BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එක්සත් ජනපද හමුදා සිරියාවේ අයිසිස් ඉලක්ක සොයා පහර දෙති

T

The Leader Desk

December 20, 2025 • 10:06 AM

එක්සත් ජනපද හමුදා සිරියාවේ අයිසිස් ඉලක්ක සොයා පහර දෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරියාවේ අයිසිස් ඉලක්ක වෙත එක්සත් ජනපද හමුදා ඊයේ (19) දැවැන්ත ප්‍රහාර එල්ල කළහ. එක්සත් ජනපද නිලධාරීන් ඉලක්ක කර සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස එම ප්‍රති ප්‍රහාර දියත් කෙරිණි.
  • ඉකුත් සති අන්තයේ  සිරියවේදී එක්සත් ජනපද නිලධාරීන් වෙත සැක  කටයුතු අයිසිස් ප්‍රහාරයක් එල්ල වීමත් සමග ඊට ප්‍රතිචාර දක්වන බව, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
  •   එය යුද්ධයේ ආරම්භය නොව පළිගැනීමක් බව, එක්සත් ජනපද ආරක්ෂක ලේකම්, පීට් හෙග්සෙත් පැවසීය.
  • එම ප්‍රහාර සඳහා සිරියානු රජයේ පූර්ණ අනුග්‍රහය ලද බව, ජනපති ට්‍රම්ප් කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එක්සත් ජනපද හමුදා නායකත්වයෙන් යුත් සන්ධාන හමුදාවක් විසින් පසු  ගිය මාස කිහිපය ඔස්සේම සිරියාවේ ගුවන් සහ භූමි ප්‍රහාර මෙහෙයුම් සිදු කර තිබේ. ඊට සිරියානු ආරක්ෂක අංශවලද සහාය හිමි විය.

ඉකුත් සති අන්තයේ  සිරියවේදී එක්සත් ජනපද නිලධාරීන් වෙත සැක  කටයුතු අයිසිස් ප්‍රහාරයක් එල්ල වීමත් සමග ඊට ප්‍රතිචාර දක්වන බව, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

ඒ අනුව, සිරියාවේ අයිසිස් සංවිධාන සාමාජිකයින්, යටිතල පහසුකම් සහ ආයුධ සංචිත ඉලක්ක කර ඊයේ එක්සත් ජනපද ප්‍රහාර එල්ල කෙරිණි. එම මෙහෙයුම,  "උකුසු ඇස පහර" නම් විය. 

8d0678914519ef80aaaa4ac08ad69fc0
එය යුද්ධයේ ආරම්භය නොව පළිගැනීමක් බව, එක්සත් ජනපද ආරක්ෂක ලේකම්, පීට් හෙග්සෙත් පැවසීය.

එම ප්‍රහාර සඳහා සිරියානු රජයේ පූර්ණ අනුග්‍රහය ලද බව, ජනපති ට්‍රම්ප් කියා සිටියේය. අයිසිස්  සංවිධානය වෙත අතිශය බිහිසුණු  ප්‍රහාර එල්ල කරන බව ද ඔහු පැවසීය.

මධ්‍යම සිරියාවේ හඳුනා ගත්  ඉලක්ක 70කට ආසන්න සංඛ්‍යවක් වෙත එම ප්‍රහාර එල්ල කෙරිණි. ජෝර්දාන් ප්‍රහාරක යානා ද ඊට එක් වූහ.

U.S. F-15 සහ  A-10 ප්‍රහාරක ජෙට් යානා, අපාචේ හෙලිකොප්ටර සහ හිමාර්ස් රොකට්  පද්ධති ද එම මෙහෙයුමට එක් කෙරිණි.

 

images 5

අද (20) උදෑසන මධ්‍යම සිරියාවේ පැල්මයිරා නගරයේ දී එක්සත් ජනපද හමුදා භටයින් දෙදෙනෙක්  සහ පරිවර්තකක්, හමුදා රථ පෙළක් ඉලක්ක කළ ත්‍රස්ත වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූහ. හමුදා වෙඩි පහරින් ප්‍රහාරකයා  ඝාතනය කෙරිණි. ප්‍රහාරයෙන්, එක්සත් ජනපද හමුදා භටයින් තිදෙනෙක් ද තුවාළ ලැබූහ. ප්‍රහාරකයා, ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදින අයිසිස් හිතවාදී ආරක්ෂක හමුදා සාමාජිකයකු බවට සැක කෙරේ.  

එක්සත් ජනපද භටයින් 1000කට අධික පිරිසක්, සිරියාවේ රැඳී සිටිති.

වසර 13ක සිවිල් යුද්ධයකින් අනතුරුව ඉකුත් වසරේ,  ජනපති බෂාර් අල් අසාද් ගේ රජය බිඳ දැමූ හිටපු සටන් කරුවන් විසින් සිරියාව පාලනය  කෙරේ. අයිසිස් සංවිධානයෙන් බිඳුණු හිටපු අල් ඛයිඩා සාමාජිකයින් පිරිසක් ද ඊට එක්ව සිටිති.

 

EMPIQCRINJIITFT7SSRJAPKGLQ
අයිසිස් සංවිධානයේ නායකත්වයෙන් සටන්  කෙරෙන මුස්ලිම් රාජ්‍යයකට එරෙහිව වත්මන් සිරියාව එක්සත්  ජනපදය ප්‍රමුඛ සන්ධානයට සහාය පල කර සිටී.  වත්මන් ජනපති අහ්මෙඩ් අල්-ෂරා (  Ahmed al-Sharaa) පසුගිය මස, ධවල මන්දිරයේදී ජනපති ට්‍රම්ප් හමුවීමෙන් අනතුරුව, ඒ පිලිබඳ ගිවිසුමකට ද අත්සන් තැබිණි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

US hits ISIS in Syria with large retaliatory strikes, officials say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...