළි ලියාපදිංචි විය යුතු බවට දන්වා තිබේ. එම   ක්‍රමවේදයන්  දැඩි විවාදාත්මක ය.  ඒ හේතුවෙන්, අත්‍යවශ්‍ය ආහාර, වෛද්‍ය උපකරණ, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ තාවකාලික  සෙවණ ආධාරක වැනි ඇමෙරිකානු ඩොලර් මිලියන  ගණනක භාණ්ඩ ගාසා වාසීන් වෙත බෙදා හැරීමට නොහැකිව පවතී.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...