BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉතාලියේ ශීත ඔලිම්පික් තරග භූමිය අසල ඇල්පයින් කඳු බෑවුමේ ඩයිනෝසර් පා සටහන්

T

The Leader Desk

December 18, 2025 • 12:12 PM

ඉතාලියේ ශීත ඔලිම්පික් තරග භූමිය අසල ඇල්පයින් කඳු බෑවුමේ ඩයිනෝසර් පා සටහන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන වසරේ ඉතාලියේ ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල (Winter Olympics) පැවැත්වෙන ස්ථානය අසල ප්‍රපාතාකාර ඇල්පයින් පර්වත මුහුණතේ සලකුණු වී ඇති ඩයිනෝසර් පා සටහන් දහස් ගණනක් සොයා ගෙන තිබෙනවා.
  • මේ සොයා ගැනීම වසර මිලියන 210ක් තරම් පැරණි යුගයේ, ලොව අනගිතම ස්ථානවලින් එකක් බව ඔවුන් පවසනවා.
  •   මේ සමහර පා සටහන් සෙන්ටිමීටර් 40ක් පමණ පළල් වන අතර ඒවා 2026 ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එක් භූමියක් වන බිම් මට්ටමෙන් උස් ප්‍රමාණයක පිහිටි Valle di Fraele ප්‍රදේශයේ කිලෝමීටර් පහක් පමණ ඈතට විහිදී තිබෙනවා.
  •   කඳු බෑවුමක තිරස් පිහිටීමක සිට සිරස් පිහිටීමකට වෙනස්ව තිබුනු ගල් වූ ඩයිනෝසර් පා සටහන් සැප්තැම්බරයේදී වනජීවී ඡායාරූප ශිල්පියෙකුගේ ඇස ගැසී තිබෙන්නේ ඔහු මුවන් හා ගිජු ලිහිණියන් හඹා යමින් සිටියදී බව පැවසෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මුහුදු මට්ටමෙන් මීටර් 2,000කට වඩා ඉහළින් පිහිටි ස්ටෙල්වියෝ ජාතික උද්‍යානයේ (Stelvio National Park) සිරස් අතට ආසන්න පර්වත මුහුණතේ තිබුණු මේ පා සටහන් සොයා ගෙන තිබෙන්නේ ඉතාලි ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින්. මේ සොයා ගැනීම වසර මිලියන 210ක් තරම් පැරණි යුගයේ, ලොව අනගිතම ස්ථානවලින් එකක් බව ඔවුන් පවසනවා.

ddp958tyfff

 

මේ සමහර පා සටහන් සෙන්ටිමීටර් 40ක් පමණ පළල් වන අතර ඒවා 2026 ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එක් භූමියක් වන බිම් මට්ටමෙන් උස් ප්‍රමාණයක පිහිටි Valle di Fraele ප්‍රදේශයේ කිලෝමීටර් පහක් පමණ ඈතට විහිදී තිබෙනවා.

මීට වසර මිලියන 210කට වැඩි කාලයකට පෙර මේ ප්‍රදේශය ඩයිනෝසර් සත්වයන් වෙරළ දිගේ නිදැල්ලේ සැරිසරමින් උන්ගේ අඩිපාරවල් ජලය අසල මඩේ ඉතිරි කර යාමට හැකි උණුසුම් කලපුවක්ව තිබුනු යුගයකදී, ප්‍රොසෝරොපොඩ්ස් වර්ගයේ ඩයිනෝසර් රංචුවක් මේ පා සටහන් ඉතිරි කර තිබෙන බවට විශේෂඥයින් විශ්වාස කරනවා.

 

කඳු බෑවුමක තිරස් පිහිටීමක සිට සිරස් පිහිටීමකට වෙනස්ව තිබුනු ගල් වූ ඩයිනෝසර් පා සටහන් සැප්තැම්බරයේදී වනජීවී ඡායාරූප ශිල්පියෙකුගේ ඇස ගැසී තිබෙන්නේ ඔහු මුවන් හා ගිජු ලිහිණියන් හඹා යමින් සිටියදී බව පැවසෙනවා.

 

di9824r

හුදෙකලාවූ පෙදෙස්වල අනපේක්ෂිත හා මාහැඟි ත්‍යාගයක් ස්වභාවික විද්‍යාව විසින් 2026 ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ලබා දී ඇතැයි ඉතාලියේ මිලාන් නගරය සහ කෝටිනා විවේක නිකේතනය සමව සත්කාරකත්වය දක්වන 2026 හිම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවේ සභාපති ජියෝවන්නි මලාගෝ පවසනවා.

මේ ප්‍රදේශයට පයින් යා නොහැකි බැවින් එය අධ්‍යයනය කිරීම සඳහා ඩ්‍රෝන හා දුරස්ථ පාලකයෙන් ක්‍රියා කරන සංවේදිතා තාක්ෂණය භාවිතා කිරීමට සිදුවනවා.

 

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...