BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තායිවානයට එක්සත් ජනපදයෙන් විශාල අවි තොගයක්

T

The Leader Desk

December 18, 2025 • 10:13 AM

තායිවානයට එක්සත් ජනපදයෙන් විශාල අවි තොගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය ඊයේ (17) තායිවානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 11.1 ක අවි ගනුදෙනු අනුමත කළේය. තායිවානය මෙතෙක් ලද විශාලතම එක්සත් ජනපද අවි පැකේජය මෙය වේ. දිවයින වෙත දිනෙන් දින වර්ධනය වන චීනයේ බලපෑම හමුවේ මෙම අවි ගනුදෙනුව සිදු කෙරේ.
  • එරට ස්වෛරී භාවය පිලිබඳ චීනයට හිමිකම් නැතැයි, තායිවානය පවසයි.
  • හිමාර්ස් (HIMARS) රොකට් පද්ධති, කාලතුවක්කු, ජැවලින් (Javelin ) යුද ටැංකි නාශක මිසයිල, ඩ්‍රෝන යානා පද්ධති සහ තවත් උපකරණ ඊට ඇතුළත් ය.
  •   එරට ස්වාරක්ෂක පද්ධතිය තර කිරීමට එක්සත් ජනපද සහාය හිමි වන බව, තායිවාන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් මගින් කියා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනපති ට්‍රම්ප්ගේ වත්මන් ධුර කාලය තුළ තායිවානය වෙත අවි  අලෙවි කෙරෙන දෙවන අවස්ථාව මෙය වේ. තායිවානය වෙත චීනයේ හමුදා සහ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම උග්‍ර අතට හැරෙමින් පවතී. එරට ස්වෛරී භාවය පිලිබඳ චීනයට හිමිකම් නැතැයි, තායිවානය පවසයි.

වර්ගීකරණ අටක් යටතේ යෝජිත අවි ගනුදෙනු සිදු කෙරේ. හිමාර්ස් (HIMARS) රොකට් පද්ධති, කාලතුවක්කු, ජැවලින් (Javelin ) යුද ටැංකි නාශක මිසයිල, ඩ්‍රෝන යානා පද්ධති සහ තවත් උපකරණ ඊට ඇතුළත් ය.

 

එරට ස්වාරක්ෂක පද්ධතිය තර කිරීමට එක්සත් ජනපද සහාය හිමි වන බව, තායිවාන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් මගින් කියා සිටී. එය කලාපීය ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට මනා පිටිවහලක් බව එහි සඳහන්ය.  

එක්සත් ජනපද අනුමැතිය හිමි අවි ගනුදෙනු කෙටුම්පත මේ වන විට, තායිවාන කොන්ග්‍රසය හමුවට ඉදිරිපත් කර තිබේ. ඊට පක්ෂ රැසක සහාය හිමි වේ.

තායිවානයේ ආරක්ෂක හමුදා නවීකරණය කිරීම යටතේ විශ්වාසදායී ස්වාරක්ෂාව තහවුරු කිරීම පිණිස එම අවි ගනුදෙනු සිදු කෙරෙන බව, පෙන්ටගනය පවසයි. එක්සත් ජනපද ජාතික, ආර්ථික සහ ආරක්ෂක අභිලාශය පරිදි තායිවානයට එම සහාය  හිමි වේ.

 

t98234 
තායිවානය, එරට ආරක්ෂක ප්‍රතිසංස්කරණ වර්ධනය පිණිස අඛණ්ඩ වැඩපිළිවෙළක නිරතව සිටින බව, එරට ජනපති කාර්යාල ප්‍රකාශක කැරෙන් කුඕ (Karen Kuo) පවසයි.

එක්සත් ජනපද - තායිවාන අවි ගනුදෙනුව සම්බන්ධයෙන් චීනය විසින් දැඩි විරෝධය පළ කර තිබේ. එය තායිවාන සමුද්‍ර සන්ධියේ ස්ථාවරත්වය උල්ලංඝනය කරමින්, කලාපීය සාමයට එල්ල කළ දැඩි බලපෑමක් බව චීනය කියයි.

තායිවාන විදේශ අමාත්‍ය ලින් චියාලුඞ් (Lin Chia-lung) පසු ගිය සතියේ හොර රහසේම වොෂින්ටනයේ සංචාරයක නිරත විය. එහිදී ඔහු එක්සත් ජනපද නිලධාරීන් හමුවීමෙන් අනතුරුව, දෙරට අතර නවතම අවි ගනුදෙනු පිලිබඳ නිවේදනය කෙරිණි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

US approves $11.1 billion arms package for Taiwan, largest ever

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...