එරට නීගතා (Niigata) පළාතේ පිහිටි ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය යළි ක්‍රියාත්මක කිරීමට එහි ආණ්ඩුකාර හිදෙයෝ හනසුමී (Hideyo Hanazumi) පසුගිය මස 21 දා අනුමැතිය ලබා දුන්නේය. 2011 ෆුකුෂිමා විපතින් පසු ජපානයේ න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති මහත්සේ අඩාල විය.
කෂිවසාකි-කරීවා (Kashiwazaki-Kariwa) නම් මෙම බලාගාරය තෝකියෝ නුවරට වයඹ දෙසින් කි.මී.220ක දුරින් පිහිටා තිබේ. 2011 වසරේ ජපානයට බලපෑ අතිශය දරුණු සුනාමි ව්‍යසනයෙන් ෆුකුෂිමා දයිචී බලාගාරයද විනාශයට පත් විය. එහිදී වසා දැමුණු ප්‍රතික්‍රියක 54 අතරට කෂිවසාකි-කරීවා බලාගාරය ද අයත්ය.

ෆුකුෂිමා බලාගාරයේ වසා දැමුණු ප්‍රතික්‍රියක 54න්, විනාශ නොවී ශේෂ වූ, ප්‍රතික්‍රියක 33න් 14ක් යළි ක්‍රියාත්මක කිරීමට ජපානය මීට පෙර පියවර ගත්තේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Japan prepares to restart world's biggest nuclear plant, 15 years after Fukushima




